ජනපති සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය. 29 June 2024
ධීවරයින් ගෙනත් දෙන්නැයි තංගල්ලේ විරෝධතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් රෝගාතුරුව සිටි හා මිය ගිය තංගල්ලේ ධීවර පිරිස හැකි ඉක්මණින් ගොඩබිමට රැගෙන එන ලෙසට බලකරමින් ධීවරයින්ගේ ඥාතීන් හා අසල්වැසියන් පිරිසක් අද (29) සවස තංගල්ල මාතර ප්‍රධාන මාර්ගය පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ. 29 June 2024
‘‘මං යන්නෙ නෑ‘‘ තමා කිසිදු අවස්ථාවක ආණ්ඩුවට එකතු නොවන බව එක්සත් ජනරජ පෙරමුණු නායක හා පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. 29 June 2024
ජෝ බයිඩන්ට වඩා මිෂෙල් ඔබාමා හොඳයි නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් වෙයි. 29 June 2024
ඉරාන ජනපතිවරණයෙන් කාටවත් බහුතරය නෑ ඉරාන ජනාධිපතිවරණය පැවැත්විණි. අපේක්ෂකයන් සිවු දෙනකු ඊට සහභාගී වූ අතර, ඔවුන් කිසිවකුට බහුතර බලයක් හිමි නොවිණි. 29 June 2024
විපක්ෂයේ හතරක් ආණ්ඩුවට? ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් පැවසේ. 29 June 2024
ප්‍රගීත් රනින් පුද ලබයි ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන ප්‍රගීත් සම්පත් කරුණාතිලක 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඉංග්‍රීසි මාධ්‍ය අංශයේ - ඒක පුද්ගල කාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. 29 June 2024
කෝටි 20ක මත්ද්‍රව්‍ය පුළුස්සයි රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමකින් යුත් විවිධ අවස්ථාවලදි අත්අඩංගුවට ගැනුන හොරෝයින්, අයිස්, හා කොටමින් නැමති මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ පිහිටි පොලිස් දෙපාර්තුමේන්තුවට අයත් අධිබල උදුනේ දමා විනාශ කිරීම පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ අද (29) දින දහවල් සිදුවිණි. 29 June 2024
ධීවර මරණ හතර දක්වා ඉහළට මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ විදෙස් මත්පැන් බෝතලයක් බව පවසා එය පානය කිරීමෙන් පසු මියගිය ධීවරයින්ගේ ගණන හතර දක්වා ඉහළ ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 29 June 2024
දින 22 ට කෝටි එක් ලක්ෂ එකළොස් දාහක් ණය අරන් ශ්‍රී ලංකාව නැවතත් ණය උගුලට හසු වීමේ අවදානමක් මතුවෙමින් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය. 29 June 2024
දූෂිතයන්ගේ ලයිස්තු නීතිපතිට අල්ලස් කොමිසමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව) රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිර්දේශ එම කාරක සභාවල තීරණ පරිදි නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කෝපා කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම විමර්ශනය කිරීම සඳහා වූ අනුකාරක සභාවේ අවධානය යොමුවී ඇත. 29 June 2024
ඡන්දෙට සූදානම් වෙන්න: මැකෝ දන්වයි මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලාධිපතිනීයටත් පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී ඇත. 29 June 2024
මහ මඟ රන් කොල්ල කෑ ජුවලරි හිමිකරු ඇතුළු හතරක් මාට්ටු මහ මඟ ගමන් ගන්නා කාන්තාවන් ඇතුළු ජනතාවගේ බෙල්ලට කඩුවක් තබා මරණ බිය ඇති කර රන් ආබරණ කොල්ලකෑ කල්ලියකට සම්බන්ධ බව කියන රන් ආබරණ වෙළඳසල් හිමියකු, කාන්තාවක ඇතුළු සිව් දෙනකු කොල්ලකෑ රන් ආභරණ කිහිපයක්, කඩුදෙකක් හා අත්බෝම්බයක් ද සමග අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි . 29 June 2024
පොහොට්ටුව ජනපතිට කොන්දේසි දමයි සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි ප්‍රකාශ කෙරුණු මන්ත්‍රීවරුන් 25දෙනා ලබන මස 15 වැනිදාට පෙර සම්බන්ධ කරගන්නා ලෙසට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයාට පසුගිය සතියේදී නැවතත් දැනුම්දී ඇත. 29 June 2024
ගුරු වෘත්තියට නියම තැන දෙනවා තම රජයක් යටතේ ගුරු වෘත්තිය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත් කරනවා යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී පැවසීය. 29 June 2024
වැස්ස සිහින් වේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 29 June 2024
මන්නාරමේ දරුවන් අටක් ලෙඩ වේ මන්නාරම මඩු තච්චනාමරදමඩු ප්‍රදේශයේ පාසල් දරුවන් අට දෙනකු අසාද්මිකතාවකයක් හේතුවෙන් මන්නාරම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 29 June 2024
බාල බෙහෙත් සිද්ධියේ විමර්ශනවල ප්‍රගිතය අධිකරණය ඉල්ලයි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය ලබන 12 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය රහස් පොලිසියට නියම කළය. 28 June 2024
ලංවිම සේවකයනන්ට නව වැටුප් ව්‍යුහයක් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් වෙනුවෙන් නව වැටුප් ව්‍යුහයක්, කාර්ය සාධනය පනදම් කරගත් දිරිදීමනා ක්‍රමයක් සහ උසස්වීම් ක්‍රමයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 28 June 2024
’ඔන්ලයින් මූල්‍ය වංචා ජාතික ආරක්ෂාවට බලපෑමක්’ ඉන්දියානු නේපාල පාකිස්ථාන ඇතුළු විවිධ ජාතීන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධීව අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීම මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික ආර්ථිකයටත් බලපෑමක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය. 28 June 2024
පැෆ්රල් සංවිධානයෙන් ආණ්ඩුවට චෝදනා පත්‍රයක් ප්‍රධානතම මැතිවරණක් සදහා සූදානම් වන මොහොතේ රජය රාජ්‍ය සම්පත් හා රාජ්‍ය බලය ඉතා බරපතල අයුරින් දේශපාලන ව්‍යාපෘතීන් සඳහා භාවිත කරමින් පළාත් පාලන ආයතන සඳහා ආණ්ඩුකාරවරුන්ගේ නියෝජිතයන් ලෙස හිටපු පළාත් පාලන නියෝජිතයන් පත් කරමින් සිටින බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. 28 June 2024
ෆොන්සේකාගේ පොත ජනපතිට පිළිගන්වයි යුද අභියෝගය ජය ගෙන දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකාට ඉදිරියේදී ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 June 2024
ලංකාවට ඩොලර් බිලියන 17ක වාසියක් ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්රි මහතා සඳහන් කළේය. 28 June 2024
තාඹුගලගේ රහස් ප්‍රකාශය අදින් අවසන් රහස් පොලිසිය කප්පම් ඉල්ලුවේ යැයි කියමින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මියගේ නිලමැදිරියේදී රහස් ප්‍රකාශයක් ලබාදීම අද (28) අවසන් කළේය. 28 June 2024
හෙලිකොප්ටරයක් ගෙනියන්න දැවැන්තයෙක් ඇවිත් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරී වල නිරත වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා, ඔවුන් සතු ’’එම්.අයි. - 17 ’’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් රැගෙන යාම සදහා , ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන ’’ ඇන්ටනෝව් - 124 ’’ ( Antonov - 124) ගුවන් යානයක් කටුනායක ගුවන් හමුදා කදවුර වෙත අද (28) දින පස්වරු 02.45ට පැමිණියේය. 28 June 2024
හිරුණිකා වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට සිරදඩුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටුවක රැඳවූ බවත් ඇය සිරදඩුවම් ලැබූ කාන්තා රැඳවියකට නියමිත ඇඳුම ඇඳ සිටින බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා අද (28) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 28 June 2024
කෝටි 19ක මත්ද්‍රව්‍ය කුරියර් ආයතනයකින් අල්ලයි කැනඩාව සහ ඇමරිකාවේ සිට මෙරට එවූ රුපියල් කෝටි 19 කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයකින් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (28) පැවසීය. 28 June 2024
’’විජයට’’ පරිසර සම්මාන තුනක් ජනාධිපති පරිසර සම්මාන උළෙල( 2024 ) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද(28) පැවැත්විණි. 28 June 2024
සඳුදා සිට බස් ගාස්තුවට සහනයක් බස් ගාස්තු ලබන මස (ජූලි) 1 වැනිදා සිට සැළකිය යුතු ප්‍රතිශතයකින් අඩු වන බවත් ගාස්තු අඩු වන ප්‍රතිශතය 1 වැනිදා (සඳුදා) නිලවශයෙන් නිවේදනය කරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා අද (28) පැවසීය. 28 June 2024
විජයදාසට එරෙහි වාරණය දීර්ඝ කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට පැනවූ වාරණය ලබන 12 දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය මහත්මිය අද(28) නියෝග කළාය. 28 June 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025