IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


හිරුණිකා වරද පිළිගන්න සූදානම්

(මනෝප‍්‍රිය ගුණසේකර)

දෙමටගොඩ ප‍්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට චෝදනා ලැබ සිටින පාර්ලිමෙන්තු මන්ත‍්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අදාළ චෝදනාවන්ට වරද පිළිගෙන නඩුව කෙටි ක‍්‍රමයකින් අවසන් කරගැනීමට සුදානම් බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට අද (08) දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනුර සෙනෙවිරත්ත මහතා කළ දැනුම් දීම සළකා බැලූ විනිසුරුවරයා ඒ සඳහා මෙම නඩුව ලබන දෙසැම්බර් මස 11 වැනිදා කැඳවීමට නියම කළේය.

2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප‍්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

සිද්ධිය වී මාස හතක් වැනි කාලයක් තුළ චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්කිකරුවන් දස දෙනෙකු මෙන්ම ලේඛණ කිහිපයක්ද ඉදිරිපත් කිරීමට  බලාපොරොත්තු වන බවද නීතීපතිවරයා දැනුම් දී ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ රැකවලූන් ආරක්‍ෂකයින් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 165000 ක දඩ නියම කළ අත පැහැරගෙන ගිය දෙමටගොඩ ප‍්‍රදේශයේ තරුණයාට රුපියල් 285000 වන්දියක් ගෙවීමට නියම කෙරිණි.

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගෙන තිබිණි.

 

 

 



අදහස් (7)

හිරුණිකා වරද පිළිගන්න සූදානම්

Sarasi Monday, 08 October 2018 07:01 PM

කොතරම් දේශපාලන හයියෙන් බැබලුනත් දරුවන්ගේ නම්බුකාර අනාගතය තීරණය වන්නේ තම තමන්ගේ චරියාව මත බවත් දරුවන් ලෝකය දිහා බලන්නේ තමන්ගේ දෙනෙත් වලින් බවත් දේශපාලක දෙමව්පියන් තේරුම් ගනිත්වා !

:       0       71

රවින් Tuesday, 09 October 2018 12:37 AM

තමන් වරදක් කර නිවැරදි කියා උසාවියට බොරුකීම තවත් වරදක් බව නොදන්නවාද මැය. වෙන්න බැහැ. නිතිය දන්නා කෙනෙක්. හැමදාම බොරුවෙන් ජීවත්වෙන්න බැහැ.

:       0       127

Chanak Los angeles Tuesday, 09 October 2018 12:40 AM

සිංහ වෙස් ගත්තත් නරිවෙන්න වුනා නේද ? මෙලෙස නීතිය තදින් හිටියොත් කෙනෙක් හට තවත් කෙනෙකුට ඇඟිල්ල වත් දික් කරලා තර්ජනය නොකරන සමාජයක් ගොඩ නගන්න බැරිකමක් නැහැ ..

:       0       84

Bamunuarachchi Tuesday, 09 October 2018 01:19 AM

බලමු වැරදිකාරියකට දෙන දඬුවම මොකක්ද කියලා.?

:       0       136

sudda Tuesday, 09 October 2018 04:58 AM

එතකොට මොකක්ද දෙන දඬුවම. එහෙම නැත්නම් නිදහස්ද.?

:       0       38

OMG Tuesday, 09 October 2018 05:54 AM

භය වෙන්න එපා. සොච්චම් මුදලක් ඇපයට තියලා පැයෙන් වැඩේ ඉවර වෙයි.

:       0       35

Hafeel Tuesday, 09 October 2018 07:17 AM

එහෙමනං අත් හිටුවූ දඬුවමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1677 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1410 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site