වත්තේගම සී .අයි යට කළ දෙකක් සැකපිට ශාරීරික අභ්‍යාස කිරීම සඳහා යමින් සිටියදී වත්තේගම නගරයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ ලක්ෂ්මන් බණ්ඩාර මොළගොඩ (58) යන අය යටකර මරා දමා පළාගොස් සැඟව සිටි මාතලේ මණ්දන්ඩාවෙල පදිංචි රෙදි වෙළෙන්දකු සහ ඇඟළුම් ආයතන හිමිකරුවකු ,අනතුර සිදුකල වාහන දෙක ද සමග අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලීසිය කියයි. 16 December 2024
වසර තුනක් ප්‍රේමය සොයා ගිය බොරිස් තම ආදරය වෙනුවෙන් අවුරුදු 3 කට ආසන්න කාලයක් තුළ කිලෝ මීටර් 200 ක් දුරක් ගෙවමින් ඝන වනාන්තර පසු කරමින් සිය පෙම්වතිය වෙත පැමිණි බොරිස් නම් සයිබීරියානු කොටියකු පිළිබඳ පුවතක් රුසියාවෙන් වාර්තා වේ. 16 December 2024
මෛත්‍රී - නිමල් සිරිපාල සභාපති ලෙස පිලි ගනී පෙත්සම කැඳ වූ අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ, තම සේවාදායකයා වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවන අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය. 16 December 2024
රාෂ්ට්‍රපති භවන්හීදී ජනපති ඉහලින් පිළිගනී ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ. 16 December 2024
’’ ගෝල් මාවල්ස්’’ හිමිකරු යළි රිමාන්ඩ් මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ’’ලංකා T 10 සුපර් ලීග්’’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට බලපෑම් කළේ යැයි කියන ’’ ගෝල් මාවල්ස්’’ කණ්ඩායමේ හිමිකාර ඉන්දීය ජාතිකයා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(16) නියෝග කළේය. 16 December 2024
යතුරුපැදිය බසයේ ගැටී සිසුවිය මරුට පියා සහ දියණිය ගමන් ගත් යතුරු පැදියක් අද(16) මහනුවර විලියම් ගොපල්ලව මාවතේදී පුද්ගලික බස් රියක ගැටීමෙන් යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් 17 හැවිරිදි පාසැල් සිසුවියක් බරපතළ තුවාළ ලබා මරණයට පත්ව තිබෙන බව මහනුවර පොලීසියේ රථවාහන අංශය පවසයි. 16 December 2024
පොලීසියේ තිදෙනා කැපූ සිද්ධියට තවත් තිදෙනකු අල්ලයි පොලිස් නිලධාරීන් තිදෙනෙකු තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත්පා සල් සංවර්ධන නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි . 16 December 2024
වාලම්පුරියක්-බෙල්ලන් විකිණිමට ගිය දෙන්නෙක් මාට්ටු ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත අනුරාධපුරාධපුර රඹෑව ප්‍රදේශයෙදී ටයිටැන් වර්ගයෙ වාලම්පුරියක් හා විශේෂිත බෙල්ලන් දෙදෙනෙකු ලක්ෂ දහයකට අලෙවි කිරිමට සුදානම් වු සැකකරුවන් දෙදෙනෙකු අද (16 ) අත් අඩංගුවට ගත් බව කියයි. 16 December 2024
ජනපති ඉන්දීය රාජතාන්ත්‍රික සාකච්ඡා අරඹයි ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවතී සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් (Dr.S.jayashankar) සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දො වාල්(Shri Ajith Doval) යන මහත්ම මහත්මීන් ජනාධිපති සමඟ සාකච්ඡා කළහ. 16 December 2024
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද නව කතානායකවරයා පත් කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (16 ) පස්වරු 1.00ට පැවැත්වේ. 16 December 2024
වගා වනසන සතුන් පාලන ක්‍රම කියන්න මහජනයාට ඉඩක් ශ්‍රී ලංකාව තුළ රිළවා,ඉත්තෑවා,වල් ඌරා,මොනරා ආදී වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබේ. 16 December 2024
රිවස්ටන් අනතුරින් අයෙක් මරුට: 7ක් රෝහලේ ලග්ගල රිවස්ටන් මාර්ගයේ ඉලුක්කුඹුර ප්‍රදේශයේදී වෑන් රියක් හෙලකට පෙරැළිමෙන් එක් අයෙකු මියගොස් තවත් හත් දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ලග්ගල පොලීසිය කියයි. 16 December 2024
දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 December 2024
නව කථානායක පුටුව පොලොන්නරුවට ජාතික ජන බලවේග රජයේ නව කථානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කිරීමට තීරණය කර තිබේ. 16 December 2024
තවත් මන්ත්‍රී පහකට පට්ටම් ගැලවෙයි? රජයේ මැති ඇමැතිවරුන් තවත් පස් දෙනකුගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ගණනාවක් ප්‍රබල ලෙස සැක මතු කර ඇත. 15 December 2024
මීටියාගොඩ වෙඩි තැබීමක් මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක සහ පිරිමියකු තුවාල ලබා බළපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 15 December 2024
මේ රජය ගත් ණය ගැන වෙරිටේ රිසර්ච් මතය පශ්චාත් ජනපතිවරණ සමයේ ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබුණත් සැබැවින්ම වත්මන් ආණ්ඩුව ගෙන ඇත්තේ පසුගිය ඔක්තෝබර් සිට මෙම මස අවසානය දක්වා ගැනීමට හැකියාව තිබෙන සමස්ථ ණය ප්‍රමාණයට වඩා අඩු ණය ප්‍රමාණයක් බව වත්මන් ආණ්ඩුවේ ණය ගැනීම් සම්බන්ධයෙන් කළ තොරතුරු පිරික්සීමේදී අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 15 December 2024
ඉන්දියාවෙන් විශ්වවිද්‍යාල සිසුන් 200 කට ශිෂ්‍යත්ව ඉන්දීය රජය පිරිනමන ශිෂ්‍යත්ව වැඩසහනක් යටතේ යාපනය සහ නැගෙනහිර යන විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ලබන ආර්ථික අපහසුතා සහිත පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 කට ශිෂ්‍යත්ව පිරිනැමීය. 15 December 2024
සහතික වලට වඩා වටින්නේ මනුස්සකම මොන වෘත්තීය කළත් මොන සහතිකය ගත්තත් සමාජයට වැදගත්ම දේ මනුස්සයෙක් වෙලා ඉන්න එක බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා පැවසීය. 15 December 2024
ජනපති අනුරට ඉන්දියාවේදී ඉහළ පිළිගනීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද (15) පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළගා විය. 15 December 2024
හොර ගුරුන් 14 රජරටින් පන්නයි ව්‍යාජ අධ්‍යාපන සහතික සහ කුඨ ලේඛණ ඉදිරිපත් කොට පත්විම් ලබාගත් උතුරු මැද පළාතේ උපාධිධාරි හා පුහුණු ගුරැවරු 14 දෙනකුගේ සේවය අවසන් කළ බව උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසිය. 15 December 2024
රැජින-සාගරිකා ගැටුමෙන් තිදෙනකුගේ වැඩ තහනම් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද (15) පෙරවරුවේ රජරට රැජින හා සාගරිකා දුම්රිය ගැටුම සම්බන්ධයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති, රජරට රැජින දුම්රියේ රියදුරුගේ හා රියදුරු සහයකගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 15 December 2024
පාස්පෝට් ගන්න කැබිනට් අනුමැතිය ඉලන්න යයි විදේශ ගමන් බලපත්‍ර දෛනික නිකුත් කිරීමේ අනුපාතය අනුව දැනට මෙරට සතුව තිබෙන විදේශ ගමන් බලපත්‍ර 750,000 ක තොගය ලබන වසරේ ජූලි සහ සැප්තැම්බර් අතර කාලයේදී අවසන් වීමට නියමිත බවත් ඉන්පසුව විදේශ ගමන් බලපත්‍ර තොග ලබාගැනීමට සුදුසුම ක්‍රමය යෝජනා කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවත් පැවැසෙයි. 15 December 2024
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හැප්පූ රියදුරු අල්ලයි මාතලේ කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මොළගොඩ මහතා අනතුරට පත්කොට පලා ගිය මෝටර් රථය සහ සැකකරු මාතලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 15 December 2024
විදුලි සේවකයින්ට පහරදුන් හිටපු ප්‍රා.ස.මන්ත්‍රී-සොහොයුරා අත්අඩංගුවට වසරක් පුරා නොගෙවු හිඟ විදුලි බිල් පතක් හේතුවෙන් නිවසක විදුලිය විසන්ධි කිරීම සදහා ගිය පුත්තලම විදුලි නඩත්තු ඒකකයේ නිළධාරීන්ට වට කර ගෙන පහර දුන් පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු හා ඔහුගේ සොහොයුරා පුත්තලම මුලස්ථාන පොලිසිය මගීන් අද (15 ) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 December 2024
එන්.ජි.ඕ ලියාපදිංචිය අනිවාර්ය කරයි සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන ඇතුළුව මෙරට ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම රජය විසින් අනිවාර්ය කරනු ලැබ ඇත. 15 December 2024
වැඩ බලන්න ඇමතිවරු 5ක් නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 5ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. 15 December 2024
අක්කර 50 කුඹුරු යාය අලි වනසති තිරප්පනේ සෙම්බුකුලම හා දෙමටෑගම යන ගම්මානවලට අයත් කුඹුරු අක්කර 50ක් පමණ වන අලි රංචුවක් පැමිණ විනාශ කර ඇතැයි ගොවීහු පවසති. 15 December 2024
පුත්තලමේ ලුණු වැස්සට දිය වෙයි ශ්‍රී ලංකාවේ සමස්ත වෙළෙඳ පොළෙන් සියයට 45 කට වැඩි අස්වැන්නක් හිමිව තිබු පුත්තලමේ ලුණු නිෂ්පාදනය දිගින් දිගටම පවතින වර්ෂා තත්වය හේතුවෙන් අහිමි වෙමින් යන බව එම කර්මාන්තයේ නිරතවූවෝ දැඩි කනස්සල්ලෙන් පවසති. 15 December 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026