මෝටර් රථය තුළ බැඳ තිබූ ජනශක්ති සභාපති මරුට බොරැල්ල සුසාන භූමියේ නවතා තිබූ මෝටර් රථය තුළ ගෙල සිර වන සේ පිරිසකගේ කූර වධහිංසාවට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ ජනශක්ති සමූහ ව්‍යවපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා අභාවප්‍රාප්ත වූ බව බොරැල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් තහවුරු කළේය. 16 December 2022
59 - 62 අතර වෛද්‍යවරුනට වසර සේවා දිගුවක් දැනට සේවයේ නිරත වයස අවුරුදු 59ත් 62ත් අතර වෛද්‍යවරුන්ට වසරක සේවා දීර්ඝයක් ලබා දීමට රජය තීරණය කර ඇත. 15 December 2022
පාඩු ලබන ආයතනවල ආර්ථිකය හරි යනතුරු වැඩිපඩි බෝනස් නෑ මෙරට ආර්ථිකය නැවත තිබූ තත්වයට පත් වන තෙක් සහ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබෙන තෙක් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයන්ට හෝ රාජ්‍ය සේවකයන්ට අතිකාල දීමනා, පඩි වැඩිවීම්, ප්‍රසාද දීමනා ලබා නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත. 15 December 2022
‘‘මාරු කළ ඕ.අයි.සීලා වෙනුවට අලුත් අය දැන්ම නෑ‘‘ මැති ඇමතිවරුන්ගේ නිවාසවලට ඉකුත් මැයි 9 වැනිදා පහරදීමේ සිද්ධියෙන් පසු ස්ථාන මාරු කරනු ලැබ සිටින පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථිර පොලිස් ස්ථානාධිපතිවරුන් ලබන වසරේ පෙබරවාරි 21 වැනිදා තෙක් පත් නොකරන බව පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (15) දැනුම් දුන්නේය. 15 December 2022
සාමනේර දෙනම දුරකතනයට කා කොටා ගනී පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පිරිවෙනක වැඩවාසය කරන තරුණ සාමණේර හිමිවරුන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකින් එක් සාමණේර හිමිනම තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 15 December 2022
මෙරට දළ දේශීය නිෂ්පාදිතය පසු බැහැලා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.8 කින් පසුබා ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි. 15 December 2022
ජනශක්ති සභාපති ඝාතන තැත වරදී ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ර්ට මහතා පැහැරගෙන බොරැල්ල සුසාන භූමියට රැගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ දරා ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 15 December 2022
‘‘චුට්ටියා’’ - ’’චුටියා’’ යළි අල්ලයි කැස්බෑව අධිකරණයට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ගෙන ගොස් සිටියදී අද (15) පෙරවරුවේ පැන ගිය සැකකරුවන් දෙදෙනා පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසියේ නිලධාරියෙක් පැවසීය. 15 December 2022
වෛද්‍ය සිසුහු ලිප්ටන් වටරවුමට එති ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් කොළඹ වෛද්‍ය පීඨයේ සිසුහු ලිප්ටන් වටරවුම ඉදිරිපිට අද සවස නිහඬ විරෝධතාවක නිරත වූහ. 15 December 2022
මට්ටක්කුලියේ ඝාතනයට තවත් දෙකක් අල්ලයි මට්ටක්කුලිය සාවියා පටුමගේ දී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඝාතනය සඳහා යොදාගත් කඩු දෙක කොටිකාවත්ත කොහිලවත්ත සුසාන භූමියේ සඟවා තිබියදී සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 15 December 2022
පාසල් 1000කට අන්තර්ජාල පහසුකම් රුපියල් කෝටි 100ක පමණ වියදමකින් පාසල් 1000කට අන්තර්ජාල පහසුකම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 15 December 2022
බෞද්ධ සරසවියේ ශිෂ්‍ය සංගම් බුඳුන් වැදීම තහනම් කරලා හෝමාගම, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර මුදානොගත් ප්‍රදේශ බඳු වී ඇති බවත්, මෙම විශ්ව විද්‍යාලය තුළ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කර නිදහසේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යා හැකි තත්වයක් නිර්මාණය කර දෙන ලෙස තමන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කළ බවත් එහි මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ පැවසූහ. 15 December 2022
නීතිවිරෝධීව නිපදවූ ලන්ච්ෂීට් තොගයක් අල්ලයි කැස්බෑව, ජඹුරලිය, බටුවන්දර ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වටලා නීති විරෝධී ලෙස නිපදවූ නියමිත ප්‍රමිතියෙන් තොර “පොලිතීන් ලන්ච් ෂීට්” කිලෝග්‍රෑම් 2,150ක (ටොන් 2ක) පමණ තොගයක් අත්අඩංගුවට ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. 15 December 2022
හමුදා පොදු සමාකාලයේ 18000ක් යන්න සූදානම් නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී ඇති පොදු සමාකාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 18,202ක පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 15 December 2022
එකතු කළ අගය මත බදු පනතට කතානායකගේ සහතිකය එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) සිය සහතිකය සටහන් කළේය. 15 December 2022
පොහොට්ටුව ඡන්දයකට සුදුසු වාතාවරණයක් ඉල්ලයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වර්තමාන පළාත් පාලන නියෝජිතයන් ඡන්දයට සූදානම් බවත් එම ඡන්දය ජනතාව අපහසුතාවට පත්වන දේවල් නොවන අවස්ථාවක පැවැත්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවසූවේ යැයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥා සාගර කාරියවසම් මහතා පැවසීය. 15 December 2022
මහජන සේවය ඉටු නොකර හේතු එපා මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදුල්ලේ දී පැවසීය. 15 December 2022
ගුවන් තොටුපොළවල් තුනක් කෝටි 200ක් පාඩු ලබලා රත්මලාන, යාපනය සහ මඩකළපුව යන ගුවන්තොටුපොළවල් පසුගිය වර්ෂ හතරේදී කෝටි දෙසීයකට වැඩි දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි විගණන වාර්තාවක සඳහන් වේ. 15 December 2022
14කට හිරේ ගිහින් හතරෙන් පැන්න රැඳවියා මාට්ටු අවුරුදු 14 ක සිර දඬුවම් නියමව අගුණුකොල පැලැස්ස බන්ධනාගාරයේ රඳව සිටියදි නිළධාරින්ගෙන් මිදී පලා ගිය සැකකරුවකු මාස හයකට පසුව සයින්දුමර්දු පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 15 December 2022
පාස්කු වන්දි නඩුවෙන් ජනපති පැත්තකින් තියයි බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් පාස්කු ඉරුදින මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබුවන්ගේ වින්දිතයන් පවරා ඇති නඩුවල විත්තිකරුවකු ලෙස නම්කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව ඔහු ජනාධිපති ධූරය දරන තාක්කල් බහා තැබීමට නියම කළ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දිසා විනිසුරු නුවන් තාරග හීනැටිගල මහතා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා ඇතුළු පිරිසට එරෙහි නඩුව ලබන 27 ව 15 December 2022
පාලි බෞද්ධ සරසවියේ නවක වද ගැන ජනපති දැඩි තීරණයක ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ නවක වද සිද්ධීන් සහ ශිෂ්‍ය ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට අද (15) උපදෙස් දුන්නේය. 15 December 2022
’’චුට්ටියා’’ - ’’චුටියා’’ කැස්බෑව අධිකරණ භූමියේදී පලායති හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා කැස්බෑව අධිකරණයට ගෙන ගොස් තිබියදී ’’චුට්ටියා’’ සහ ’’චූටියා’’ නැමැති කොල්ල කරුවන් අත් මාංචු සමඟ පළාගොස් ඇතැයි පිලියන්දල පොලිසිය කියයි. 15 December 2022
බදුල්ලේ රෝහල් හතරක් සංවර්ධනයට පියවර බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් හතරක් තත්ත්වයෙන් උසස් කොට සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 15 December 2022
ඩයනාට රට යන්න අවසර ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන සිද්ධියට අදාළව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම දින පහකට ඉවත් කල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඇයට විදේශ ගතවීමට අද (15) අවසර දුන්නේය . 15 December 2022
හිටපු ඇමතිවරයකු - නිලධාරීන් තේ මණ්ඩලේ පිහිටෙන් රට ගිහිල්ලා හිටපු අමාත්‍යවරයකු අමාත්‍යාංශ හිටපු අතිරේක ලේකම්වරයකු ඇතුළු නිලධාරීන් පිරිසකගේ විදේශ ගමන් වෙනුවෙන් 2020 වර්ෂයේදී වැය කළ රුපියල් පහළොස් ලක්ෂයකට වැඩි මුදලක් තේ මණ්ඩලය වැවිලි අමාත්‍යාංශයෙන් අයකර ගැනීමට 2021 වර්ෂය වනවිටත් කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 15 December 2022
විනෝදයෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය පුස්තකාල වෙබ් අඩවියේ “විනෝදයෙන් ඉංග්‍රීසි” වෙබ් පිටුව දැන් ක්‍රියාත්මක කර තිබේ. 15 December 2022
දෑත් බැඳ මරා දැමූ සිරුරක් හමුවෙයි දෑත් පිටුපසට කර ගැට ගැසා ඝාතනය කළ බවට සැක කරන නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් ඉංගිරියෙ රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී අද පෙරවරුවේ හමුවූ බව ඉංගිරිය පොලීසිය කියයි. 15 December 2022
බිත්තරයකට රජයේ නව මිල දැනුම් දෙයි පාරිභෝගික අධිකාරිය සුදු බිත්තරයක් සඳහා රුපියල් 42කුත් රතු බිත්තරයක් සඳහා රුපියල් 44කුත් ලෙසත් ලබා දීමට තිරණය කර තිබෙන බව නීතිපතිවෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය. 15 December 2022
කෘෂිකර්ම අමාත්‍යාංශය රුසියාව අල්ලන්න යයි ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොල සැකසීමටත්, කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණික උපකරණ හඳුන්වා දීමටත් රුසියානු රජයේ ෆෙඩරේෂණයේ සහයෝගය පළ කරයි. 15 December 2022
වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනයට ගැසට් නිවේදනයක් වෛද්‍යවරු අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 15 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026