අඩු පීඩන තත්වය ඉන්දියාව දෙසට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩනය කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වය්‍ය දෙසට ගමන් කරනු ඇතැයි අපෙක්ෂා කෙරේ. 22 October 2025
පේරාදෙණි සරසවියේ රන් කුසලානයක් අධිකරණයෙන් නවතයි පේරාදෙණීය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයාට පිරිනැමෙන ඊ්. ඕ්.ඊ පෙරේරා රන් කුසලානය 2015 වසර සඳහා අබේසේකර මහතාට පිරිනැමීමට ගත් තීරණය අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම රන් කුසලානය පිරි නැමීම සඳහා විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බලධාරීන්ට අස නියෝග කළේය. 22 October 2025
මීගමු රෝහලේ දී කණ සම්බන්ධ විශේෂ සැත්කමක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කැමරාවක් මගින් යුස්ටේකීය නාලයේ අවහිරතා ඉවත් කිරීමේ සාර්ථක ශල්‍ය කර්මයක් මීගමුව රෝහලේදී අද දින සිදු කරනු ලැබීය. 21 October 2025
සෙව්වන්දිට රට පනින්න උදව් කළ 5ක් අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට මෙරටින් පලායාමට උදව් උපකාර කළ පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 21 October 2025
ස්පා නීති ගත කරන්නැයි ඉල්ලයි ‘ස්පා’ සම්බාහන ප්‍රතිකර්ම නීතිගත කරන පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට නීතිපතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ලංකා ස්පා සම්බාහන හිමිිකරුවන්ගේ සංගමය අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළේය. 21 October 2025
වවුනියාව නගරාධිපති උප නගරාධිපතිට ධූරවල කටයුතු තහනම් වව්නියාව මහනගර සභාවේ නගරාධිපති සුන්දරලිංගම් කාර්දීපන් සහ නියෝජ්‍ය නගරාධිපති පී. කාතිතීපන් යන මහත්වරුන්ට වව්නියාව මහනගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති ධුරයන් වල කටයුතු කිරීම වලකාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 21 October 2025
සෞඛ්‍ය ආපදාවක් නම් මෙන්න ‘හොට් ලයින්’ එක ගංවතුර ආපදා තත්වයෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් හෝ වෛද්‍ය ආධාර අවශ්‍ය නම් දැනුම්දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දෙනු ලැබ ඇත. 21 October 2025
ජාතික තරුණ ප්‍රතිපත්තියට අදහස් කැඳවීම ඇරැඹේ අනාගතයට ගැලපෙන තාරුණ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සම්පාදනය කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා පුරවැසි අදහස් සහ යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ. 21 October 2025
යුද හමුදා වෛද්‍ය කඳවුරින් පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව 8 වන වරටත් සංවිධානය කළ බහුවිධ වෛද්‍ය සායනය සඳහා දහසකට අධික පිරිසක් සම්බන්ධ වු බව ශ්‍රී ලංකා යුධ හමුදා මාධ්‍ය අංශය කියයි. 21 October 2025
ලොකු පැටීගේ රුපියල් කෝටි 1000 සුදු කළ දෙදෙනකු සොයයි සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” නැමැත්තාගේ රුපියල් කෝටි 1000 කට ආසන්න මුදල් ගනුදෙනු සිදුකළ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විමර්ශන ආරම්භ කර ඇත. 21 October 2025
මත් ජාවාරම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්න නියෝග ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු හා විදේශයන්හි සැඟව සිට මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනවා යැයි කියන දෙවුන්දර සෙහාන් සත්සර නොහොත් දෙහිබාල මල්ලී හා ඔහුගේ සහෝදරයා වන තුෂාන් නෙත්සර නොහොත් කලු මල්ලි වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මත්ද්‍රව්‍ය කාර්යාංශයට අද (21)නියෝග කළේය. 21 October 2025
උඩරට දුම්රිය මාර්ගය හදන දිනයක් කියන්න බෑ ඉහළකෝට්ටේ දුම්රිය මාර්ගයේදී මහනුවර කොළඹ නගරාන්තර සීඝ්‍රග්‍රාමී දුම්රිය පීලි පැනීම සහ නාය යාම හේතුවෙන් අවහිර වූ දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමට යුද හමුදා සහාය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 21 October 2025
උද්ධමනය ඉහළ යයි ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාස සියයට 2.1 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය. 21 October 2025
’’වත්කම් වාර්තා දෙද්දි මගේ අතින් වරදක් සිද්ධ වුණා’’ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී තමා අතින් වරදක් සිදුවූ බව පිළිගන්නේ යැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 21 October 2025
මාරවිල රෝහලේදී මැරෙන මිනිස්සු දෙපාරක් මැරෙනවා මාරවිල රෝහලේදී මිය යන මිනිසුන් දෙවරක් මිය යන බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 October 2025
වසන්ත- ලෝක වෙළඳ සංවිධානයේ අධ්යක්ෂ හමු වෙයි ලෝක වෙළඳ සංවිධානයේ (WTO) හි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය න්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා(Ngozi Okonjo-Iweala) මහත්මිය සහ වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර හමුවක් ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී සිදු විය. 21 October 2025
කෙනෙරක් දුම්රියට බිලි මඩකලපුව සිට මහව දක්වා ධාවනය වූ බඩු දුම්රියක වැලිකන්ද රුවන්පිටිය ප්‍රදේශයේදී අද සවස ගැටුණු කෙනෙරක අනතුරින් පැයකට පමණ පසු මියගිය බව වැලිකන්ද වනජීවි නිලධාරීහු සඳහන් කරති. 21 October 2025
කරාපිටිය රෝහලේ ගිලන් රථ හයක් ලෙඩ වෙලා කරාපිටිය රෝහලේ ගිලන් රථ 11න් වැඩ කරන තත්ත්වයේ තිබෙන්නේ පහක් පමණක් බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 21 October 2025
අමාත්‍යංශ කීපයක විෂය පථ ගැලවෙයි: ජනපතිගෙන් ගැසට්ටුවක් අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන් මෙන්ම දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ අැත 21 October 2025
තම්මිට සුමිත්ගේ ගෝලයෝ දෙකක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ගම්පහ, තම්මිට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කසුන්‘ නැමැත්තාගේ නිවෙසට ඉදිරිපිටට පැමිණ අහසට වෙඩි තබා තර්ජනය කළ බව කියන සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන තම්මිට සුමිත් නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසයි. 21 October 2025
රට පුරා ගුරු පුටු 36,178ක් හිස් දිවයින පුරා ජාතික සහ පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අැමැතිනී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසුවාය 21 October 2025
රාජ්‍ය සේවයේ ලොක්කන්ට කෘත්‍රිම බුද්ධිය උගන්වයි රාජ්‍ය සේවය ඵලදායී සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් උදෙසා සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් රුහුණු විශ්වවිද්‍යාලයීය රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 21 October 2025
හෙට රෝස පාට අදින්නැයි මන්ත්‍රිවරියන්ගෙන් ඉල්ලයි ලෝක පියයුරු පිළිකා මාසය නිමිත්තෙන් එම රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට හෙට (22) පැමිණෙන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සියලු මන්ත්‍රීවරියන්ගෙන් ඉල්ලීමක් කරයි. 21 October 2025
දොස්තරලගෙ ස්ටිකර් ගලවන්නේ නෑ නීතීඥවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වාහන වල අලවා ඇති ස්ටිකර් ඉවත් කිරීමේ කිසිම තීරණයක් රජය විසින් ගෙන නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 October 2025
මැතිසබේ හිංසන සිද්ධිය: මහලේකම්ගෙනුත් අලහප්පෙරුම කමිටුවට කටඋත්තරයක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදුව ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බාහිර විමර්ශන කමිටුව පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර, නියෝජ්‍ය මහ ලේකම් කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 21 October 2025
කළුතර රෝහලේ ඖෂධ සීයක් හිඟයි අද වනවිට කළුතර මහා රෝහලේ ඖෂධ සීයක් හිඟ බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 October 2025
ගජ මුතු විකුණනන්න ගිහින් පොලීසියට මාට්ටු රුපියල් ලක්ෂ හැත්තෑවකට අලෙවි කිරීම සඳහා දඹුල්ලට රැගෙන විත් තිබූ ගජ මුතු දෙකක් සමඟ සැකකරුවෙකු ඊයේ (20) සැකපිට අත් අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. 21 October 2025
අඩු මිලට ඖෂධ දෙන්න පියවරක් තබයි උපරිම ඖෂධ මිලක් නියම කිරීම හරහා අඩු මිලට ඖෂධ සැපයීමට නව පනත් සංශෝධනය මගින් බලාපොරොත්තු වෙන බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 21 October 2025
ගංවතුර ආපදාවට දායකත්වය දෙන්න විපක්ෂයත් සූදානම් ආපදා තත්වය වර්ධනය වන හෙයින් ජනතාවට සහන සැලසීම සඳහා රජයේ වැඩපිළිවෙල කුමක්දැයි ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 21 October 2025
මත්ද්‍රව්‍ය ජාවාරමක හමුදා භටයෙක් අල්ලයි මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්දයෙන් සැකපිට ගුවන් හමුදා භටයකු වැල්ලව තණමල්ගම ප්‍රදේශයේදි අද (20) දා සවස අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසියේ දුෂණ මර්දන අංශය කියයි. 21 October 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026