IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හෙරොයින් ජාවාරමේ යෙදුණු අම්මයි පුතයි අත්අඩංගුවට

(ප්‍රේමතිලක පෙරමුණ )

හෙරොයින් මත්කුඩු  සමඟ මවක් සහ පුතෙකු අද (25) අත්අඩංගුවට ගත් බව අළුත්ගම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් මව වයස අවුරුදු 63 ක්  වන අතර ඇය ගේ පුතා 21 ක් වන වියේ පසුවන තරුණයෙක් බව ද විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය. 

වැලිපැන්න පොලිස් වසමේ  බොන්දුපිටිය ,මුදලිගම ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සතුව හෙරොයින් ග්‍රෑම් 11 යි මිලි ග්‍රෑම් 30 ක්ද ඇයගේ  පුතා සන්තකයේ තිබී හෙරොයින්  ග්‍රෑම් 12 යි මිලි ග්‍රෑම් 480 ක් සොයා ගත් බව කඳවුරු භාර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක  ඩබ්ලිව් ජි එස් ගයප්‍රික මහතා පැවසීය. 

විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව  විශේෂ කාර්ය  බලකායේ අණ දෙන නිලධාරි සහ කලාප අණදෙන නිලධාරී වරයාගේ උපදෙස් මත  මෙම වැටලීම සිදුකර ඇත.

මෙම පවුලේ වැඩිමහල් පුත්‍රයා ද හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට  ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත වී සිටින බව පොලිසිය පවසයි.   

 



අදහස් (1)

හෙරොයින් ජාවාරමේ යෙදුණු අම්මයි පුතයි අත්අඩංගුවට

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 June 2020 06:26 PM

බොඳුපිටිය කීවොත් ආයේ අහන්න දෙයක් නැහැ ... ඉස්සර ඉඳන්ම හිටියේ නම්දරාපු හොරුන්, කසිප්පු පෙරණ අය, මංකොල්ල කාරයන්, මැරයන් හා මිනීමරුවන් ආදී අය තමයි. ඔය මුදලිගම කියා පසුව දමාගත්තාට ඕකේ හිටපු මුදලියකු නම් නැහැ. ආරක්ෂක අංශවල දැනගැනීමට ජනවහරේ පවතින දෙයක් කියන්නම්.. දුටුගැමුණු රජතුමා සොළීන් සමග කළ සටනේදී පලා ආපු පැරදුණු සොළීන් වගයක් ඔය පෙදෙසට විත් හැංඟුණාලු.. පසුව ඔවුන් සිංහල කාන්තාවන් බලෙන් ගෙන කැලේ වැදුණාලු.. එයට සාක්ෂි ලෙස ඔවුන්ගේ වාසගමේ දෙමළ කියන වචනය තිබෙන බව අපද දැක තිබෙනවා. දැන් සමහරුන් ඒවා වෙනස් කරලා. ඒත්, ජාන වෙනස් වෙලා නැහැ. මේ බොඳුපිටියට තද නීති දමා මැරයන් මෙල්ල කළ යුතුයි.. එය යුගයේ අවශ්‍යතාවයක්...

:       0       55

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 694 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site