(බිඟුන් මේනක ගමගේ)
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සුදුස්සන් 116 ක් දෙනෙකු තෝරාගෙන තිබියදී දේශපාලන හස්තයක් මගින් තවත් නම් ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යෑමෙන් අදාළ පත්වීම් පමාවෙමින් පවතින්නේ යැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරි තනතුර සඳහා පසුගිය වසරේ මැයි 28 වැනි දා ප්‍රසිද්ධ කළ පුවත්පත් දැන්වීමක් මගින් අයැදුම්පත් කැඳවා ඇති අතර එම වසරේම ඔක්තෝම්බර් 12 වැනි දා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී විධිමත් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඇත.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති අතර තමන් තෝරා පත්කර ගත් බවට සඳහන් වූ ලිපි එයින් තෝරාගත් 116 දෙනෙකුට යොමු කර තිබේ.
සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ 66 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ඉහළ දේශපාලන හස්තයක් මගින් පත්වීම් දීමට නිර්දේශ කර එවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති අතර හිටපු සභාපතිනිය මේ ගැන වගකිව යුතු අංශවලට දන්වා ඇත.
එහෙත් අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය පසුගිය ජනවාරි මාසයේදී අවසන් වීම නිසා පත්වීම්වලට අදාළ ක්‍රියාවලිය ඇන හිට ඇත.
මේ අතර තමන් තෝරා පත් කරගනු ලැබූ බවට ලිඛිතව දන්වා තිබියදීත් කිසිදු හේතුවක් නොමැතිව බඳවා ගැනීම් පමා කරන බවට අපේක්ෂක අපේක්ෂිකාවන් පිරිසක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ලේකම්වරියටත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයාටත් පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා පැවැසුවේ හිටපු සභාපතිනිය අදාළ ලිපි යොමු කළේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිවද යන්න තමා සොයා බැලූ බවත් එය ලිඛිත අවසරයක් ඇතිව නීතියට අනුව සිදු වී ඇති බවත්ය.
ඒ අනුව ඉතා ඉක්මණින්ම අදාළ පත්වීම් සියල්ල ලබාදීමට තමා කටයුතු කරන්නේ යැයි ද නීතිඥ අබේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
329
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
423
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
396
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ළමා ආරක්ෂක අධිකාරියේ පත්වීම්වලට දේශපාලන බලපෑම්