
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ දි විද්‍යුත් මුදල් ලබාගැනීමේ ක්‍රමයට හෙරොයින් මත්ද්‍රව්‍ය වෙළඳාම් කල පුද්ගලයින් 13 දෙනෙකු , කුලී පදනම මත ලබාගත් මෝටර් රථයක්, ජංගම දුරකතන 02ක්, බැංකු කෙඩිටි කාඩ්පත් තොගයක් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය අලෙවි කර උපයාගත් රැපියල් 32,000 ක මුදලක් සමග අද (08) උදැසන දා අත්අඩංගුවට ගෙන ඇතැයි පින්නවල පොලිසිය පවසයි.
පින්නවල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි (61) හැවිරිදි පුද්ගලයකු මෝටර් රථයෙන් එම හෙරොයින් මත්ද්‍රව්‍ය විද්‍යුත් මුදල් ලබාගැනීමේ ක්‍රමයට බෙදා හැර ඇති අතර පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෝටර් රථය සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් සමග මොහු පළමුව අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී විද්‍යුත් මුදල් ලබාගැනීමේ ක්‍රමයට ඔහුගෙන් හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලදී ගත් පුද්ගයන් 12 දෙනෙකුගේ තොරතුරු ලබා දුන් බව පොලිසිය පැවැසීය. ඒ අනුව ඔවුන්ද හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනිමට හැකි වු බව පොලිසිය කීය.
කාලයක් තිස්සේ ප්‍රධාන සැකකරු කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් මෙලෙස හෙරෝයින් මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවට පොලිසිය සිදුකල ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි පින්නවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පි.අමරතුංග මහතා ඇතුළු පොලිස් නිලධාරීහු එම වැටලීම සිදුකළහ.
2025 දෙසැම්බර් මස 04
407
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
447
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ 13ක් අත්අඩංගුවට