පොලිස් කොමිසම රකින විවාදය හෙට ජාතික පොලිස් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය තහවුරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මැදිහත්වීම සඳහා වූ සභාව කල්තැබීමේ විවාදය හෙට ( 10) ප.ව 3.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ. 09 October 2025
අවුරුදු තුනකින් නාගරික ගෙවල් පන්දාහක් ඉදිරි වසර තුන ඇතුළත නාගරික ජනතාවට ගෙවල් පන්දාහක් හදන්න බලාපොරොත්තු වෙන බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 October 2025
නවක හෙද හෙදියෝ 294 ක් පත් වෙති නවක හෙද හෙදියන් 294 දෙනකු සෞඛ්‍ය සේවාවට ඇතුලත් කර ගැනීමට රජය තීරණය කර ඇත. 09 October 2025
පළාත් සභා ඡන්දෙ තියනවා මැතිවරණ වලින් පැනලා යන්න ආණ්ඩුවට කිසිම උවමනාවක් නැති අතර ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය පවත්වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූය මෙනවිය පාර්ලිමේන්තුවේදී කීවාය. 09 October 2025
කීරි සම්බා රටින් ගේන්න වුනොත් ගේනවා යම් කෙටි කලක් සඳහා කීරි සම්බා ආදේශන සහල් ආනයනය කරන්න වුනොත් එය කරන්නට සිදු වෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 09 October 2025
ආණ්ඩුව කළ එක විගණනයක් තිබේ නම් කියන්න ආණ්ඩුව පත්වී වසර ඇතුළත කළ එක විගණන පරීක්ෂණයක් රටට හෙළි කරන්න්නැයි අභියෝග කරන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 October 2025
ආණ්ඩුව අයි.එම්.එෆ් රූකඩයක් ආණ්ඩුව අයි.එම්.එෆ් රූකඩයක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 October 2025
හපුතලේ තේ කම්හළක විරෝධතාවක් හපුතලේ කහගොල්ල වත්ත තේ කර්මාන්ත ශාලාව වසා දැමීමට ගෙන තිබෙන බව කියන තීරණයට විරෝධය පා කහගොල්ල වත්තේ කම්කරුවන් විශාල පිරිසක් අද (09) දහවල් හපුතලේ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයට කහගොල්ල ප්‍රදේශයේදී පැමිණ දැවැන්ත විරෝධතාවක නිරත වූහ. 09 October 2025
දියගම ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂක පත් කරයි දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂක (ව්‍යාපෘති පාලන හා නඩත්තු) ජනරාල්වරයා වශයෙන් මේජර් ජෙනරාල් ටී. සී. හරස්ගම මහතා පත් කර ඇත. 09 October 2025
මුහුදෙන් ආ පරවියන් සමඟ දෙන්නෙක් අල්ලයි ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් සිටි පරවියන් තොගයක් සමඟ දෙදෙනකු නාවික හමුදා විසින් අත් අඩංගුවට ගෙන ඉදිරි පරික්ෂණ සඳහා කන්දකුලිය වනජීවි කාර්යාලයට අද(9 ) භාර දී තිබේ. 09 October 2025
සැප්තැම්බර් මස අලුත් වාහන 49,000ක් පාරට දාලා නව මෝටර් රථ 49,000 කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය සැප්තැම්බර් මස ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පැවසීය. 09 October 2025
කොළඹින් ඇරැඹෙන දුර ගමන් බස් වල පැටිකිරිය සොයයි කොළඹ බැස්ටියන් මාවතෙන් ගමන් අරඹන දුර ගමන් බස් සේවා වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ. 09 October 2025
ඒ.කේ.ඩී සහ ජනාධිපති කියන්නේ දෙන්නෙක්ද? ඒ.කේ.ඩී සහ ජනාධිපති කියන්නේ දෙන්නෙක්දැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:- (ස.ජ.බ) මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය. 09 October 2025
කොළඹ වරායට කෝටි 3200 ක ලාභයක් කොළඹ වරාය මෙම වසරේ (2025) පළමු මාස 8 තුළ රුපියල් බිලියන 32.2 ක ක් හෙවත් රුපියල් කෝටි 3200 කට අධික ශුද්ධ ලාභයක් ලැබූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. 09 October 2025
IMF පස්වැනි සමාලෝචනයට කාර්යමණ්ඩල එකඟත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සමාලෝචනය පිළිබඳව කාර්යමණ්ඩල එකඟත්වයකට පැමිණි බව එම අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානීන් එවන් පැප ජෝජියෝ මහතා අද (09) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 09 October 2025
අපේ ඡන්ද කොමිසම ලෝකයේම හොඳම එක ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව ලෝකයේ හොඳම මැතිවරණ කොමිසම බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (9) පැවසුවාය. 09 October 2025
යුරෝපා හීන පෙන්නා මුදල් ගැරූ දෙන්නෙක් දැලේ යුරෝපා රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 09 October 2025
බැකෝ සමන්ගේ බිරිඳගේ - ඥාතීන්ගේ බැංකු ගිණුම් තහනම් කරයි ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් 13 ක් කොළඹ මහාධිකරණය මගින් අද දිනයේදී තහනම් කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා අද පැවසීය. 09 October 2025
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල හෙට ඇරැඹෙයි ‘සමස්ත ලංකා පාසල් ක්‍රීඩා - 2025’ උළෙල හෙට (10) සිට 14 දක්වා වූ දින පහක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කළේය. 09 October 2025
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම් දිස්ත්‍රික්ක තුනකදී සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ දිස්ත්‍රික්ක තුනකදී සෙනසුරාදා(11) සහ ඉරිදා(12) පැවැත්වේ. 09 October 2025
සා.පෙ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ අ.පො.ස. (සා / පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(9) නිකුත් කරන ලද බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 09 October 2025
මහරගම නගරසභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විරෝධයක මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම (09) දා අද පැවති අතර ඊට පෙර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් එක්ව රජය ගෙන ගෙන ඒමට නියමිත සමරිසි නීතිය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව නගර සභාව ඉදිරි පිට උද්ඝෝෂණ පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණයක නියැලිණි. 09 October 2025
බීඩී මිල ඉහළට බීඩි මිල හෙට (10) සිට ඉහළ දමන බව සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සහ බීඩිකොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමය පැවසීය. 09 October 2025
පිළිකා බේතක ලංසුව කෝටි 51කට දෙයි ට්රස්ටුසුමැබ් එන්නත් මිලිග්‍රෑම් 440 න් (440mg) මිලිලීටර 20 (20ml) වයල් 28,000ක් (ද්‍රාවක සමඟින්) ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 October 2025
වකුගඩු- අක්මා රෝග වලට බේතක් ස්විස්ටර්ලන්තයෙන් හියුමන් ඇල් බියුමින් සොලූෂන් බීපී/ යූඑස්පී/ පීඑච්/ ඊයූආර් 20% මිලිලීටර 50 බෝතල් 400,000ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 October 2025
වීරවංශ තංගල්ල අපරාධ කොට්ඨාශයට එයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණියේය. 09 October 2025
යතුරු පැදි සොර කල්ලියක කාන්තාවන් දෙකක් ඇතුළු 11ක් අල්ලයි අපරාධ රැසකට සම්බන්ධ හිටපු හමුදා සෙබළුකු වන ’’ කළුතර බෝම්බුවල පුස් කොටා’’ නමැත්තා මෙහෙයවන යතුරුපැදි සොර කල්ලියකට අයත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 11 කු රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා යතුරු පැදී සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 09 October 2025
අද දහවල් 1න් පසු වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(09) පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 October 2025
තැපැල් සේවකයෝ කව පටි බඳියි ලෝක තැපැල් දිනය යෙදී තිබෙන අද (09) දිනයේ සියලු තැපැල් සේවකයකයන් කළු පටි පැළඳ රාජකාරියට වාර්තා කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසීය. 09 October 2025
මිරිහානේ පාසලක දරුවෙක් පිහිණුම් පුහුණු වෙද්දි ගිලි මරුට මිරිහාන ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 5 හැවිරිදි සිසුවකු පිහිනුම් පුහුණුවීම් කරමින් සිටියදී දියේ ගිලීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව මිරිහාන පොලිසිය පවසයි. 09 October 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026