නියෝජ්‍ය පොලිස්පතිගේ ගිනුමක් හැක් කරලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ වටස්ඇප් ගිණුම හැක්කර බැංකු ගිණුමක මුදල් වංචා කළේ යැයි කියන නයිජීරියන් ජාතිකයා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රහස් පොලිසියට නියෝග කළේය. 20 November 2025
ඉදිරි දිනවල කාලගුණයේ ලොකු වෙනසක් නොවැම්බර් 22 පමණ වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 November 2025
කොටහේන ඝාතනයේ වෙඩික්කරු අල්ලයි කොටහේන 99 මහල් නිවාස සංකීර්ණ ඉදිරිපිට දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය කියයි. 19 November 2025
මෙම වසරේ මේ දක්වා වෙඩිතැබීම් 107ක් මෙම වසරේ මේ දක්වා වෙඩිතැබීම් 107 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 19 November 2025
සමාජ ආරක්ෂණ සූදු බදු පනත්වලට මුදල් සභාවේ අනුමැතිය සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) හා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවිය. 19 November 2025
උතුරු නැගෙනහිර ගැටලු වලට නව දේශපාලන විසඳුමක් උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට නව දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 19 November 2025
රාජ්‍ය පරිපාලන වැය ශීර්ෂය සම්මතයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය. 19 November 2025
අයවැයට වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ විරෝධය මෙවර අයවැය මගින් වෛද්‍යවරුන් නොසලකා හරිමින් ඔවුන්ගේ පහසුකම් කප්පාදු කර ඇතැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය චෝදනා කරයි. 19 November 2025
උඩරට මාර්ගයේ තැපැල් දුම්රිය දෙකක් අවලංගු කරයි උඩරට දුම්රිය මාර්ගයට පස්කදු කඩා වැටීම සහ දුම්රිය පිළිපැනීමම හේතුවෙන් අද (19) දින ධාවනය වීමට නියමිතව තිබූ එම මාර්ගයේ තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක්ක් පැවසීය. 19 November 2025
පැන්ෂන් කැපුවොත් නඩු දානවා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කළහොත් නඩු මඟට බහින බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය. 19 November 2025
ලංකා- ඇමරිකා ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවට දෙන්න ඇමරිකාව සහ ලංකාව අතර නොවැම්බර් 14 වැනිදා අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) 19 November 2025
ලෝක පාර්ලිමේන්තු සංගමයෙන් ලංකාවට සහතිකයක් ජිනීවාහි 151 වන අන්තර් පාර්ලිමේන්තු සංගම් (IPU) සමුළුවේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මෑතකාලීන ප්‍රගතිය විශේෂ ඇගයීමට ලක්විය 19 November 2025
“කන්න දීප අත සපා කෑ අලියා“ මීගොඩ පුවක්වත්ත ප්‍රදේශයේ ගොඩනැගිලි අමු ද්‍රව්‍ය අලෙවි සැලක් ඉදිරිපිට දී එම වෙළදසැලෙහි හිමිකරු අලියකුගේ ප්‍රහාරයට ලක්ව තිබේ. 19 November 2025
පවුලක්ම මරන්න ආ වෙඩික්කරු මාට්ටු දැනට රක්ෂිත බනධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අයත් බව කියන හෝටලයකට ගොස් තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත වැලිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරු ඇතුළු පවුලේ 8 දෙනකු සමූල ඝාතනය කිරීමට පැමිණි බව කියන සැකකරුවකු සහ ටී 56 ගිනි අවියක්, 38 වර්ගයේ ගිනි අවියක් සහ අත්බෝම්බයක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසයි. 19 November 2025
කම්කරු උපදේශන සභාව සක්‍රීය වෙයි 2023 වසරේ සිට අකර්මණ්‍ය කර තිබූ කම්කරු උපදේශන සභාව ජාතික ජන බලවේග රජය යටතේ සක්රී කළ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීවාය. 19 November 2025
රාජ්‍ය සේවා කොමිසමේ වැඩක් නිසා අවුලක් වෙලා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෑත කාලයේ ගත් ආන්දෝලානාත්මක තීරණ කීපයක් නිසා රාජ්‍ය සේවයේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 November 2025
අනූනවයෙන් බේරුණු දුම්රිය මහා අනතුර ඔහිය - ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රියට ගල් පෙරළීමෙන් ඊට දුම්රිය ඇන්ජිමක් සිරවීමෙන් සිදු වූ අනතුරින් අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියවාර රැසක් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය කියයි. 19 November 2025
ජපන් රැකියා සංචිතයක් හදයි ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ශ්‍රි ලාංකිකයින් 5000ක ගේ සංචිතයක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවැසීය. 19 November 2025
විශ්‍රාමිකයෝ පොල්දූවේ විරෝධතාවයේ රජයේ සේවයෙන් විශ්‍රාම ගොස් තවමත් විශ්‍රාම වැටුප නොලැබුණු 20 - 24 විශ්‍රාමික එකමුතුව බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී අද (19) විරෝධතාවක් පැවැත්වීය. 19 November 2025
සජබ මන්ත්‍රීලා තුනකට මැතිසබේ අලුත් පුටු පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා තුනකට සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනෙකු පත්කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. 19 November 2025
නාමල්ගේ නීති උපාධි සහතිකයට මැතිසබය ඇවිළෙයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ එංගලන්ත නීති උපාධි සහතිකයේ සැක සහිත තැන් සම්බන්ධයෙන් වෙබ් අඩවි ගණනාවක් කරුණු ඉදිරිපත් කර ඇති හෙයින් මැතිසබේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ඔහු ඒ ගැන ප්‍රකාශයක් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 November 2025
අස්වැසුමේ හිල් වහන්න මැතිසබා කමිටුවෙන් නියෝගයක් අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුව ඇත. 19 November 2025
ප්‍රජා ශක්ති කිලිනොච්චි යයි ‘ප්‍රජාශක්ති’ දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සමගාමීව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් කිලිනොච්චියේදී පැවැත්විණි. 19 November 2025
ශ්‍රීලනිප ප්‍රා. සභා මන්ත්‍රීවරු 8 ක පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදෙස්වලට පටහැනිව පළාත් පාලන ආයනවල අයවැය ඡන්දයේදී ජාතික ජනබලවේගයට සහයෝගය දුන් එම පක්ෂයේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු අට දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවූ බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් අද (19) පැවසීය. 19 November 2025
ලෙකෝ සභාපතිගේ බෙන්ස් රථය මැතිසබයටත් එයි ලෙකෝ ආයතනයේ සභාපතිවරයා එම අායතනයේ වාහන හතරක් කෝටි හතරකට විකුණා කෝටි අටක බෙන්ස් එකක් මිලදී ගෙන ඇතැයි මන්ත්‍රී රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) චෝදනා කළේය. 19 November 2025
විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්රශ්නය විසඳන්න කමිටුවක් විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. 19 November 2025
ත්‍රිකුණාමලයේ සිද්ධියට ජාතික ඒකාබද්ධතා කමිටුවක් පිහිටුවන්න ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධතා කමිටුවක් පිහිටුවා අවශ්‍ය තීන්දු තීරණ ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 November 2025
ත්‍රි‘මලේ සම්බුධ ජයන්ති විහාරයේ ඉදිකිරීම් අධිකරණ අණින් නවතියි ත්‍රිකුණාමලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට අයත් තාවකාලික ඉදිකළ ගොඩනැගිල්ලේ දැනට කළ ඉදිකිරීම් ඒ ආකාරයෙන් තබන ලෙසත් නව ඉදිකිරීම් හෝ වෙනස්කම් නොකරන ලෙසත් ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එන්.එම්.සම්සූදීන් මහතා විහාරාධිකාරී හිමියන්ට අද (19) නියෝග කළේය. 19 November 2025
ආණ්ඩුවේ අවලාදවලට සිකුරාදා උත්තර ලැබෙයි තම උපාධිය සම්බන්ධයෙන් පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 19 November 2025
මුදල් වංචා කළ සිවුරුදැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින් කීප දෙනෙකුගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබා ගැනීම හා මෝටර් රථයක් මීලදීගෙන ගෙන ඒ සදහා රුපියල් ලක්ෂ 40ක් වටිනා අගුරු චෙක්පතක් ලබා දීම ඇතුලු වැරදි කීපයක් සම්බන්ධයෙන් පොලීසිය මග හරිමින් සිටි සිවුරුදැරූ පුද්ගලයෙකු අද (19) සැක පිට අත් අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 19 November 2025
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026