බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය වන ඇමරිකානු ජාතික මේඝන් මාකල්ගේ විවාහය වර්ෂ 2018 මැයි 19වන දින සිදුකිරීමට නියමිත බව කෙන්සින්ටන් මාළිගාවේ පිහිටි හැරී කුමරුගේ කාර්යාලය නිවේදනය කර ඇත.
ඔවුන්ගේ විවාහය බටහිර ලන්ඩනයේ වින්ඩ්සර් මාළිගයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී සිදුකිරීමට නියමිතය.
දැනට එන්ගලන්තයේ රජ කිරුළ දරන 91හැවිරිදි දෙවන එළිසබත් රැජින ද සිය මුණුබුරාගේ විවාහ මංගල්‍යයට සහභාගී වනු ඇතැයි පැවසේ.
හැරී කුමරු එංගලන්තයේ රජ කිරුළට හිමිකම් කියන පස්වැන්නා වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට ප්‍රථම බකිංහැම් රජ මැදුරේ පැවැති මගුලකට හොලිවුඩ් නළු බීන් මහතාට ආරාධනාකර තිබුණා. මෙම මගුලට අපේ බීන් මහතාට ආරාධනා කරයිදැයි කියා සිතේ.
බමුණුආරච්චි මයා වෙත, ඔබගේ සුන්දර අදහස් සමග අපද එකග වන්නෙමු. මංගල්‍ය උත්සවයකට යන විට නිකන් අත වන වනා යන එක අප රටටද එතරම් නොගැලපෙන බැවින් ඔබ පැවසු උන්නැහේට "දුරියන් ගෙඩියක්වත් " තෑග්ගක් වශයෙන් ලංකාවෙන් රැගෙන යන්න යෝජනා කිරීම වැදගත්වනු ඇත.
මැයි මාසේ නම් එන්න වෙන්නේ නැහැ... මගුල දිනය වෙනස් කරන්න. නැත්නම් වෙන දවසක් ඇවිත් යන්න එන්නම්.
එයා හිස් අතින් ගියත් දූරියන් ගෙඩියක් ගෙනගියා වගේ තමයි පළාතම දන්නවා මෑන්ස් ආවා කියලා...