(විනීතා එම් ගමගේ)
ජාතික හෙළ උරුමය පිළිගන්නේ ව්‍යවස්ථාවේ ඇති ඒකීයභාවය යන වචනය නොව එහි ඇති අරුතයැයි ජාතික හෙළ උරුමය මහ ලේකම්, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේය.
ඒකීය භාවය යන්නෙන් තම පක්ෂය අදහස් කරන්නේ රටේ මූලික නීතිය තැනීම කළයුත්තේ එක ආයතනයකින් පමණක් බව යැයි ද හෙතෙම සඳහන් කළේය.
වෙනත් ආයතන ගණනාවකට නීති හැදීමේ බලය ව්‍යවස්ථාවෙන්ම දී ඇත්නම් ඒකිය වීමෙන් පළක් නැතැයි ද අමාත්‍යවරයා පැවැසීය.
ඒකීයභාවය යන්න හෙළ උරුමය පිළි අරගෙන නේදැයි බොහෝ දෙනා විමසන බවත් තම පක්ෂය ඒකීය භාවය යන්නෙන් අදහස් කරන තත්ත්වය ව්‍යවස්ථා යෝජනාවල ඇති බැවින් එය පිළි ගත් බවත් රණවක මහතා කීය.
පවතින ව්‍යවස්ථාවේ 2, 4ආ සහ 76 යන වගන්ති තුනෙන්ම ඒකීය භාවය යන්න කුමක් දැයි අර්ථ ගැන්වෙන බව පැවැසු අමාත්‍යවරයා එහි අරුත රටේ නීතිය තැනීම අයත් වන්නේ එක ආයතනයකට බව ද පදරුත් අනුවම එය පිළිගත යුතු බව ද ඔහු තව දුරටත් කීය.
2025 නොවැම්බර් මස 21
136
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1079
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
‘හෙළ උරුමය පිළිගන්නේ ඒකීය අරුතයි‘ - චම්පික
sathyapala Thursday, 02 November 2017 10:51 AM
"අපිට මොකද අපි හොඳ සිල් උපාසක. මෙන්න දැන් ඡන්දෙ ලංවෙනකොට මෙයා නැවතත් "මහා සිංහල බෞද්ධයා" වෙලා නැවතත්. කන්න ඕනේ උනාම කබරගොයත් තලගොයා වෙනවනේ.
Perera Thursday, 02 November 2017 10:52 AM
කෙලින්ම නෑ කිවනම් හරිනේ නිකන් කෙකර බාන්නේ නැතිව...