බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස හමුවේ අද (3) පැවසීය. 03 October 2024
අනුරට එජා මහලේකම් සුබ පතයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. 03 October 2024
පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී ‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කොන්දේසි විරහිතව අද සමාව ගත්හ. 03 October 2024
විජිතගේ ප්‍රකාශය වැරදියි ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 03 October 2024
පොලිස්පති මහජන සහන දිනය යළිත් පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත. 03 October 2024
තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (3) නියෝග කළාය. 03 October 2024
පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපයට පැවසීය. 03 October 2024
බඹරු ඇන 15කට තුවාල තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්‍රාදේශීය රෝහලට අද (03) ඇතුලත් කොට තිබේ. 03 October 2024
කාසල්රී රක්ෂිතයේ ගින්නක් කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත. 03 October 2024
වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පැවසීය. 03 October 2024
පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණමඩුව මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු අද(3) මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය. 03 October 2024
ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව එහි භාණ්ඩාගාරික බස්නාහිර පළස්සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්ම ගේ මහතා කොළඹ අද (03) පැවතිමාධ්‍ය හමුවකදී පැවසීය. 03 October 2024
රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන එස්. ආලෝක බණ්ඩාර මහතා පත් කර තිබේ. 03 October 2024
ඩිජිටල් ව්‍යාපෘති වලට ගේට්ස් පදනමේ සහය රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් සහාය ලබාදීමට ගේට්ස් පදනම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවේ සහතික වී තිබේ. 03 October 2024
ඇසිඩ් පහරින් තුනක් රෝහලේ බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. 03 October 2024
මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමඟ කොළඹ එම පක්ෂ මූලස්ථානයේදී අද (3) එක්වූහ. 03 October 2024
පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක් තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප්‍රදේශවාසීන් හා ඔහු ඉගෙන ගත් පාසලේ සිසුන් අද (03) වන දින විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ. 03 October 2024
රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ. 03 October 2024
මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙසට බල කරමින් හබරණ පළුගස්වැව නාමල්පුර මහමීගස්වැව ප්‍රදේශයේදී සිය සේවක ස්ථානයේදී විරෝධතාවක් ඇරැඹුහ. 03 October 2024
පුංචි ඡන්දය ළඟ එයි පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 03 October 2024
ලොග්ගල්ලා ඔය හිදිලා මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් ඌව පළාතට අයත් වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගාවක් වන ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්රයෙන් පහත වැටී පතුල පෑදෙමින් තිබේ. 03 October 2024
හිටපු කැබිනට් ඇමැතිට සිර දඬුවම් සිංගප්පූරුවේ හිටපු අමාත්‍ය එස්. ඊශ්වරන්ට මාස 12 ක සිරදඬුවමක් නියම විය. 03 October 2024
හම්බන්තොටින් ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි 2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කර ඇත. 03 October 2024
ජනතාවාදී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෙනී ඉන්නවා කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 03 October 2024
තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 03 October 2024
පොත් ගන්න මහ සෙනඟක් ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව ඊයේ (02) දින පිරී තිබිණි . 03 October 2024
‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බඩු ගම්මානය වෙත එවා තිබියදී , එම පාර්සලය රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු ද සමග රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ . 03 October 2024
මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර්මාණ කර මුද්‍රණය කිරීමට ලබා දුන් පුද්ගලයා සහ ඒවා තැන් තැන්වල අලවා ප්‍රදර්ශනය කිරීමට විවිධ පුද්ගලයන් වෙත ලබා දුන් පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 03 October 2024
ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ. 03 October 2024
අදත් තැනින් තැන වැසි නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 October 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026