වැස්ස වැඩි වේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 December 2022
‘‘සීමා නිර්ණය දමා මැතිවරණ කල් දමන්න බෑ‘‘ පළාත් පාලන ආයතනයන්හි සභිකයින් අඩු කිරීම පිනිස සීමා නිර්ණ කමිටුවක් පත් කර තිබෙනවා. නමුත් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට සීමා නිර්ණ කමිටුව යොදාගත නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සදහන් කළේය. 15 December 2022
සමාජ මාධ්‍ය ක්‍රියාකරුට පිහි පහර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ඩිලාන් සේනානායක නැමැත්තා පිහි ඇනුමකට ලක්ව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඊයේ රාත්‍රියේ ඇතුළත් කළ බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. 15 December 2022
‘කොවිඩ් 19’ තවදුරටත් තර්ජනයක් නොවේ ‘කොවිඩ් 19’ වයිරසය තව දුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි. 15 December 2022
අයි.එම්.එෆ් ණයට අමතරව තවත් ඩොලර් බිලියන 8ක් සොයයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදලට අමතරව ශ්‍රී ලංකාව තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක මුදලක් ලබන වසරේ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා රොයිටර්ස් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. 14 December 2022
මෙක්සිකෝවේ එවූ කෝටියක ‘අයිස්’ ගුවන්තොටේදී කොටු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 650 ක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි. 14 December 2022
කොල්ලුපිටියේදී කතට පහරදුන් කත මාට්ටු කොල්ලුපිටිය ගාලු පාරෙදි සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් පසු එම මෝටර් රථයේ පැමිණි කාන්තාවකට අමානුෂික ලෙස මහ මඟ දමා ගෙන පහර දුන් බව කියන ප්‍රධාන සැකකාරිය පාණදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. 14 December 2022
කොහොම හරි ගොඩදමනවා ජනපති ලොකු විශ්වාසයකින් රට බංකොළොත්භාවයෙන් ගොඩගැනීමට තමා නිසැකවම කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 December 2022
දුමින්ද නාගමුව ඇතුළු අටකට සිතාසි අධිකරණ කටයුතු පැවැත්වෙමින් තිබියදී උසාවියේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක් පවත්වා අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලබන ජනවාරි මස 31 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ඇතුළු අට දෙනකුට අද සිතාසි නිකුත් කළේය. 14 December 2022
බොක්සින් සූරයා කපා කොටා පුළුස්සා මහ මඟ දමා යයි බොක්ෂිං ක්‍රිඩාවෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් දක්ෂ බොක්ෂිං ක්‍රිඩකයකුවූ එම්. එස්. දිනූෂ ලක්ෂාන් ක්‍රිඩකයා මහනුවරදී කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කපා කොටා පුච්චා හන්තාන සුළං ක්‍රිඩාංගණය ආසන්න පාඵ ප්‍රදේශයක දමා ගොස් සිටියදී හමුවූ බව ඔහුගේ ඥාතීහු පවසති. 14 December 2022
ජාතික ගැටළුවට විසඳුමක් හොයන්න පක්ෂ නායකයෝ එකට වාඩි වෙති ජනපති එළැඹෙන 75 වන නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටළුවට විසඳුමක් ලබාදීම සඳහා සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 14 December 2022
පල්ලේකැලේ සඳකඩ පහන උස්සයි පල්ලෙකැලේ පොලිස් වසමේ පල්ලේකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ අඩි තුනක් පමණ උස අඩි තුනක් පමණ පළල සඳගල නැමැති පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳකඩ පහනක් කිසියම් පිරිසක් ගලවා ගන්න ගොස් ඇති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පල්ලෙකැලේ පොලීසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ . 14 December 2022
60ට එරෙහිව වෛද්‍යවරුන්ගේ පෙත්සමට දුන් තීන්දුව රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම බලාත්මක කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ රාජ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන්ට අදාළව විශ්‍රාම ගැන්වීම ලබන වසරේ ජනවාරි 25 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීම අත් හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය. 14 December 2022
‘ජිලේගේ’ කෝටි 32ක කුඩු අල්ලයි මහාපරිමාණ හෙරොයින් ඡාවාරම්කරුවකු ව සිටි ‘අංගොඩ ලොක්කා’ ගේ ගෝලයකු වූ ‘ජිලේ’ නමැත්තාට අයත් රුපියල් කෝටි 32කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 12 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (14) මුල්ලේරියාව බාරොන් තිලකරත්න මාවතේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 14 December 2022
අල්ලස් චෝදනාවෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න නිදහස් රජයේ රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තුන හමාරකට අධික අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතා විත්ති වාචක නොකදවාම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද නියම කළේය. 14 December 2022
තොරතුරු තාක්ෂණ සමාගම් රැසක් වැහෙන ලකුණු විදුලි කප්පාදුව හේතුවෙන් කුඩා පරිමාණයේ තොරතුරු තාක්ෂණ සමාගම් රැසක් පවත්වාගෙන යෑමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම වෙනුවෙන්වූ ජාතික සභා අනු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය. 14 December 2022
නරක කාලගුණය ලංකාවේ ඩොලර් බිලියන ගානක් කා දමයි අයහපත් කාලගුණික තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුවන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 14 December 2022
තෙල් පිරිපහදුව 16දා යළි විවෘත කරයි සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 16 වනදා නැවත විවෘත කරන බවත් ඉන්පසුව ඉන්ධන වර්ග බොහොමයක් නිෂ්පාදනය ආරම්භ කරන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 14 December 2022
ගසක් කැපුවාට ගමෙන් නෙරපයි තම අසල්වැසියාගේ ගෙවත්තේ තිබූ ගසක් කපා දැමීම හේතුවෙන් 59 හැවිරිදි ඒඩ්‍රියන් ස්ටේයාර්ස් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට තමා පදිංචි නගරයට ඇතුළු වීම වසර 15 ක් යනතෙක් තහනම් කිරීමට නොර්තැම්ප්ටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. 14 December 2022
සිමෙන්ති මිල රුපියල් 225 කි බසී කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල අද (14) මධ්‍යම රාත්‍රී සිට රුපියල් 225 කින් පහළ දැමීමට සිමෙන්ති සමාගමක් කීපයක් තීරණය කර ඇති අතර එම මිල පහත දැමීමත් සමඟ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,750ක් දක්වා අඩු වේ. 14 December 2022
ලංකාවේ උපාය මාර්ග සැලසුමට ලෝක ආහාර වැඩසටහනේ අනුමැතිය ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර තිබෙි 14 December 2022
ජාතික පුෂ්පයේ අවුල විසඳන්න විශේෂඥ කමිටුවක් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල්ද නිල් මානෙල්ද යන්න සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් ඇතිවී තිබෙන හෙයින් එම ගැටලුව විසඳාගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තීරණය කළේය. 14 December 2022
ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ජන්ම දිනයට පින්කම් මාලාවක් ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥනීස්සර නාහිමියන්ට අද පිළිගැන්වීය. 14 December 2022
පාසල් පොත් වැඩි මිලට වික්කොත් වැඩ වරදී පාසල් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ . 14 December 2022
මන්ත්‍රී ජයන්තට පහරදීමට තැත් කළැයි පැමිණිල්ලක් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරට බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයකු පහරදීමට තැත් කළ බව පවසමින් ඒ මහතාගේ ආරක්ෂාවට සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයකු පැමිණිල්ලක් කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 14 December 2022
සහල් ආනයනය අත්හිටුවයි බාස්මති සහල් හැර සෙසු සහල් වර්ග ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (14) පැවසීය. 14 December 2022
විදේශ සේවා කාර්යාංශයේ පොලිස් ඒකකය වහලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පොලිස් ඒකකය අහෝසි කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) දැඩි අප්‍රසාදය පළවී ඇත. 14 December 2022
ඌවතැන්නේ සුමන හිමි යළි රිමාන්ඩ් පොල්තෙල් ලබාගෙන කෝටි 5 කට ආසන්න අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී ඌවතැන්නේ සුමන හිමි ලබන 24 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (24) නියෝග කළේය. 14 December 2022
’’පිටරටින් දුන් සල්ලිවලින් බෙහෙත් හරියට අරන් නැහැ’’ විදෙස් අරමුදල්, ඖෂධ මිලදී ගැනීම සඳහා නිසි ලෙස භාවිතයට ගෙන නැතැයි ආර්ථිකය ස්ථායිකරණයට අදාළ වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කාරක සභාව අදාල ආයතන බලධාරින්ට අප්‍රසාදය පළකර ඇත. 14 December 2022
ඉලෝන් මස්ක්ගෙන් කිරුල ගැලවෙයි නැවත වරක් ඉලෝන් මසක් ලොව ධනවත්ම පුද්ගලයන් අතර දෙවැනි ස්ථානයට පත්ව තිබේ. ඉලෝන් මස්ක් පසු කරමින් ලුවී වටාන් මවු සමාගම වන එල්වීඑම්එච් හි සභාපති මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ බර්නාර්ඩ් ආර්නොල්ට් ලොව ධනවත්ම පුද්ගලයා වී ඇත. 14 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026