IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ෆෙයාර්වේ සාහිත්‍ය සම්මාන වලට නිර්දේශිත නවකතා ප්‍රකාශයට පත් කෙරේ

හර්ෂණ තුෂාර සිල්වා

ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන 2018 වෙනුවෙන් නිර්දේශිත නවකතා මේ වනවිට ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. 

මේ අනුව සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් අවසන් වටයට නිර්දේශිත ග්‍රන්ථ ප්‍රකාශයට පත් කර තිබේ.  

සිංහල බසින් නවකතා 109ක් ඉංග්‍රිසි බසින් නවකතා 15ක් ද දෙමළ බසින් නවකතා 12ක් ද මෙවර ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන 2018 සඳහා ඉදිරිපත් වී තිබිණි.

ඉන් සිංහල නවකතා 5ක්, ඉංග්‍රීසි නවකතා 4ක් සහ දමිළ නවකතා 5ක් අවසන් වටයට නිර්දේශ වී තිබේ. 

සේපාලි මායාදුන්නේ රචිත අත්තාණී කණු, පද්මිණි සෙනෙවිරත්න රචිත වරණ, අරුණ ප්‍රේමරත්නගේ තරු විසුළ රැය, තරංගනී රසික ප්‍රනාන්දුගේ දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය සහ පී.බී. ජයසේකර රචිත බලව, කඳුළු ගිනි ගනී යන කෘති පහ සිංහල බසින් අවසන් වටයට නිර්දේශ වූ කෘතීන් වේ. 

අවසන් වටයට නිර්දේශ වූ ඉංග්‍රීසි නවකතා හතර වනුයේ සඳලි හඳගම රචිත ‘රාඕ ගයිඞ් ටු ලයිම් පික්ලින්’, ෂෙහානී හිසාරා කාරියවසං රචිත ‘ද කැමිලියන්’, චාරුලත අබේසේකර තේවරතන්ත්‍රිගේ ‘ස්ටෝරීස්’ සහ නවීන් වීරරත්න රචිත ‘සීලම්’ යන කෘතිය. 

ප්‍රෙමිලා ප්‍රදීපන්ගේ ‘කට්ටුපොල්’, සීමන් පදිනාදන් ප්‍රනාන්දුගේ ‘තොට්ටෘපොනාවාර්ගල’, මුස්දීන්ගේ ‘ඉරතක්කුලියල්’ සහ එන්. යොගේන්දිරනාදන්ගේ ‘ඉඩිපඩුම් කොටයිකල්’ යන කෘති හතර දෙමළ මාධ්‍යයෙන් අවසන් වටයට නිර්දේශිත කෘති හතර වේ.

ශ්‍රී ලංකාවේ නිර්මානශීලී රචනය පිළිගැනීමට ලක්කිරීම, ඒ උදෙසා ලේඛක ලේඛිකාවන් උනන්දු කරවීම සහ ඔවුන් සම්මානයට ලක්කිරීමේ අරමුණින් ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් සමාගම ‘ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල’ සංවිධානය කරයි.  

සිංහල, ද්‍රවිධ, ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම නිර්දේශිත සෑම නවකථාවක් වෙනුවෙන්ම රුපියල් 100,000 බැගින් මුදල් ත්‍යාග හිමිවන බවත් සෑම භාෂාවකම ජයග්‍රාහී නවකතාව වෙනුවෙන් රුපියල් 500,000 බැගින් හිමිවන බවත් ෆයාර්වේ හෝල්ඩිංග්ස් සමාගම නිවේදනය කළේය. 

මෙම මාධ්‍ය හමුවේදී භාෂා කාණ්ඩවල විනිශ්චය මණ්ඩල ද ප්‍රකාශයට පත් කරන ලදි.

මහාචාර්ය සෝමරත්න බාලසූරිය, ආචාර්ය ජයලත් මනෝරත්න සහ ජයලතා මැදවත්ත සිංහල භාෂා කාණ්ඩයේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළහ. ඉංග්‍රීසි භාෂා කාණ්ඩයේ විනිසුරුවරුන් ලෙස මහාචාර්ය දුෂ්‍යන්ති මෙන්ඩිස්, ආචාර්ය රම්‍යා චාමලී ජීරසිංහ සහ ටැසී සෙනෙවිරත්න කටයුතු කළ අතර දෙමළ භාෂා කාණ්ඩයේ විනිසුරුවරු ලෙස ආචාර්ය පවිත්‍රා කයිලාසපති, ලරීනා අබ්දුල් හක් සහ මුරලිදරන් මෞරන් යන අය කටයුතු කළහ. 

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

 



අදහස් (2)

ෆෙයාර්වේ සාහිත්‍ය සම්මාන වලට නිර්දේශිත නවකතා ප්‍රකාශයට පත් කෙරේ

dasun Tuesday, 11 September 2018 04:01 AM

හේමක, අප රටේ සාහිත්‍යකරුවන් ඇගයීම ට ඔබ ගන්නා උත්සාහය ප්‍රසන්සනීයි!!!!

:       0       5

wedage Tuesday, 11 September 2018 04:58 AM

අවට ගම්මානයේ සිටිනා දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට හේමක මහතා අවුරුදු ගණනාවක සිටම කරනු ලබන උපකාර ඉතා ඉහලින් අගය කරමි. මුළු කොටුවේගොඩ ගම්මානයම දියුණු කල ඔබට මතු ආත්ම වලදීත් මෙවන් පිං කම් සිදුකිරීමට වාසනාව ලැබේවා කියා පතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 187 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1141 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site