IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ෆයිසර්ට එරෙහිව විශ්වාස භංගයක් ගේනවා‘

(මුදිතා දයානන්ද)

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වැරදි ගැසට් පත‍්‍රයක් නිකුත් කළ, ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට කටයුතු කළ ෆයසිර් මුස්තාපා අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදි කටයුතු කරන බව එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

පැලවත්ත, ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයේදි අද (23) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.
“පළාත් පාලන මැතිවරණයේ ගැසට් එක නිකුත් කළේ පෙබරවාරි මාසයේදි. එයට එරෙහිව නඩුවක් ගොනු කළේ නොවැම්බරයේදි. මේකට මාස නවයක්ම ගත වුණේ ඇයි? සීමා නිර්ණ අභියාචනා කමිටුවේ කාර්ය භාරය ඔවුන්ගේ සීමා දන්නේ ඇමතිවරයායි. ඒ නිසා ගැසට් පත‍්‍රය නිකුත් කිරිමට පෙර ජනාධිපති නීතිඥයෙක් වන ෆයසිර් මුස්තාපා ඇමතිවරයාට එහි තිබෙන අඩුපාඩු පෙනිය යුතුව තිබුණා. එසේ නොකළේම මැතිවරණ්‍ය කල්දැමීමේ කුමන්ත‍්‍රණය දියත් කිරිමේ අවශ්‍යතාවයෙන්.

ගැසට් පත‍්‍රයේ මේ කියන දුර්වලතා හිල් දන්නේ ඔහුම පමණයි. සාමාන්‍ය ජනතාවට ඒවා ගැන අවබෝධයක් නැහැ. ඒනිසා ආණ්ඩුවේ අවශ්‍යතාවය වෙනුවෙන් මේ නඩු පැවරූ අයට අවශ්‍ය තුරුම්පු ලබාදුන්නේ ඇමතිවරයාම බව අපේ විශ්වාසයයි. මේ ගැසට්ටුව නිකුත් කළ කාලයේම නඩුව පවරන්නේ නැතිව මෙතෙක් කාලයක් තියාගෙන හිටියේ මැතිවරණය ප‍්‍රකාශයට පත් කරන තුරුයි. එයින් මැතිවරණය කල්දැමීමටයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා ඔහු තවදුරටත් මේ ඇමතිධුරය දැරීමට සුදුසු නැහැ. වාහම ඔහු ඉවත් කළ යුතුයි. නමුත් ඔහු ඉටු කරන්නේ ජනාධීපතිද ඇතුලූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උවමනාව නිසා ජනාධිපතිවරයා ඔහුව ඉවත් කරන්නේ නැහැ. ඒ නිසා අපි ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එනවා.“යැයි ද ඒ මහතා ප්‍රකාශ කරයි.
   



අදහස් (3)

‘ෆයිසර්ට එරෙහිව විශ්වාස භංගයක් ගේනවා‘

sampath Thursday, 23 November 2017 10:37 AM

ඔයාල කියවනවා විතරයිනේ....ඔන්න දැන් එකාබද්දෙන් විශ්වාසභංගය ගෙනාවා. බලමුකෝ අත උස්සයිද නැත්නම් පාර්ලිමේන්තුව මගහැර හෝ ඡන්දය දීමෙන් වැළකී සිටියිද කියලා.... දැන් අපිත් බලාගෙන ඉන්නේ ඔබලා මොනවද කරන්නේ කියලා.

:       10       566

rohan Thursday, 23 November 2017 11:03 AM

ඔබ තුමාගේ මතය හරියට හරි .. අනාගතේ රතු රජයකට අතවනන ස්භාවයක් දෝ මේ .

:       557       423

Sampath Thursday, 23 November 2017 02:11 PM

ඒකාබද්දය දැනමත් ඕක කරලා. අපි බලමු දැන් ගෙනාපු විශ්වාසභංගයටවත් අත උස්සයිද කියලා.... මටනම් විශ්වාසයි ඔබතුමාලා එදාට පාර්ලිමේන්තු එන්නේ නැහැ.. ආවත් ඡන්දය දීමෙන් වැළකී සිටිනවා.

:       39       355

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site