මහජන උපයෝගිතා කොමිසම ඩොලර් ගන්න උසාවි යයි විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ලබානොදෙන පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහජන උපයෝගිතා කොමිසම මේ වන විටත් තීරණය කර ඇති බවත් ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ අදාල පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පැවසීය. 01 March 2022
කොහිවෙද අන්මගක් මේ මග හැර අපට? රිදිමාලියද්ද වරාපිටියේ ගම්වාසීන්ට බීමට වතුර සොයා ඈත ගම්මානවලට යෑමට සිදුව තිබේ. ජලය රැගෙන එන්න ප්‍රවාහන පහසුකම් නැති නිසා ගොන් කරත්තයක් ගෙන උපයෝගී කර ගන්නා අතර ගොන්නු නැති නිසා ඊට හොඳ ශක්තිමත් දෙදෙනකු තෝරා ගෙන ඇත. 01 March 2022
පැය හතහමාරක් හෙට ලයිට් නෑ පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 01 March 2022
මානව හිමිකම් රැකගන්න ලංකාවේ ක්‍රියාමාර්ග රැසක් අරන් තියෙනවා ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කරගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරීව සහභාගී වන රටක් විදිහට අපි ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා යැයි විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මානව හිමිකම් කවුන්සිලය අමතමින් අද (1) පැවැසීය. 01 March 2022
හොර සිවුරු පොරවා ගත් පිරිසගෙන් ශාසනය රැකගන්න මහනාහිමිවරු ඉදිරිපත් වියයුතුයි සිවුරු පොරවා ගත් ශ්‍රමණ වෙිශධාරීන්ගෙන් ශාසනය පිරී පවතින බැවින් ශාසනය රැකගැනීම සඳහා මහනාහිමිවරුන් වහා ඉදිරිපත් විය යුතුව ඇතැයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ. 01 March 2022
පස්ස පැත්තේ රත්රන් හංගා පනින්න හැදූ ඉන්දියානුවෝ මාට්ටු රත්රන් තොගයක් කටුනායක ගුවන් තොටුපළ තුළ හුවමාරු කරමින් සිටි ඉන්දීය ජාතික ගුවන් මගීහු දෙදෙනෙක් ඉකුත් 28 දින අලුයම , කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආවේක්ෂණ රාජකාරී වල නිරත සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. 01 March 2022
යුක්රේනයේ ඉන්දීය සිසුවෙක් මරුට රුසියන් හමුදා යුක්රේනයේ කාර්කිව් නුවර ඉලක්ක කර ගනිමින් එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය ශිෂ්‍යයකු මියගොස් ඇතැයි ඉන්දීය විදේශ අමත්‍යාංශය පවසයි. 01 March 2022
රුසියන් නීතිඥවරියගෙන් සොරාගත් ලැප්ටොප් පරිගණකය හෙට්ටිවීදියෙන් හමුවෙයි ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි රුසියන් නීතිඥවරියකට අයත් ලැප්ටෝප් පරිගණයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සොරාගෙන එය කොළඹ හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ ආයතනයක තබා තිබියදී සොයාදීමට කොළඹ කොටුව දුම්රිය ස්ථානාධිපති ප්‍රදීප් ජයසූරිය මහතා ප්රමුඛ නිලධාරී කණ්ඩායමක් ඉකුත් දා සමත් විය. 01 March 2022
සිසුන් දෙදෙනකුට කුරුණෑගලදී මාරාන්තික ප්‍රහාරයක් කුරුණෑගල නගරයේ අපොස සාමාන්‍ය පෙළ උපකාරක පංතියකට සහභාගී වූ සිසුන් දෙදෙනකුට තවත් තරුණයන් පිරිසක් පැමිණ පහරදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී. 01 March 2022
ඇල්ලේවෙල දිය ඇල්ලට දෙකක් බිලි වැල්ලවාය ඇල්ලේවෙල දිය ඇල්ලේ දිය නෑමටගිය තරුණයන් දෙදෙනකු අද දහවල් මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය කියයි. 01 March 2022
‘මැතිසබා කමිටුවලට නිලධාරීන් කැඳවීම සීමා කරයි‘ කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් සඳහා රජයේ ආයතනවල නිලධාරින් කැඳවීම සීමා කිරීමට තීරණය කර ඇතැයි එහි සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසීය. 01 March 2022
නැගෙනහිරින් දියර කිරි වැඩියෙන් නැගෙනහිර පළාතේ දෛනික දියර කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. 01 March 2022
ඛනිජ තෙල් සංස්ථා පොදු ජන ප්රගතිශීලී සේවක සංගමයේ උද්ඝෝෂණයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව පාඩු ලබන ආයතනයක් ලෙස සලකා විකිණීමට සූදානමක් ඇති බව කියමින් ඊට විරෝධය දක්වමින් ඛනිජ තෙල් සංස්ථා පොදු ජන ප්රගතිශීලී සේවක සංගමය අද( 01) සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිට උද්ඝෝෂණයක් අරඹා තිබේ. 01 March 2022
රුසියානුවන් පහර දෙන්නේ රික්තක බෝම්බවලින් රුසියාව යුක්රේනයට ‘රික්තක’ බෝම්බවලින් පහර දෙන බව ඇමෙරිකාවේ යුක්රේන තානාපති ඔක්සානා මර්කරෝවා පවසා ඇත. තානාපතිවරයා මෙසේ පවසා ඇත්තේ යුක්රේනයෙන් ලැබෙන හමුදා තොරතුරු පාදක කර ගනිමිනි. 01 March 2022
බණ්ඩි පොහොර ආනයනයට අනුමැතිය යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (පොටෑසියම් ක්ලෝරයිඩ්) පොහොර මෙටි්රක් ටොන් 38,500ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 01 March 2022
’’සෞභාග්‍යයෙ දැක්ම කුප්පි ලාම්පු එළියෙන් බලන්න වෙලා’’ සෞභාග්‍යයෙ දැක්ම කුප්පි ලාම්පු එළියෙන් බැලිය යුතු තරමට ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව රට අදුරෙන් අදුරට ඇද දමා ඇතැයි සමගි ජනබලවේගයේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී පැවසීය. 01 March 2022
කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් මාසයක් දීර්ඝ කෙරේ කොවිඩ් පාලනය සඳහා හඳුන්වා දුන් කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව ක්‍රියාත්මකවීම ලබන 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තීරණය කර ඇත. 01 March 2022
විදෙස් සටන්කාමීන්ට ඇරැයුම් රුසියන් හමුදා සමඟ සටන් වැදීමට කැමැති ඕනෑම විදේශ සටන්කාමියකුට යුක්රේනය විවෘත බවත්, වීසා නොමැතිව යුක්රේනයට ඇතුළු වී, ජාත්‍යන්තර ආරක්ෂක බලඅණිය සමඟ එක්විය හැකි බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත. 01 March 2022
යුරෝපා සංගමයේ සාමාජිකත්වය කඩිනමින් ඉල්ලයි යුක්රේනය කඩිනමින් යුරෝපා සංවිධානයේ සාමාජිකයකු කර ගන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. 01 March 2022
‘එක්ස්ප්‍රස් පර්ල්’ හානියට කෝටි 100 ක වන්දි කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට ඇමරිකානු ඩොලර් මිලියන ඇමරිකානු ඩොලර් මිලියන 4.75ක් හෙවත් රුපියල් කෝටි 100 කට ආසන්න වන්දියක් ලැබී ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 01 March 2022
මාස අටකට පෙට්‍රල් ගේන්න කැබිනට් අනුමැතිය මාස 8 ක කාලයක් සදහා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බැරල් ලක්ෂ 18 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමකින් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව ඇත. 01 March 2022
ශ්‍රී ලංකාවට කුරුඳු සඳහා බුද්ධිමය දේපළ අයිතිය ශ්‍රී ලංකාවට කුරුඳු සඳහා බුද්ධිමය දේපළ අයිතිය සහ භූගෝලීය දර්ශකය ලැබුණු බව කුඩා වැවිලි භෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. 01 March 2022
රුසියා-යුක්රේන ගැටුම ලංකාවේ තේ අපනයනට බාධාවක් ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවෙක් වන රුසියාව සහ යුක්රේනය අතර මේ වන විට උද්ගත වී ඇති යුද්ධමය තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා තේ කර්මාන්තයට බලපෑමක් එල්ල වෙමින් පවතින ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 01 March 2022
‘රට අඳුරේ හෙලා ආණ්ඩුව ඇස් කන් පියා සිටිනවා‘ ඉන්ධන අර්බුදය හමුවේ තෙල් නැතුව වාහන අතර මග නවතිද්දී ආණ්ඩුව කිසිවක් සිදු නොවූ ආකාරයට හැසිරීම රටේ අනාගත ආර්ථික ඛේදවාචකයක පෙරමග ලකුණු පෙන්වීමක් යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (01) ප්‍රකාශ කළේය. 01 March 2022
නිකවැරැටිය මහ ඇළ අසල නිවෙසක දරුවෙක් ඇළට වැටී මරුට නිකවැරටිය නගරාසන්නයේ,මහ ඇළ අසල නිවසක පදිංචි පවුලක වයස අවුරුදු දෙකයි මාස අටක පිරිමි දරුවකුගේ සිරුර එම ඇලේ ගසාගෙන යද්දී හමු වී ඇතැයි පොලීසිය පවසයි. 01 March 2022
මෝටර් රථය ටිපර් රථයේ ගැටී පියතුමා මරුට අනුරාධපුර - ත්‍රිකුණාමලය මාර්ගයේ මරදන්කඩවල දී මෝටර් රථයක් වැලි පැටවු ටිපර් රථයකට යටවී සිදු වූ අනතුරකින් එම මෝටර් රථය පැද වූ පියතුමකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. 01 March 2022
පුටින්ගේ ජනප්‍රියත්වය දිනෙන් දින පිරිහෙනවා යුක්රේනයට පහර දීමට තීරණය කළ අවස්ථාවේ පටන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ජනප්‍රියත්වය ගිලිහී යමින් පවතින බවත්, පුටින් තවදුරටත් ශක්තිමත් ලෝක නායකයකු ලෙස බොහෝ දෙනකු පිළි නොගන්නා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 01 March 2022
රුසියන් නියෝජිතයන් 12 නෙරපා දැමේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමෙරිකාවට සම්බන්ධ වී සිටි රුසියන් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් 12 දෙනකු නෙරපා හැරීමට ඇමෙරිකාව කටයුතු කර ඇත. 01 March 2022
යුක්රේනයට බටහිරින් අවි ආයුධ ගලයි ඇමෙරිකාව ප්රමුඛ රටවලින් දිගින් දිගටම යුක්රේන හමුදාවට අවි ආයුධ ලැබෙමින් පවතී. මේවනවිට ෆින්ලන්තයෙන් යුක්රේනයට ප්‍රහාරක ගිනිඅවි 2,500 ක්, යුද ටැංකි නාශක අවි 1,500 ක් ලැබී තිබුණි. 01 March 2022
’’එක රටක් එක නීතියක්’’ බලකායට තවත් මාස තුනක් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරනු ලැබ ඇත. 01 March 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026