ඉදිරියේදී ශ්‍රී ලංකාවේ වැලි කැණීම් සිදුකරන සියලුම වැලි තොටුපොළවල් ‘හරිත වැලි තොටුපොළ සංකල්පයට‘ යටත් විය යුතු බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි.
පරිසර දිනයට සමගාමීව බදුල්ල භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් මහියංගනයේ මහවැලි සී කලාපයේ පඟරගම්මන ප්‍රදේශයේ අද (05) පැවැති හරිත වැලි තොටුපොළ සංකල්පය ආරම්භ කරමින් සභාපතිවරයා මේ බව සදහන් කළේය.
මෙහිදී හරිත තොටුපොළ සංකල්පය පිළිබඳව අදහස් දක්වමින් බදුල්ල භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු අසංක රූපවංශ මහතා සඳහන් කළේ කලක් දැඩි ලෙස පරිසරය හානියට ලක්ව තිබු මහිංගණ ප්‍රදේශයේ වැලි කැනීම් පිළිබඳ විශේෂයෙන් සොයා බලා අනතුරුව මේ ප්‍රදේශයේ සෑම වැලි තොටුපොළක් පාහේම හරිත තොටුපොළ සංකල්පය අනුව දැනටමත් ගොඩනගා ඇති බවයි.
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සෑම වැලි තොටුපොළක්ම එම සංකල්පය යටතේ ක්‍රියාත්මක කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුටත් ඉංජිනේරුවරයා මෙසේ පැවසීය.
‘හරිත වැලි තොටුපොළ සංකල්පය යටතේ ගංගාවත්, ගං ඉවුරත් අවට පරිසරයත් සුරක්ෂිත වෙනවා. මේ ක්‍රමය යටතේදී ගංගාවේදී සිට ගං ඉවුරේ අඩි 10 පමණ ප්‍රදේශයක් හරිත කලාපය ලෙස නම් කරනවා. එය වනරෝපණයකින් යුක්තයි. ඒ හරහා වැලි තොටුපොළට ගමන් කරන්න අඩි 03ක පාරක් ඉතුරු කරනවා. මේ ක්‍රමය නිසා ගංගාවට ට්‍රැක්ටර් බස්සවන්න බෑ.
වැලි ගොඩදැමීම සිදුවන්නේ නිසි ප්‍රමිතියකට අනුවයි. එහිදි කූඩ යොදා ගෙන අඩි 10 සීමාව ඉක්මවන තෙක් වැලි රැගෙන ආ යුතුයි. ඉන්පසු විල්බැරෝවක් ආදාරයෙන් වැලි පටවන තැනට ගේන්න ඕනි. වැලි ගොඩදැමීම සඳහා යොදා ගන්නා බෝට්ටු, එන්ජින් රහිත බෝට්ටු විය යුතුයි. අද සිට සභාපතිතුමාගේ උපදෙස් මත හරිත වැලිතොටුපොළ සංකල්පය හඳුන්වා දෙනවා වගේම ඉදිරියේදී හරිත වැලි තොටුපොළ සංකල්පය ක්‍රියාත්මක නොකරන අයට වැලි බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන්නේ නෑ. එසේ නොකරන අයගේ බලපත්‍ර අහෝසි කිරීමද සිදු වෙනවා.”




COMMENTS
ප්‍රතිපත්ති... සංකල්ප.... යෝජනා.... කෙටුම්පත්.... අණපනත්.... කෝටියක් තියෙන රටේ අඩුම ගානේ එකක් හරියට කෙරුන නම් මේ රට අද කොහේද.
සුනාමියෙන් පසු මුහුදු වෙරළේ ඇති කරපු මීටර් සීයේ තහනම් කලාපය වගේ මේ හරිත සංකල්පයත් අති සාර්ථක වේවි .
දිගටම ක්‍රියාත්මක වෙනවනම් හැමෝටම නිතිය එක වගේ වෙනවනම් හොඳයි.
මෙම සංකල්පය දේශපාලකයකුගේ සිතේ ඇතිවුවක් නොවේ නම් හොඳයි. සංකල්ප විකල්පයන් සමග දැන්වීම් පුවරුවකට සිමා කරන රටක මෙවැන්නක් පවත්වා ගැනීම පරිස්සමින් කලයුතුය.
මෙම සංකල්පය දේශපාලකයකුගේ සිතේ ඇතිවුවක් නොවේ නම් හොඳයි. සංකල්ප විකල්පයන් සමඟ දැන්වීම් පුවරුවකට සිමා කරන රටක මෙවැන්නක් පවත්වා ගැනීම පරිස්සමින් කළයුතුය.