ඉතිරිකිරීමේ බැංකු සේවකයෝ උද්ඝෝෂණයක තම වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සේවක පිරිසක් අද(22) දහවල් බොරැල්ල ජාතික ඉතිරිකිරීමේ බැංකු පරිශ්‍රය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වූහ. 22 January 2019
කෝටි 100 ක හෙරොයින් සමඟ 5 ක් අත්අඩංගුවට රුපියල් කෝටි සීයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු, ඇෆ්ගනිස්ථානු ජාතිකයන් දෙදෙනෙකු සහ කෝටිපති ව්‍යාපාරිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන ඇත. 22 January 2019
බ්‍රිග්‍රේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයයේ පසුගිය වසරේ නිදහස් දින උළලේදී එල්.ටී.ටී.ඊ හිතවාදීන්ට ගෙල සිඳ දමන අකාරය දනවන අභිනයක් කළ බවට එවකට එහි ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරමින් සිට බි්රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරු කළ එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තුවක් නිකුත් කර ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 22 January 2019
දකුණු අධිවේගී මාර්ගයේ මීදුම් තත්ත්වයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (22) උදෑසන දැඩි මීදුම් සහිත තත්ත්වයක් පැවතිණ. වැලිපැන්න පිවිසුමේ සිට දොඩන්දූව ප්‍රදේශය දක්වා මෙම තත්ත්වය පැවති බව වාර්තා විය. 22 January 2019
මිලිමීටර් 9 ගිනිඅවි බලපත් නිකුත් කිරීම අත්හිටුවයි මිලිමීටර් 9 ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් නව බලපත්‍ර නිකුත් කිරීම ජනවාරි 23 වැනිදා සිට සිදුකරන බවත් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය. 22 January 2019
ගෝඨා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුව සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට පැමිණ තිබේ. 22 January 2019
තරුණයන් 11ක් පැහැරගත් නාවික හමුදාවේ පිරිසකට ළඟදීම නඩු කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව ඉදිරි සති දෙක තුළ මහාධිකරණය හමුවේ කෙළින්ම නඩු පැවරීමට නීතිපතිවරයාගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. 21 January 2019
විභාග පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය පුළුල් කරන්න ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ජාතික විභාග පිළිතුරුපත්‍ර නැවත සමීක්ෂණ ක්‍රියාවලිය පුළුල් කරන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ. 21 January 2019
මරණ දණ්ඩන ලිපිගොනු අතුරුදන් - ජනපති මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයින්ගේ මරණීය දණ්ඩය නියම කිරීම සඳහා අත්සන් කළයුතු ලිපිගොනු අතුරුදහන් වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (21) පැවසීය. 21 January 2019
විගඩ සණස බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 8 ට රටින් පිටවීම තහනම් විගඩ සණස බැංකුවේ තැන්පත්කොට තිබූ රුපියල් ලක්ෂ 3687ක මුදලක් අස්ථාන ගත වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධව රහස් පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බැලූ අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද (21) එම සමිතියේ සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික සමාජිකාවන් අට දෙනෙකුට විදේශගත වීම තහනම් කිරීමට නියෝග කළාය. 21 January 2019
රණවිරුවන් සහ මිනීමරුවන් අතර වෙනස ආරක්ෂක ලේකම් පහදයි ‘‘යුද්ධයට සම්බන්ධ වෙලා ගමට ඇවිත් මිනී මැරුවොත් එයා රණවිරුවෙක් නෙමෙයි මිනීමරුවෙක්. එවැනි මිනීමරුවන් අධිකරණයට ගෙනත් උපරිම දඬුවම් දෙන්න ඕනෑ‘‘ යැයි අරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද පැවසීය. 21 January 2019
තලේබාන් ප්‍රහාරයකින් ඇෆ්ගන් සෙබළු 100ක් මරුට ඇෆ්ගනිස්තානයේ මයිදාන් වර්දාක් පළාතේ පිහිටි හමුදා කඳවුරකට තලේබාන් සංවිධානය එල්ල කරන ලද ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙක් අද (21) පස්වරුවේ පැවැසීය. 21 January 2019
උතුරේ අක්කර 1201ක් මුල් පදිංචිකරුවන්ට හමුදාව උතුරු පළාතේ පරිහරණය කර නිදහස් කළ රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් ප්‍රමාණයක් අද (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ප්රදානය කළේය. 21 January 2019
විද්‍යාපීඨවලට එකවර 8000ක් බඳවාගන්න යයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල මත අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා එකවර ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 21 January 2019
උමාඔය නඩුව අප්‍රේල් 03 දක්වා කල් යයි උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් ජනතාවට රජය විසින් ලබාදීමට එකඟ වූ සහන කඩිනමින් ලබාදෙන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය බදුල්ල ඌව පළාත්බද මහාධිකරණයේ පවරන ලද නඩුව අද (21) යළි විභාගයට ගත් මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා එම නඩුව යළි අප්‍රේල් මස 03 වැනිදා තෙක් කල් තැබීය. 21 January 2019
රටවල් 4 කට නව කොන්සල්වරු රටවල් හතරක් සඳහා නව ශ්‍රී ලංකා කොන්සල්වරුන් සිව් දෙනෙකු රජය විසින් පත් කරනු ලැබ ඇත. 21 January 2019
ටෙලිකොම් ආයතනයට අතුරු නියෝගයක් තරුණ නව නිපැයුම්කරුවෙකු නිර්මාණය කර පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට බාර දුන් අධි වෝල්ටීයතාවයෙන් සහ අකුණු සැර වලින් ආරක්ෂා කිරීමේ සංහෘත පරිපථයක අඩංගු තොරතුරු කිසිවක් හෙළි නොකරන ලෙස හෝ එම තොරතුරු උපයෝගී කිරීම වළකාලමින් වාණිජ මහාධිකරණ විනිසුරු ඇම්.අශාන් ආර් .මරිකාර් මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අද (21) අතුරු නියෝගයක් නිකුත් කළේය. 21 January 2019
මංගල පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් හමුවෙයි නිල සංචාරයක් සඳහා එක්සත් රාජධානියට ගොස් සිටින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉකුත් දා (18) ලන්ඩන් නුවරදී පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඞ් මහත්මිය හමුවිය. 21 January 2019
පළාත් සභා මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න’යි ඉල්ලයි පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය. 21 January 2019
නවකවදයට එරෙහිවූ සිසුන්ට පහරදුන් ජ්‍යෙෂ්ඨයෝ 14ක් රිමාන්ඩ් වයඹ සරසවියේ නවක වදයට එරෙහිවූ නවක සිසුන් තිදෙනකුට පහරදුන්නේයැයි සැකපිට එම සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් 14 දෙනකු ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය නියෝග කළාය. 21 January 2019
ත්‍රීරෝද රථ නියාමනයට වෙනම අධිකාරියක් ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 21 January 2019
මිනිස් ජාවාරම් කළොත් ඒජන්සිය සදා තහනම් විදේශ රැකියා සදහා ශ්‍රී ලාංකිකයන් යවන මුවාවෙන් මිනිස් ජාවාරමේ යෙදී අසුවී තහනමට ලක්කරන ලියාපදිංචි විදේශ රැකියා ඒජන්සිවල තහනම යළිත් කිසිදු අවස්ථාවක ඉවත් නොකිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන ඇත. 21 January 2019
පාසල් දරුවෙකු අපහරණය කළැයි රුසියානු ජාතිකයෙක් රිමාන්ඩ් හත් හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවෙක් නිත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද රුසියානු ජාතිකයෙකු 28 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (21) නියෝග කළාය. 21 January 2019
කල්මුණේ මූලික රෝහල් 6යි - මාතර දිස්ත්‍රික්කයටම මූලික රෝහල් 2යි රටේ ජනගහනයට සමානුපාතික ලෙස රෝගී සත්කාර සේවා ලබාදීම සඳහා රටපුරා විවිධ ප්‍රදේශවල රෝහල් ස්ථාපිත වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. 21 January 2019
ඇවන්ඩ්ගාඩ් සභාපතිට එරෙහි නඩුව කල් යයි ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව ලබන පෙබරවාරී 28 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට අද (21) නියම කළේය. 21 January 2019
අත්අඩංගුවට ගත් ට්‍රෝලර් 9 ක් යළි ඉන්දියාවට ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 09 ක් යළි එරටට භාර දුන් බව නාවික හමුදාව පවසයි. 21 January 2019
පොලිස් පොතක් අනුන්ට දීලා වැඩ වරද්දා ගනී දික්වැල්ල පොලිසියේ පාලන අංශයේ තිබූ මුදල් කුවිතාන්සි පොත හා මුද්‍රිත පොලිස් නිශ්කාෂණ වාර්තා පෝරම 20ක් වෙනත් පුද්ගලයින්ට ලබාදිම සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසියේ පාලන අංශයේ කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට ගෙන එහි තවත් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කරතිබේ. 21 January 2019
වැලිගම වෙඩි තැබීමකින් පුද්ගලයකුට තුවාල වැලිගම පොල්වත්ත පාලම ආසන්නයේ දී අද (21) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති බව මාතර පොලිසිය කියයි. 21 January 2019
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රතික්ෂේප කරන බව ටෙලෝ සංවිධානය කියයි දෙමළ ජනතාවගේ ජාතික ගැටළුවට පිළිගත හැකි විසදුමක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙන් යෝජනා කර නොමැති බවත් මේ හේතුවෙන් එම ව්‍යවස්ථා කෙටුම්පත ප්‍රතික්ෂේප කරන බවත් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානය අවධාරණය කර සිටීයි. 21 January 2019
බැසිල්ට එරෙහි ලිත් නඩුව කල් යයි ජනාධිපතිවරණ පනතට පටහැනි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කල බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන මාර්තු 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (21) නියම කළේය. 21 January 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026