ඉන්දුනීසියාවේ බාලි සංගීත තරගාවලියේ දී ශ්රී ලංකාවට පදක්කම් 27 ක්
13 වන අන්තර්ජාතික බාලි සංගීත තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ’’ සෝල් සවුන්ඩ්ස් ඇකඩමියේ ’’ ( Soul Sounds Academy ) සිසුන් 34 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම කේවළ අංශයෙන් රන් පදක්කම් 17 ක් , රිදී පදක්කම් 08 ක් සහ කණ්ඩායම් අංශයෙන් රන් පදක්කම් 02 ක් දිනා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .