(ඉන්දිකා රාමනායක)
හෙරොයින් සමඟ කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකු අද ( 12) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් රැගෙන ත්‍රිරෝද රියකින් යමින් සිටියදී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
පුත්තලම කුරුණෑගල මාර්ගයේ ගමන් කරමින් සිටියදී අද දහවල් සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සොයාගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිපෙන්ඩ තියෙන මලක සාමාජිකයෙක්ද දන්නෙ නැ අල්ලාගෙන තියෙන්නේ .
මේවගේ අයද මහජන නියෝජිතයෝ කියන්නේ? මේ අයට තම වටිනා ඡන්දය දිලා තම තමන්ගේ, දුදරුවන්ගේ,පරම්පරාවේ හා රටේ අනාගතය වනසලා තමන්ට, රටට ලැබෙන ප්‍රයෝජනය ? ඊට පස්සේ කියයි අහවල් ජන කොටස අපිට එදිරිව කැරලි ගහනවා, අහවල් රට අපේ රටට විරුද්දව කුමන්ත්‍රණය කරනවා කියා. තම වටිනා ඡන්දය නිකන් දීලා සිය දිවිනසා ගැනීමක් නොවේද කරලා තියෙන්නේ? දැන්වත් හිතන්න.
පොහොට්ටුවෙක්ද ?