කාන්තා ක්‍රිකට් පිල සිම්බාබ්වේ හිරවෙයි සිම්බාබ්වේහිදී පැවැත්වෙමින් තිබියදී ඊයේ (27) අත්හිටුවූ කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබී ක්‍රිකට් තරගාවලියට සහභාගි සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් හත් දෙනෙක් ‘කොවිඩ්’ ආසාදිතයන් වීම නිසා ගුවන් යානයට ප්‍රවේශකරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහි සිරවී සිටියි. 28 November 2021
‘ගෙදරට කොටුවූ දරුවන්ට මානසික ගැටළු’ කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා ගෙදරට කොටුවූ දරුවන් අතුරින් දහස් සංඛ්‍යාත පිරිසක් විවිධ මානසික ගැටළුවලට මුහුණදී සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 28 November 2021
‘‘තහනම් රටවලින් සංචාරකයන් පැමිණ නෑ‘‘ ගුවන් මගීන් පැමිණිම තහනම් කළ අප්‍රිකා කලාපයේ රටවල් 06න් සංචාරකයන් ගතවූ 14 ක කාලය තුල මෙරටට පැමිණ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 28 November 2021
පාන්පිටි මිල ඉහළට පාන්පිටි (තිරිඟු පිටි) කිලෝවක් රුපියල් 18.50 කින් ඉහළ දැමීමට පාන්පිටි නිෂ්පාදකයන් කටයුතු කර ඇතැයි තොග වෙළෙන්දෝ පවසති. 28 November 2021
ගෑස් ප්‍රමිතිය පිරික්සන්න දිස්ත්‍රික් 7කින් සාම්පල ගනී වෙළෙඳපොළ තුළ ඇති ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා දිස්ත්‍රික්ක 7 කින් සාම්පල ලබාගෙන ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා යොමු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 28 November 2021
කුඩු-කසිප්පු ජාවාරම්මු ගැටී තුනක් රෝහලේ බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණය ආසන්නයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ කසිප්පු ජාවාරම්කරුවන් ෙදපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 28 November 2021
බේකරි නිෂ්පාදන මිල යළි නගී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල යළි වැඩි කිරීමට තීරණය කර ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි. 28 November 2021
ප්‍රධාන රිය පුහුණුකරු පැදවූ වෑන් රිය දුම්රියේ ගැටෙයි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කන්දෙගොඩ කැපූ ඇළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී රියදුරු පුහුණු පාසලකට අයත් වෑන් රථයක් දුම්රියක ගැටී එම රියදුරු පුහුණු පාසලේ ප්‍රධාන රිය පුහුණුකරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කල බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 28 November 2021
චාමරි අතපත්තු ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු මාර්ග වලින් දැනගන්නට තිබේ. 28 November 2021
කින්නියා සිද්ධියේ තවත් දැරියක මරුට කින්නියා කුරිඤ්ඤකේනි කලපුවේ පාලම් පාරුව පෙරළීමෙන් බරපතළ තත්ත්වයෙන් සිටි 07 හැවිරිදි දැරියක් අද (28) අලුයම මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 28 November 2021
මෝටර් රථය ගඟට පෙරළී අයෙක් අතුරුදන්:දෙකක් බේරෙයි මහනුවර ගුරුදෙනිය මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඊයේ (27) රාත්‍රියේ ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගඟට වැටී ඇතැයි පොලිසිය පවසයි . 28 November 2021
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට මැති සබේ දින බෙදයි පාර්ලිමේන්තු අයවැය කාරක සභා විවාදය පවත්වන මේ දිනවල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 80 ක් බැඟින් වත් අනිවාර්යයෙන් සභාවේ සිටිය යුතු බවට නියම කර ඇත. 28 November 2021
අද සවස 1.00 පසු ගිගුරුම් සහිත තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 November 2021
මහනුවර - කොළඹ මාර්ගය පහළ කඩුගන්නාවෙන් යළි වහයි පවතින අධික වර්ෂාව නිසා මහනුවර - කොළඹ මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් හෙට අලුයම 6.00 තෙක් යළි වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 27 November 2021
හිටපු පොලිස් පරීක්ෂක ගිනි අවියක් සහ උණ්ඩ සමග මාට්ටු ඇමති ආරක්ෂක අංශයේ කටයුතු කළ විශ්‍රාමික පොලිස් පරීක්ෂකයෙක් සතුව තිබූ පිස්තෝලයක්, ජීව අත්බෝම්බයක් සහ විවිධ වර්ගයේ ජීව පතරොම් තොගයක් අද පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය. 27 November 2021
අත - පොහොට්ටු අවුල දුරදිග යයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශපාලන අර්බුදය මෙ වන විට උග්‍රවී ඇති අතර ,ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්රීලනිපය දැන් සිටම සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි . 27 November 2021
පස් කන්ද අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගය වහයි අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගයේ ගලිගමුව බෝයගම ප්‍රදේශයට පස් කන්දක් කැඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 27 November 2021
තහනම් වල් නාශක එස්.ටී.එෆ් අත්අඩංගුවේ තහනම් වල්නාශක තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු තලාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 27 November 2021
ඩොලරය තිරිඟු පිටිවලටත් තට්ටු කරයි රටපුරා තිරිඟු පිටි (පාන් පිටි) හිඟයක් ඇතිවීමෙන් බේකරි නිෂ්පාදනකරුවෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති. බේකරිකරුවන්ට අවශ්‍ය තිරිඟු පිටි මිලදී ගැනීමට වෙළෙඳපොළ තුළ නොමැති බවත් සෙසු පාරිභෝගිකයන්ට ද මිලදී ගැනීමට තිරිඟු පිටි තොග සිල්ලර වෙළඳුන් සතුව නොමැති නොමැති වීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 27 November 2021
යාපනය තැන් දෙකකින් නාඳුනන මළසිරුරු දෙකක් හමුවෙයි යාපනය පේදුරුතුඩුව සහ වැල්වැටිතුරෙයි මුහුදු ප්‍රදේශවල තිබී අද (27) පස්වරුවේ නාදුනන පුද්ගල මළ සිරුරු දෙකක් ගොඩගසා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි. 27 November 2021
ඔමික්‍රෝන් ගැන සූදානමින්: වයිරසයක් එන එක සදහටම නවත්වන්න බෑ දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් ඔමික්‍රෝන් නව කොවිඩ් වයිරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාව හොඳ සූදානමක සිටින බවත් එම වයිරසය රට තුළට පැමිණීම හැකිතාක් ප්‍රමාද කළ යුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන ආයතනයේ අධ්යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 27 November 2021
කොරෝනා ආසාදිතයන් 519ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 519 දෙනකු අද (27) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 27 November 2021
කොරෝනා අවදානමක් නිසා කඩඉම් තරගය අත්හිටුවයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරිනියක් කොවිඩ් ආසාදිතයකු බවට අද (27) තහවුරු වීම නිසා සිම්බාබ්වේහිදී පැවැත්වෙමින් තිබූ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ කාන්තා ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) පියවර ගත්තේය. 27 November 2021
හොරෙන් ඇල්ලූ ඉඩම් ඇල්ලන්න වෙනම පොලිස් ඒකකයක් විවිධ පුද්ගලයන් රටපුරා නීති විරෝධීව අත්පත් කරගෙන ඇති ඉඩම් නැවත රජයට පවරා ගැනීම සඳහා වෙනම පොලිස් ඒකකයක් ආරම්භ කළ බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 27 November 2021
ගල්කිරියාගම ගම් තුනක කොරෝනා පැතිරෙයි ගල්කිරියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන තුනක වැසියෝ සැලකිය යුතු ප්‍රමාණයක් කොවිඩ් රෝගය ආසාදනය වීම හේතුවෙන් දින තුනක කාලයක් එම ප්‍රදේශයන්හි වෙළඳ සැල් වසා තැබීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත . 27 November 2021
පස් කන්ද එක්දරු මව බිලි ගනී මධ්‍යම කඳුකරයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර අංකුඹුර පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුකේවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී නිවසේ කාමරයක නිදා සිටි 56 හැවිරිදි එක් දරු මවක ජීවිතක්ෂයට පත්ව ඇති අතර , ඇයගේ නව හැවිරිදි දියණිය තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. 27 November 2021
‘‘පොහොට්ටුවට විපක්ෂයට ඕන ඕන විදියට නටන්න අපි සූදානම් නෑ‘‘ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ විපක්ෂයට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් නැතැයි සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවැසීය. 27 November 2021
පරීක්ෂණ කටයුතු සඳහා ගෑස් සාම්පල ඛනිජ තෙල් සංස්ථාවට ගෑස් සිලින්ඩර පුපුරා යෑමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳව තොරතුරු වාර්තා වීමෙන් පසු ගෑස් සමාගම් දෙකේ ගෑස් සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යවා ඇතැයි පාරිභෝගික සේවා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි. 27 November 2021
විශේෂඥ වෛද්‍යවරුන් 16කට “සායනික මහාචාර්ය” පදවි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනකුට “සායනික මහාචාර්ය” පදවි පිරිනැමීය. 27 November 2021
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026