රේඛා තරංගනී ෆොන්සේකා
ෆේස් බුක්,වයිබර්,වට්ස්අප් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීමට එරෙහිව සංවිධාන සහ පුද්ගලයෝ රැසක් මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති සෑම තැනැත්තකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු දහස් පළ කිරීමේ නිදහසට ඇති අයිතිය සමාජ මාධ්‍ය අවහිර කිරීම මගින් උල්ලංඝණය කර ඇතැයි පැමිණිලි කරුවන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් පසුගිය නව වැනිදා මුලින්ම මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ අතර නීතිඥ සංගම් ජාතික එකමුතුව මේ සම්බන්ධයෙන් අද එම කොමිසමට පැමිණිලි කළේය. ඊට අමතරව මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය භාවිත කරන පිරිස් ද මේ වන විට පැමිණිලි ගණනාවක් යොමු කර තිබේ.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ සිය ව්‍යාපාර පවත්වාගෙන පිරිස් ද මේ වන විට අසරණ තත්ත්වයට පත්ව සිටින බව පැමිණිලිකරුවන් සිය පැමිණිලිව සඳහන් කර ඇත.
එමෙන්ම තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිය ද එමගින් අවහිර වී ඇතැයි ඇතැම් පැමිණිලිවල සඳහන් කර තිබේ.
COMMENTS
ආණ්ඩුව හෙළුවෙන්. යහපාලනය පණ අදිනවා.
කවුද අනේ ෆේස් බුක් එකෙන් ව්‍යාපාර කරන්නේ? අර පැරණි රස්සාව නෙමේ නේද?
සමාජ මාධ්‍ය නෙමෙයි සමාජ විරෝධී මාධ්‍ය...
හැබැයි තහනම් කලාට ලංකාවෙන් භාගයකට වඩා, මේ දැනුත් මූහුනූ පොතෙ. ඔහොම රටක් හදන්න බැහැ.
ඕන මනුස්සයෙක් තමන්ගේ දරුවන්ව පාලනය කරනවා දරුවන්ගේ යහපත වෙනුවෙන්. ඒ අයට ඉල්ලන ඉල්ලන දේවල් දෙන්නේ නැහැ. දුන්නොත් දරුවන්ව හදන්නත් බැහැ. ඒ වගේ රට පාලනය කරන අයත් රටේ මිනිස්සු පාලනය කරන්න ඕන. නැතිනම් රට හදන්න බැහැ. ඒ නිසා සමාජ මාධ්‍ය පාලනය කරන්න ඕන.
සමාජ ජාලා භාව්විතය අවභාවිතා කිරීම අවම කිරීම සඳහා නියාමනයක් අවශ්‍යයි. අසභ්‍ය දේවල්, ජාතිවාදී ප්‍රකාශන, අපහාස කිරීම හා අසැබි භාෂා භාවිතය නැවැත්විය යුතු කාලය එළඹ ඇත. පසුගිය දින කිහිපයේ අන්තර්ජාලය භාවිතය අඩුවීම නිසා හැම කෙනෙක්ම විශාල මුදල් ලාභයක් ලබා ඇති. සමහරුන්ට සමාජ ජාල වෙබ්අඩවි භාවිතය උන්මාදයක් වෙලා. ඇමරිකාවේ හැම දෙයම විවේචනය කරන දේශ ප්‍රේමී දේශපාලකයොත් මුහුණුපොත ගල් නැතිවී අඬනවා. තම තමන්ගේ අන්තර්ජාල ගිණුම් සහ ඒවායේ පලකරන දේ ගැන වගවීමක් සහ වින්දිතයන්ට නීතිමය ආරක්ෂාවක් තිබිය යුතුය. අවභාවිතය පිටුදකිමු.
හරියට හරි. පුළුවන් තරම් මේ ගැන පැමිණිලි කරන්න. රජයක් උනාම මොලයක් කියල දෙයක් තියෙන්න ඕනේ නිතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක කරන්න. මුළු රටම දන්නවා මේක විශ්වාසභංගය යට ගහන්න කරපු පහත්ම පෙලේ උත්සාහයක ඕක කියල.
නැහැ ශ්‍රී ලනකවේ හැටි ඔහෙම තමයි....
ෆේස් බුක් තහනම් කරන හැම දිනකටම 30000 ක විතර ඡන්ද ප්‍රමාණයක් බැඟින් ආණ්ඩුවෙන් අඩු වන බව තේරෙන්නෙ නැති එකනෙ පුදුමේ.................
මමත් මුහුණු පොතේ අවුරුදු 6ක විතර ඉඳන් සාමාජිකයෙක්. හැබැයි පහුගිය දවස් ටිකේ පුදුම නිදහසක් හිතට දැනුනේ. ඇත්තටම මුහුණු පොතට ඇබ්බැහි වීමක් තියෙනවා. දිගටම තහනම් කලත් කමක් නෑ කියලා වෙලාවකට හිතෙනවා.
මේක තහනම් කරට කමක් නැහැ වට්ස්අප් සහ වයිබර් තහනම් කරන්නේ නැතිව. රට ඉන්න යට කතා කරන්න බැරිව හරි පාඩුවක්......
ගොයම මුවන් කෑවට තරහෙ මුව හමට තලනවා කියන සිංහල කියමන මතක් වෙනවා........