(මනෝප්‍රිය ගුණසේකර)
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලද බවට පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව සඳහා ලබන ජුලි මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඇයට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (17) නියම කළාය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම නිසා විනිසුරුවරිය ඇයට මෙලෙස සිතාසි නිකුත් කළාය.
2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යෑම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඬන්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතු`ථ චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
සිද්ධිය වී මාස හතක් වැනි කාලයක් තුළ චෝදනා 29ක් යටතේ නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර එම නඩුව සනාථ කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්කිකරුවන් දස දෙනෙකු මෙන්ම ලේඛණ කිහිපයක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු මුල් අවස්ථාවේදීම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රැකවලුන් ආරක්‍ෂකයින් 08 දෙනා වරද පිළිගත් අතර ඔවුන්ට වසර 12කට අත්හිටුවන ලද සිරදඬුවම් සහ රුපියල් 1,65,000/-ක දඩ නියම කළ අතර පැහැරගෙන ගිය දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයාට රුපියල් 2,85,000/- වන්දියක් ගෙවීමටද ඔවුන්ට නියම කෙරිණි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පමණක් නිවැරදිකරු බව පැවසීම නිසා ඇයට එරෙහි නඩුව විභාග කිරීමට පියවර ගෙන තිබු අතර මෙම නඩුව වරද පිළිගැනීඹකින් තොරව අවසන් කරගැනීමට කැමති බව ඇය අධිකරණයට දැනුම් දී තිබිණි.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාරිය හෝ ඇය වෙනුවෙන් නීතීඥවරයකු අධිකරණයේ පෙනී නොසිටීම නිසා එලෙස නියම කළ විනිසුරුවරිය මෙම නඩුව ලබන ජුලි මස 10 වැනිදා කැඳවීමටද නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.
COMMENTS
ඡන්දෙ පටන් අරන්... ගෝඨාගේ 2/3 දැනටම නැතිවෙලා වගේ... දැන් නින්දෙන් නැගිටලා වැඩ පටන් අරන් තියෙන්නේ මාස 6ක් ගියාට පස්සේ....
කට වසමු... මේ රටේ මිනිස්සුන්ට ඇඟිල්ල දික්කරලා හඳ පෙන්නුවොත් ඇඟිල්ල දිහා බලලා ඒකේ ඇදයක් පෙන්නලා නඩු දානවා.
ඔයාට ඕනෑ වෙලාවට දොර ඇරලා දුන්නා නමුත් මෙදා සැරේ නම් හරියන්නේ නැහැ. ඔයාට කොහොම සලකයිද මන්දා...?
මේ තරම් බරපතල වරදක් කරලා තියෙන කෙනෙකුට අර CCTV සාක්ෂි විතරක් ගෙනාවාම ඇති නේද? එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියට රටේ නීතිය බලපාන්නේ නැද්ද?
තෙවැනි ලොව ඇතැම් රටවල, පක්ෂ දේශපාලනය නිසා රටේ පොදු නීතියේ ස්වාධීනත්වයට සිදුවූයේ සුළුපටු හානියක් නොවේ. නීතිය සැමට සාධාරණය වියයුතු වුවද, එම රටවල ඇතැම් දේශපාලකයන් හට, ආණ්ඩුවලට එසේ බලපෑවේ නැත. විධායක ජනපති ක්‍රමයෙන් පසු ජනපතිවරයාව අධිකරණයට ගෙනඒමට නොහැකි විය. එතැන් පටන් සමහර රටවල අධිකරණ විනිසුරුවන්ගේ ගෙවල් වලට ගල් ගැසීම් පවා සිදුවිය. අග විනිසුරුවන් ඉවත් කිරීම ආදී පක්ෂ විපක්ෂ සියළුම රජයන් රටේ නීතිය තමන්ට නතුකර ගැනීමට වෙර දැරීය. එම රටවල්වල ජනතාවද අබරන් ආතලා සේ තම දේශපාලකයාට පමණක් වාසි විය යුතුයැයි සිතුවේය. පක්ෂ දේශපාලනයට අන්ධවී සිටි බොහෝ දෙනා නීතිය තම පැත්තට වාසි වියයුතු යැයි සිතුවෝය. මෙසේ රජයෙන් රජයට තට්ටු මාරුවට නීතියද, හොඳ හැටි නම්‍යශීලී විය. වරද පිළිගැනීමකින් තොරව නඩුව සමාදාන වීමකට කැමැති බව කීමට තරම් දේශපාලකයා බලවත් විය.. අහෝ ! ඛේදයකි !!! ....
යහපාලන ආණ්ඩුවේ කෙනෙක්...
හිරුණිකා වරදක්කර ඇත්නම් ඒ ගැන නිසි ක්‍රියාමාර්ග ගැනීම ගැටලුවක් නැහැ. නමුත් 2015 කරනලද වරදක් සම්බන්ධව මැතිවරණයක් අතලගතියෙද්දි නඩුව කැදවන්නේ ඇයිද යන්න නොකීවාට කවුරුත් තේරුම්ගනු ඇතැයි සිතමි.