IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හරි වැරැද්ද පෙන්වාදීමට ගිය මන්ත්‍රීට පහරදී රෝහලේ

(ඉන්දික අරුණ කුමාර)

ලග්ගල ප‍්‍රාදේශිය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත‍්‍රි පී.ජී. ජයම්පති බණ්ඩාර මහතාට පහරදීමකින් තුවාල ලබා ලග්ගල රෝහලට ඇතුළත් කර ඇතැයි ලග්ගල පොලිසිය කියයි.

කහගල - ඉළුක්කුඹුර ප‍්‍රදේශයේ පදිංචි මන්ත‍්‍රිවරයා තෙල්ගමු ඔයේ දිය නෑමට පැමිණි කඩවත ප‍්‍රදේශයේ පිරිසක් බිමතින් හැසිරීම හේතුවෙන් අශෝභන ලෙස හැසිරීමෙන් වළකින්නැයි කළ දැනුම්දීමක දී ඇති වු බහින් බස් වීමකින් මන්ත‍්‍රිවරයා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තෙල්ගමු ඔයේ දිය නෑම සඳහා කඩවත ප‍්‍රදේශයේ සිට පැමිණි පිරිස 15 දෙනෙකු පමණ වන බවත් ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රිවරයා සමඟ ඇති කරගත් බහින් බස් වීමක් දුර දිග යෑමෙන් ගැටුම ඇති වි ඇති බව පොලිසිය කළ මුලික පරික්ෂණ වලදි හෙළිවු බව පොලිසිය සඳහන් කළේය.

ලග්ගල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක යූ.එම්.ජේ.ඩබ්ලිව්.කේ. අමරසිංහ මහතා කියා සිටියේ තෙල්ගමු ඔයේ දී ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රිවරයාට පහර දුන් කඩවත ප‍්‍රදේශයෙන් පැමිණි 13 දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වති.
 

 

 



අදහස් (5)

හරි වැරැද්ද පෙන්වාදීමට ගිය මන්ත්‍රීට පහරදී රෝහලේ

රවින් Monday, 24 September 2018 08:06 AM

ෂුවර් එකටම මන්ත්‍රී උණෙන් යන්නැති. සිද්ධිය සම්පුර්ණයෙන් අපි දන්නේ නැති උනාට මන්ත්‍රී උණ ගැනනම් හැමෝම දන්නවා.

:       227       373

Perakum Monday, 24 September 2018 09:08 AM

අනේ පව්...! අහිංසක මන්ත්‍රීතුමා...!!

:       52       0

lakmal Monday, 24 September 2018 10:43 AM

ඔහේ එක්කෙනෙක් දෙනෙක් බීමතින් වතුරේ ගිලෙන්ට ඇරියනම් හොඳයි.

:       0       14

banda Monday, 24 September 2018 02:22 PM

මන්ත්‍රී උෂ්ණය ඇඟට ආවම සියලුම දෙනාට චණ්ඩි පාර්ට්දාන එ්ක සාමාන්‍ය දෙයක්...

:       1       38

Perera Monday, 24 September 2018 07:36 PM

"හරි වැරැද්ද" පහදා දෙන්න ගියේ සාමකාවිවද නැත්නම් මැර බලයෙන්ද කියලා දන්නේ නැහැ නේද.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site