එක් රටක්-එක නීතියක් ගේන්න ඥානසාර හිමි ප්රමුඛ බළකායක් එක් රටක් සහ එක නීතියක් සඳහා වූ සාමාජිකයින් 13 දෙනකුගෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බළකායක් ස්ථාපිත කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත. 27 October 2021
බදුල්ල රෝහලට ආ 282 කින් 19කට කොරෝනා බදුල්ල මහ රෝහලේ සිදු කළ පී.සී.ආර් සහ රැපීඩ් ඇන්ටජින් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 19 දෙනකු හදුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 October 2021
පූජිතට - හේමසිරිට එරෙහිව සාක්කි ගන්න බුද්ධි හිටපු අධ්යක්ෂ අධිකරණයට කතෝලික පල්ලි හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට නිශ්චිත තොරතුරු ලැබී තිබියදී එය වැලැක්වීමට කටයුතු නොකළ බවට හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහි නඩුවේ සාක්කි දීම සඳහා ලබන 22 වනිදා අධිකරණයෙ පෙනී සිටින ලෙස නියම කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතාට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය. 27 October 2021
කොවිඩ් එන්නත නැත්නම් ‘පොදු ස්ථාන’ තහනම් ? ‘කොවිඩ්’ මර්දන එන්නත ස්වෙච්ඡාවෙන් ලබාගත යුතු එන්නතක් වීම නිසා රජයට බලකිරීමක් කළ නොහැකි වුවද ප්රජාතන්ත්රවාදී රජයක් හැටියට බහුතරයේ යපත සඳහා එන්නත ලබානොගත් පුද්ගලයන්ට පොදු ස්ථානවලට ඇතුල්විය නොහැකි තහනමක් පැනවීමේ තීරණයක් ගැනීමේ අවස්ථාව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 27 October 2021
වස විසෙන් තොර රටකට හමුදා දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් ,නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ රණවිරුවන් නිෂ්පාදනය කරන ලද ප්‍රථම කාබනික පොහොර තොගය ශ්‍රී ලංකා පොහොර සමාගම වෙත නිල වශයෙන් බාරදීම නැගෙනහිර ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතාගේ සහ සහභාගිත්වයෙන් එම මූලස්ථානයේ දී සිදුවිය. 27 October 2021
මහබැංකු අධිපති තනතුරේ බර වැඩි කරයි මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයකු හා සමාන තත්වයක් ලබාදීමට රජය තීරණය කර ඇත. 27 October 2021
ගුවන් මගීන් ලියාපදිංචිය මාර්ග ගත ක්‍රමයට ගුවන් මගීනට තත්පර 20 ක් ඇතුළතදී ලියාපදිංචි වීමට හැකි මාර්ග ගත ක්‍රමවේදයක් හදුන්වා දුන් බව ඇතැයි ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක පවසයි. 26 October 2021
රන්මල් කොඩිතුවක්කුට හදිස්සි මාරුවක්? පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයකට යටත්ව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වෛද්‍ය සැපයුම් හා සුබසාධන කොට්ඨාසයට මාරුකිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත. 26 October 2021
බඩුමිලට එරෙහිව රාජගිරියේ විරෝධයක් ඉහළ යන බඩු මිලට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ සමගි ජනබලවේග නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද රාජගිරිය මංසන්ධියේ දී උද්ඝෝෂණයක නිරත වූහ. 26 October 2021
රොටවැව ගොවීහු පොහොර ඉල්ලා මිනී පෙට්ටියකට ගිනි තබති වගා බිම්වලට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලා රොටවැව ප්‍රදේශයේ ගොවීහු පිරිසක් අද දින ගල්ඔය - මින්නේරිය මාර්ගයේ විරෝධතාවයක නිරත වූහ. 26 October 2021
කාබනික පොහොර ගෙන් වූ මෙරට නියෝජිතට - මහජන බැංකුවට වාරණයක් ජීවානුහරණය කළ කාබනික පොහොර ගෙන්වීමට ටෙන්ඩර් ලබාගෙන බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් සිටින පොහොර තොගයක් ලංකාවට ගෙනා බව කියන චීන සමාගමට එහි ශ්‍රී ලංකා නියෝජිතවරයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද වාරණ නියෝගයක් නිකුත් කළේය. 26 October 2021
ගුරු - විදුහල්පතිවරු ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බඳිති ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසදීමට ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා මැදිහත්වන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල අද (26) සත්යග්රහ උපවාසයක් ආරම්භ කළේය. 26 October 2021
චීන පොහොර සමාගමෙන් සැර ලිපියක් චීනයෙන් මෙරටට ගෙන්වීමට ඇනවුම් කර ඇති කාබනික පොහොර තොගය පිළිබඳවම දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු බව එම පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අදපෙ (26) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත. 26 October 2021
කොරෝනා මරණ අද දින පහත යයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. 26 October 2021
කොරෝනා ආසාදිතයන් 440ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 440 දෙනකු අද (26) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 26 October 2021
දෙදින සංචාරය නිමා කර අදානි පිටව යයි ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපාරික සංචාරයක නියැලී සිටි , ඉන්දියාවේ ප්‍රකෝටි ව්‍යාපාරික ගෞතම් අදානි මහතා සිය දෙදින සංචාරය නිමා කර අද (26) සවස 04.30ට ආපසු ඉන්දියාව බලා පිටත්ව ගියේය . 26 October 2021
විසර්ජන පනතට මුදල් කාරක සභාවේ අනුමැතිය විසර්ජන පනත් කෙටුමිපතට (2022)මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමැතිය හිමිවිය. 26 October 2021
කොවිඩ් නිසා රජයට කෝටි 2700ක සුරා බදු ආදායමක් නැතිවෙලා කොවිඩ් වසංගතය නිසා මේ වසරේ මේ දක්වා රුපියල් කෝටි 2700 ක සුරාබදු ආදායමක් රජයට අහිමිවී ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවැසීය. 26 October 2021
“ජනතාවගේ හැසිරීම කණගාටුදායකයි’’ සෞඛ්‍ය නීති රීති ලිහිල් කළ පසු ජනතාවගේ හැසිරීම පිළිබඳව කණගාටුවන බවත් සෞඛ්‍ය නීති රීති තව දුරටත් ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥා වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (26) පැවසීය. 26 October 2021
කොවිඩ් මරණවල ඉහළ යෑමක්: සෞඛ්‍ය අංශයෙන් පරීක්ෂණයක් කොවිඩ් මරණවල යම් වැඩිවීමක් වාර්තා වන බවත් මෙය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය . 26 October 2021
2021 ඡන්දය හිමිදැයි බලන වෙබ් අඩවිය මෙන්න 2021 ඡන්දහිමි නාමලේකනයේ තමන්ගේ නම තිබේදැයි පරීක්ෂාකර බැලීම සඳහා www.elections.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පහසුකම් සලසා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 26 October 2021
අත්‍යාවශ්‍ය ආහාර හිටි හැටියේ ඉහළට සහල් ඇතුලු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 26 October 2021
රවි ගෙන් පෙත්සමක් බැදුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් කෝටි 1500 ක් පාඩු කළ යැයි චෝදනා කරමින් මහාධිකරණය හමුවේ තමාට එරෙහිව ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් ලබන 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නීතිපතිවරයාට නොතීසි දන්වා යවන්නැයි පෙත්සම්කාර පාර්ශවයට අභියාචනාධිකරණය නියම කර ඇත. 26 October 2021
‘තව මාස තුන හතරකින් භාණ්ඩ මිල අඩුවේවි‘ ඉදිරි මාස තුන හතරක කාලයේදී භාණ්ඩ මිල අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 26 October 2021
රන්ජන් බලන්න සජිත් යයි රංජන් රාමනායක මහතා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ නොසිටීම විශාල අඩුපාඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 26 October 2021
එජාප මහලේකම්ගෙන් සජිත්ට අභියෝගයක් එක පැත්තකින් ආර්ථිකයත් අනිත් පැත්තෙන් රජයේ සේවක ප්‍රශ්න ගුරු වැටුප් අර්බුද ඇතුළු වර්තමානයේ ප්‍රශ්න කන්දක් එක තැන ගොඩ ගැසීමට මූලික හේතුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මීට වසර තුනකට පෙර අද වැනි දිනක කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 26 October 2021
කොරෝනාවෙන් පසු සියයට 60කට පෝෂ්‍යදායී ආහාර ලැබි නෑ ‘කොවිඩ්’ වයිරස ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 60 කට පමණ පෝෂ්‍යදායී ආහාර ලැබි නොමැති බව ආහාර අයිතීන් පිළිබඳ සොයා බැලීමේ ජාතික ආයතනය කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ. 26 October 2021
අයවැයදා පාර්ලිමේන්තුව එන සියලු දෙනාට ඇන්ටිජන් මුදල් ඇමැතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරන ලබන මස 12 වැනිදා පාර්ලිමේන්තුවට ඇතුළු විය හැක්කේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බවට ( නෙගටිව්) තහවුරුවන රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු පුද්ගලයන්ට පමණක් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. 26 October 2021
’’සරසවි විවෘත කරන්න උපකුලපතිවරුන්ට බලය ’’ විශ්ව විද්‍යාල විවෘත කිරීමේ බලය උපකුලපතිවරුන් වෙත පවරා තිබෙන අතර ඔවුන්ට ඔනෑම මොහොතක විශ්ව විද්‍යාල ආරම්භ කළ හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමිපත් අමරතුංග මහතා පැවසීය. 26 October 2021
ලක්ෂ 56 ක සිගරට් සමග අයෙක් අල්ලයි තීරුබදු නොගෙවා විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබු රුපියල් ලක්ෂ 56 වටිනාකමකින් යුත් විදෙස් දුමිවැටි තොගයක් සමග සැකකරුවෙකු කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 26 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026