(නිමන්ති රණසිංහ)
මින් වසර දෙකකට පෙර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක් කර මහජන පීඩා සිදුකළැයි කියන සිද්ධියකට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු චතුරංග වීරසේකර සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (19) වරෙන්තු නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුව අද (19) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙහි සැකකරුවන් වූ ළහිරු චතුරංග වීරසේකර, පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමි, ආර්. පී. අමිල සඳරුවන්, තුවාන් රංගන සමරතුංග, ආත්මා ප්‍රියදර්ශන සහ දිනේෂ් මධුරංග යන අය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කෙරිණ.
2015 ඔක්තෝම්බර් මස 06 වැනි දා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයින් විසින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිටදී කරන ලද විරෝධතාවකදී මහජන පීඩා සිදුවී ඇතැයි සදහන් කරමින් මෙම සැකකරුවන්ට එරෙහිව කුරුදුවත්ත පොලීසිය විසින් චෝදනා ගොනු කර තිබිණි.
සිද්ධියට අදාළ නඩුව ලබන අගෝස්තු 25 වැනි දා යළි කැඳවීමට නියමිතය.
COMMENTS
මමත් කැම්පස් ගිය කෙනෙක්. දැන් කාලේ නිදහස ලැබුනයි කියල අවශ්‍ය දෙයටයි අනවශ්‍ය දෙයටයි පෙළපාලි යනවා. රජයේ රෝහල් වලට යන්නේ දුප්පත් අහිංසක ජනතාව නිසා ලෙඩෙක් මලත් කෑගහන්න කෙනෙක් නැහැ. පුද්ගලික ඒවාට යන්නේ සල්ලි තියෙන අය නිසා ලෙඩෙක් මළොත් ලෝකෙටම ඇහෙන්න කෑගහනවා. උසස් පෙළ ගණිතය කරලා බංගලි විශ්ව විද්‍යාල වලින් MBBS පාස් වෙලා දැනට පුහුණු කරන දොස්තරලා එමට ඉන්නවා. මේ ගැන මේ අය දන්නෙවත් නැතුව ඇති.
ලැබූ නිදහස අයුතු ලෙස පාවිච්චි කරමින් නීතියට ගරු නොකිරිමත් සාමාන්‍ය ජනතාවට වන හිංසනයත් හේතු කොට කඩාකප්පල්කාරීන්ට දැඩි දඬුවම් ගරු අධිකරණයක් ලබා දුන්නොත් සාමාන්‍ය නීතිය ඉදිරියේ දන නමනු ඇති. ලිබෙල් දඬුවම් නිසා නොහික්මුණු සමාජය නීතිය ආදිපත්‍යට අගරු කරයි.
ලහිරු වීරසේකර යුගයේ සටන්කාමියෙක්. රජයට ප්‍රබල අභියෝගයක්.
අපේ රටේ සල්ලි තියනවා නම්, ඕනෑම දෙයක් කරන්න පුළුවන්, හැබැයි, ඉගෙන ගන්න එක හැර? මුදල් ගෙවලා ඉගෙන ගන්න තියන ආයතන වලට කියන්නේ අධ්‍යාපන කඩ කියලා. නමුත් මුදල්වලට සේවාවන් සපයන ආයතන වලට එහෙම කතාවක් නැහැ. විෂයන් ටික කටපාඩම් කරලා විභාගේ පාස් වුනාම හිතන්නේ මහදැන මුත්තෝ කියලා. අන්තිමේ දන්නා දේකුත් නැහැ. සමහරවිට මේ මානසික ළදරුවෝ හිතනවා ඇති, උසස් අධ්‍යාපනය කියන්නේ පොලිසියෙ ,කඳුළුගෑස් ප්‍රහාරවලට මුහුණදීම සහ පොලිසියෙන් ගුටිකෑම කියලා. උසස් අධ්‍යාපනයට කලින් ඔලුවේ තියන අං දෙක ගලවා ගත්තොත් හොඳයි. නැත්නම් ඉතින් ජීවිතේ සදහටම මහපාරේ තප්පුලන එක තමයි කරන්න වෙන්නේ???.
මා සිතන්නේ අද තිබෙන සියලු සයිටම් විරෝධතා සිදුවන්නේ රජයේ අනුදැනුම ඇතිවයි.
කල්‍යාණ, ඔයා වගේ මිනිස්සු නිසා තමයි මේ ළමයි වැරදි පාරේ යන්නේ.
2015 එකක් ඇයි දැන් මතක් වෙලා? මර්ධනයද?
අයිතිවාසිකම් රැකගන්න දඟලන ළමුන්ට දඬුවම් දෙන්න කලින් ප්‍රසිද්ධියේ මහජන දේපල හොරකම් කරන ඇමතිලාට දඬුවම් දෙන්න..
මේ ළමයා කරන්නේ රටේ මිනිසුන් කල යුතු විරෝධයක්. රටේ මිනිසුන් නිදා සිටින විට මේ ළමයින් කරන උද්ඝෝෂණයට ඒ මිනිසුන්ගේ නින්දට බාධාවක් නිසා විරුද්දයි. දොස්තරලාගේ විරෝධයත් එහෙමයි. රටේ මිනිසුන් පත් කර ගත් ආණ්ඩුවලට බල කිරීමට ජනතාවට තමයි කරන්න වෙන්නේ...
මගේ මතයනම් මේවට මුල ළමය නෙමෙයි. වැඩිහිටියන්.... ඒ අයගේ නිවට නිවාලුකම් ළමයින්ට දිරවන්නේ නැහැ. ඔය රාගම වෛද්‍ය විද්‍යාලය අද ජනතාවට ලැබිල තියෙන්නේ ලහිරු වගේ ළමයින් විශාල ගණනකගේ ජීවිත පූජාවෙන්... මේ රටේ මිනිසුන්ට ඒ ගැන කෙලෙහි ගුණයක් තියෙනවද? අර රූපවාහිනීවල පෙන්නන මෝඩ ටෙලිනාට්‍යයක් බලලා පිටිපස්සට ඉර වැටෙනකන් නිදාගෙන උදෙන්ම ගිහින් සා.පෙළ වත් පාස් නැති දේශපාලකයින්,... නායකයන් ලෙස පත් කරගන්න තරම් අනුවණ මිනිසුන් ඉන්න රටක්....
ලහිරු,... ඔබ තමයි ලංකාවේ කොන්ද පණ ඇති මිනිසා.... අපි ඔබ සමගයි. ඔබට ජය...!!!
අර මහබැංකු හොරකම ...විල්පත්තු ගස් කැපිල්ල ..ඒවා නැද්ද? ...මේ රටේ මිනිස්සු මොනවද කරන්නේ?