කෝටි පහක ගෝල්ඩන් කී බදු ගන්නවා ද නැද්ද අධිකරණයට කියන්න කියයි ගෝල්ඩන් කී පුද්ගලික සමාගම නොගෙවා පැහැර හරින ලදැයි කියන රුපියල් කෝටි පහකට අධික බදු මුදල් සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් අය කරනවා කරනවා ද නැද්ද යන්න පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය ජූලි මස 29 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කළාය. 11 March 2025
නව අභියාචනාධිකරණ විනිසුරු තිදෙනෙක් දිවුරති නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්හ. 11 March 2025
අනුරාධපුර සල්ලාලයා අල්ලන්න පොලිස් කණ්ඩායම් පහක් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 March 2025
හිටපු පළාත් සභා මන්ත්‍රීගේ ඉඩමෙන් ගිනි අවි සහ උණ්ඩ මතුවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුට අයත් අත්තනගල්ලේ පොල් ඉඩමක සගවා තිබූ ටී 56 ගිනි අවියක් මැගසින් දෙකක්ද උණ්ඩ 130, බෝර 12 ගිනි අවියක්, එම උන්ඩ 6 ක් වළ දමා තිබියදී එම අවි සමග හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 11 March 2025
හර්ෂගෙන් ජනපතිට පැසසුමක් හාන්ස් විජේසූරිය වැනි වියතුන් සම්බන්ධ කරගෙන ජනපති ගමන යන්නට පටන් ගැනීම ගැන සතුටු වෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 11 March 2025
දේශබන්දු දුටු තැන අල්ලනු අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද විවෘත වරෙන්තු නිකුත් කළේය. 11 March 2025
සැරයන් අල්ලස් දැලේ පැටලෙයි රුපියල් විසි දහසක අල්ලස් මුදලක් ලබා ගනිද්දී හැටන් පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශණ අංශයේ රාජකාරි කළ සැරයන්වරයෙකු අල්ලස් හා දූෂණ විමර්ෂණ ඒකකයේ නිළධාරින් විසින් අද (11) අත්අඩංගුවට ගෙන ඇත. 11 March 2025
බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 11 March 2025
සූර්ය බල සන්ධාන ගිවිසුමට ලංකාවත් අත්සන් කරයි ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය (ISA) වෙත වාර්ෂික දායකත්ව ගාස්තු ගෙවීම සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාමුවට (CPF) අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 March 2025
කිරිවෙහෙර විහාරාධිපති CID යට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි කාලවකවානුවේදී කිරිවෙහෙර සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. 11 March 2025
බස් සැරසිලි ගැන තීරණ ගන්න කමිටුවක් බස් රථ වල නිර්මාණය (Design) වෙනස් කිරීම් සහ විකරණය (Modification) සම්බන්ධව නෛතික තත්ත්වය 11 March 2025
ගිනි අවි -උණ්ඩ කඩුවෙළ ළිඳකින් එළියට කිසියම් අපරාධයක් සදහා සඟවා තබන්නට ඇතැයි සැකකෙරෙන ගිනි අවි 3 ක්, මැගසින් 2 ක් සහ උණ්ඩ 16 ක් කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ළිදක සඟවා තිබියදී කඩුවෙල පොලිසිය සොයාගෙන ඇත. 11 March 2025
නිධානයකින් ගත් බව කියන මැණික් සමඟ දෙන්නෙක් අල්ලයි වසර සියයක් ඉපැරණි විහාරස්ථානයක භූමියකට යාබද ඉඩමක නිධානයකින් ගොඩගත් මැණික් ගල් 27ක් අඩංගු බව කියන බුම්බුලාකාර හැඩයෙන් යුත් උපකරණයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි. 11 March 2025
තිරිංග යොදා තිබූ ආර්ථිකයට අයවැයෙන් නිදහසක් දුන්නා ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 11 March 2025
කුරුණෑගලට නව දිස්ත්‍රික් ලේකම්වරයෙක් කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 March 2025
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනයට කැබිනට් අනුමැතිය රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 11 March 2025
විශ්‍රාමික යුද හමුදා භටයාගේ නිවසේ උණ්ඩ තොගයක් ගලෙන්බිදුණුවැව , ජනසිරිගම ප්‍රදේශයේ පිහිටි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකුගේ නිවසක මුලුතැන් ගෙයි සඟවා තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය කියයි. 11 March 2025
අධිවේගයට යළිත් STF අධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවිම් සේවා කටයුතු සඳහා නැවතත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඊයේ (10) සිට අනුයුක්ත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එෆ්. එම්. පි. සූරිය බණ්ඩාර මහතා පැවසීය. 11 March 2025
ශ්‍රේණිගත වෛද්‍ය ස්ථාන මාරු අයැදුම් කාලය දිගු කරයි ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති අතර, එම අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත. 11 March 2025
රත්කිඳ ජලාශයේ වාන් දොරටු විවෘත කරයි වැසි සමඟ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු සියල්ල අද උදෑසන (11) විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ති ජයසේකර මහතා පවසයි. 11 March 2025
මොටර් රිය පෙරැළී පෙරපාසල් දැරිය ඇතුළු තුනක් රෝහලේ නුවරඑලිය, කඳපොල,බොරලන්දේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් පෙරපාසල් දැරියක්, ඇගේ මව සහ රියදුරා තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි. 11 March 2025
බසයකින් ඇඳවැටී අයෙක් මරුට රුවන්වැල්ල, හුඹස්වලාන ප්‍රදේශයේදී , බස් රියක පාපුවරුවෙන් ඇඳ වැටුණු පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 11 March 2025
දකුණේ පුරන් කුඹුරු 17,000ක් වගා කරන්න යයි ඉදිරි යල කන්නයේ දි දකුණු පළාතේ පුරන් කුඹුරු අක්කර 17,000ක් නැවත වගා කිරිම සදහා සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය. 11 March 2025
අනතුරු දෙකකින් හතරක් මරුට බකමූණ , ඇළහැර අලිකන්දවත්තේදී අද( 11) අලුයම මෝටර් රථයක් යෝධ ඇළට පෙරැළීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තවත් තරුණියක් බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව බකමූණ පොලිසිය පැවසීය. 11 March 2025
වැස්ස ගැන කාලගුණ අණාවැකිය උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 March 2025
හිටපු මැති ඇමැති පනහකගේ ගෙවල් සෙල්ලම නවත්වයි අරගල සමයේදී නිවාස ඇතුළු දේපළ අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් පනස් දෙනකු වියත්පුර නිවාස සංකීර්ණයෙන් කුණු කොල්ලෙට නිවාස ලබා ගැනීමට දැරූ උත්සාහයක් අත්හිටවූ බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පැවසීය. 11 March 2025
රක්ෂිතයක් හාරලා:හිටපු ආණ්ඩුකාරවරයෙකුට ඇඟිල්ල ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු ඇතුළු දේශපාලනඥයන් පිරිසකගේ අනුග්‍රහය යටතේ ජාවාරම්කරුවන් පිරිසක් හල්දුම්මුල්ල බෝගහ පැලැස්ස රක්ෂිතයේ කරගෙන ගොස් ඇති වගා ව්‍යාපෘතියක් තාවකාලිකව අත්හිට වූ බව විදුලිබල හා බලශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 March 2025
පොලිස් මුල් පුටුවට ගිය අඹු සැමි යුවළ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය වෙනස් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලය හොබවන අඹු සැමි දෙපොළක පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා පත් කරනු ලැබ ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 11 March 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026