ප්‍රසන්නට ඇප නොදෙයි:යළි රිමාන්ඩ් රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වටිනා කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධයෙන් දෑනට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනාට අපෙක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය එම සැකකරුවන් තිදෙනා ලබන 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි නියෝග කළාය. 14 July 2025
රජය පොරොන්දු එකින් එක කඩ කරනවා මැතිවරණ පොරොන්දු එකින් එක කඩ කර ඇති රජයට ජනජීවිතය සුරක්ෂා කිරීම වෙනුවට ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 14 July 2025
මහපොළ ලොතරැයියකිනුත් කෝටි 75ක් වතුරේ මහපොළ භාරකාර අරමුදල 2023 වසරේදී කොන්ත්‍රාත් පදනම මත වසර දෙකක කාල සීමාවකට නිලධාරීන් පත් කිරීම සහ මාර්ග ගත ලොතරැයියක් සඳහා තෝරාගත් ලොතරැයිකරු ඉන් ඉවත්වීම හේතුවෙන් අරමුදලට රුපියල් කෝටි 75කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 14 July 2025
වෛද්‍යවරියක් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ පුටුවේ වාඩි වෙලා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාල කාමරයට අද (14) පෙරවරුවේ බලහත්කාරයෙන් පිවිස ඔහුගේ අසුනේ වාඩිවූ කාන්තාවක මානසික ප්‍රතිකාර සඳහා රෝහලේ 59 වාට්ටුවට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. 14 July 2025
‘‘භාතිය‘‘ ඔසවයි භාතිය හස්තියාට පුරා දින නවයක ප්රතිකාරවලින් පසු සිටින ස්ථානයේම අනික් පසට පෙරළීම අද දින සිදු කළේය. 14 July 2025
අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තිය සංගමය විරෝධතාවක ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තිය සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (14) පැවැත්විය. 14 July 2025
විලංගු ලූ දෑතින් කළ නිර්මාණ එළි දකියි බන්ධනාගාර රැඳවුවන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තීරණය කර තිබේ. 14 July 2025
ආර් එම් වී හිටපු සහකාර කොමසාරිස් ඇතුළු තිදෙනාට ඇප රේගුවට හොර රහසේ ආනයනය කළ ටොයෝටා වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථයක් නීති විරෝධීව ලියාපදිංචි කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස්වරිය ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද(14) නියෝග කළාය. 14 July 2025
ඉන්දුනීසියා තානාපති කථානායක හමු වෙයි ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියා තානාපතිනී ඩිවි ගුස්ටිනා ටොබිං (Dewi Gustina Tobing) මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. 14 July 2025
අලුත් ව්‍යාපෘති 500කට රජයෙන් ඉඩම් කෘෂිකර්ම ඇතුළු විවි්ධ ව්‍යාපෘති පන්සියයකට ඉඩම් වෙන් කිරීමට රජය තීරණය කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය. 14 July 2025
‘කිරි ඉතිරෙන රටක්‘පස් අවුරුදු සැලැස්ම එළි දකී “කිරි ඉතිරෙන රටක්”පශු සම්පත් පස් අවුරුදු සැලැස්ම කෘෂිකර්ම සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී අද(14) එළිදැක්විණ. 14 July 2025
රට පුරා පනස්දහසකට මේ වසරේදී ඉඩම් ඔප්පු ඉඩම් හිමිකම නොමැති රට පුරා පනස් දහසකට මේ වසර ඇතුළත ඉඩම් ඔප්පු හෝ බලපත්‍ර ලබාදීමට තීරණය කර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය. 14 July 2025
ආර්.එම්.වී හිටපු සහකාර කොමසාරිස් ඇතුළු තුනක් සැකපිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස්වරියක සහ තවත් නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා කියයි. 14 July 2025
මන්ත්‍රී අජිත් උපාය මාර්ග කමිටුවෙන් අස්වෙයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා යටිතල පහසුකම් සහ උපාය මාර්ගයික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. 14 July 2025
සුව ඇමති යාපනේ රෝහල බලන්න යයි උතුරු පළාතේ ප්‍රධානතම සහ එකම ශික්ෂණ රෝහල වන යාපනය ශික්ෂණ රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයකට ලක්විය 14 July 2025
සුමින්ද ලියනගේ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි චීනයේ යුන්නාන් සංචාරක විද්‍යාලයේ කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතා ලෝක සූපවේදීන් සහතිකකළ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ (World Chefs Certified Culinary Educator) සම්මානයෙන් පිදුම් ලබා තිබේ. 14 July 2025
බේරුවල නගර සභා බලය ජාජබ සහ සජබ සමගිවී අල්ලයි බේරුවල නගර සභාවට ඉදිරිපත් වූ කිසිදු පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සියයට 50 ප්‍රතිශතයක් ලබා නොගැනීම නිසා නව සභාපතිවරයකු පත් කරගැනීම සඳහා අද පැවැති ඡන්දයේදී නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ එම්.ඒ. මොහොමඩ් මබාසීම් මහතා තේරී පත් වූ අතර උප සභාපති ලෙස සමගි ජන බලවේගයේ බී. විමලසිරි මහතා තේරී පත්විය. 14 July 2025
ලන්ඩන් නුවර ගුවන් අනතුරක් එංගලන්තයේ ලන්ඩන් නුවර, සවුත්එන්ඩ් ගුවන් තොටුපොළ පැය කීපයකට වසා දැමුණි. ඒ, කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පසුවය. ගුවන් යානා අනතුරින් කිසිවකුටවත් අනතුරක් සිදුවුණු බව වාර්තා වන්නේ නැත. 14 July 2025
ටයිකොන්ඩෝ උගත් අපේ අයට කුසලාන ශ්‍රී ලංකා කොරියානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සමඟ සහයෝගයෙන් සංවිධානය කරන ලද ටයිකොන්ඩෝ තානාපති කුසලාන 2025 ශූරතාවලිය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. 14 July 2025
රාජිත ගැන කරුණු කියන්නැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකට නොතීසි හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලබන සිකුරාදා(18) දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල්වරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නොතීසී නිකුත් කළාය. 14 July 2025
සභා තුනක රහස් ඡන්දයට එරෙහි පෙත්සම විසි වෙයි සීතාවක ප්‍රාදේශීය සභාවේ, නගර සභාවේ සභාපතිවරයා සහ මාවතගම සභා සඳහා උප සභාපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වා බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරුන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විපක්ෂ මන්ත්‍රිවරුන් ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය. 14 July 2025
දුෂ්කර පාසල් සංවර්ධනය කිරීමේදී හිතවත්කමට අවස්ථාව දෙන්න එපා දුෂ්කර පාසල් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගැනීමේදී හිතවත්කම් මත නොව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය මත තෝරා ගැනීම කළ යුතු බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් සියලු දරුවන්ට රැකියාවකට යොමුවීමට හෝ උපාධිය හැදැරීමට අවස්ථාව හිමිවන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 14 July 2025
ආරුක්කු පාලම ආලෝකමත් කරයි ලංකාවේ වඩාත්ම සංකේතාත්මක සංචාරක ගමනාන්තයක් ලෙස දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ ගත් ’’අහසේ පාලම’’ ලෙසද හඳුන්වන ආරුක්කු නවයේ පාලම, සහ බිංගෙය විදුලිය බල්බ යොදා ආලෝකමත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කර ඇත. 14 July 2025
අත් අඩංගුවට පත් වුවහොත් ඇප දෙන්න රාජිතගෙන් පෙත්සමක් කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දින දහ අටක් තිස්සේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අපේක්ෂිත ඇප අයදුම් පත්‍රයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතය. 14 July 2025
වත්කම් වාර්තාවෙන් කට්ටි පනින නිලධාරීන්ට අද සිට දඩ වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදුන් රජයේ නිලධාරීන්ගෙන් අදින්(14) පසු දඩ අය කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත. 14 July 2025
පළාත් කීපයකට අදත් වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය. මහනුවර. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 July 2025
නේටෝව හරහා යුක්රේනයට අවි නේටෝ සංවිධානය හරහා, ඇමෙරිකාව, ඇමෙරිකන් ඩොලර් මිලියන 300 ක් වටිනා, අවි ආයුධ යුක්රේනයට යැවීමට පියවර ගෙන ඇත. 14 July 2025
ණයවර ලිපි ගැටළුවකින් වාහන 500ක් වරායේ හිර වේ තෙවැනි පාර්ශ්වයේ රටවල (ජපානය හා ශ්‍රි ලංකාව හැර) බැංකු ණයවර ලිපි විවෘත කර ඇති ජපන් වාහන මුදා හැරීම පසුගිය මැයි 27 වැනිදා සිට රේගුව අත් හිටුවා ඇති බවත් ජපානයෙන් ගෙන්වූ වාහන 500 ක් පමණ මේ වනවිට රේගුව මුදා හැරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කොළඹ සහ හම්බන්තොට වරායන්හි සිරවී තිබෙන බවත් වාහන ආනයනකරුවෝ පවසති. 14 July 2025
පාසල් ජල බිලටත් පොල්ලක් පාසල්වල ජල බිල්පත් ගෙවීමේදී එක් ශිෂ්‍යයකුට මසකට ලීටර් 400 ක් වැය වෙතැයි සම්මතය කොට රජය මුදල් ගෙවන බවත් ඉන් වැඩිවන සෑම බිල්පතක් සඳහාම පාසල මගින් මුදල් සොයා ගත යුතු බවත් සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 14 July 2025
පාසල් දෛනික කාලසටහනත් වෙනස් වෙයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේ ජනවාරි මස 1 වැනිදා සිට පාසලක කාලපරිජේදයක කාලය විනාඩි 50 ක් බවට පත්වන බවත් ඒ අනුව දැනට ඇති දිනක කාලපරිච්ජේද සංඛ්‍යාව අටේ සිට හත දක්වා අඩුවන බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාතයංශයේ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය. 13 July 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026