IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘හම්බන්තොට වරාය රැකගැනීමට අඛණ්ඩ වැඩ වර්ජනයක්‘

(මහින්ද නිශ්ශංක)

හම්බන්තොට වරාය රැකගැනීම සඳහා සියලු වෘත්තීය සමිති,බහුජන සංවිධාන,ශිෂ්‍ය ව්‍යාපාර ඒකරාශි කරගෙන අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පවසයි.

හම්බන්තොට වරාය චීනයට පවරා දීමෙන් අනතුරුව ආණ්ඩුව කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය හා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාදීමට ලහි ලහියේ සූදානම් වන බවද ඒ මහතා කීය.

මරදාන සී.එස්.ආර් ආයතනයේදී අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.



අදහස් (36)

‘හම්බන්තොට වරාය රැකගැනීමට අඛණ්ඩ වැඩ වර්ජනයක්‘

Ajth Sunday, 30 July 2017 11:35 AM

මහින්ද මහතාගේ කාලේ මෙච්චර වැඩ වර්ජනය තිබුණේ නැහැ. පාඩු ලබන ආයතන තියාගෙන රටේ මහ ජනතාවගෙන් බදු වැඩි කරන්නද කියන්නේ? ජනතා විමුක්ති පෙරමුණ රටේ ජනතාව මුලා කරනවා වගේ...

:       5041       4616

රොමේෂ් Sunday, 30 July 2017 01:10 PM

මහත්තයට කව්ද කිව්වේ හම්බන්තොට වරාය හරි කොළඹ වරාය හරි පාඩු ලබනවා කියලා? මොන ලෝකවලද මේ මිනිස්සු ජීවත්වෙන්නේ? ඔබතුමා හිතන විදිහට, වැලේ වැල් නැතිව පාඩු පිට පාඩු ලබමින් තිබුණු නෙවිල්ගේ රෝහල ආණ්ඩුවට ගන්න ඇත්තේ ජනතාවගේ බදු බර අඩු කරන්න වෙන්න ඇති. පක්ෂ දේශපාලනය පැත්තකින් තියන්න මහත්තයෝ. හරි දේට හරියි කියන්නත්, වැරදි දේට වැරදියි කියන්නත් පුළුවන් මට්ටමට කොඳු ඇට පේලිය ශක්තිමත් කරගන්න.

:       3017       3713

මම1Sunday, 30 July 2017 02:51 PM

අද හම්බන්තොට වරායේ වසරක ආදායම රු.බිලියන 5 ක් පමණයි. අදත් පාඩු ලබන මුත් එම මුළු ආදායමම ලාභය ලෙස ගත්තත් ඇ.ඩොලර් බිලියන 1.2 ක ණයක් ගෙවීමට අවුරුදු 30,000 ක් පමණ යයි. ඒත් පොලී ගෙවීමට අවශ්‍ය නැත්නම් පමණි.

:       1250       1191

රොමේෂ් Sunday, 30 July 2017 04:16 PM

"මම1" ගණන් ඉගෙන ගත්තේ කොළොන්නාවේ ගණන් කාරයෙක්ගෙන්ද..? හොයාගෙන තියෙන සංඛ්‍යා දත්ත ගැනනම් හිතන්නවත් දෙයක් නැහැ. අවුරුදු ගාන ගැනලා තියෙන හැටි දැක්කම පේනවා. දැනුම කොයිතරම්ද කියලා. මේ ගොල්ලන්ට අනුව චීනා ගණන් හදලා තියෙන්නේ ඉන්දුනීසියන් රුපියල් හරි වියට්නාම් ඩොලර්වලින් හරි වෙන්න ඕනෑ. එහෙම නැත්නම් "අවුරුදු 30,000ක්" යනකම් ඇ. ඩොලර් බිලියන 1.2 හොයාගන්න බැරි වරායක් වෙනුවෙන් අපේ රජයට ඇ. ඩොලර් බිලියන 1.2 ගෙවලා තවත් ඇ. ඩොලර් මිලියන 600ක් වරාය සංවර්ධනයට යොදවන්න. චීනගේ ඔලුව අර තිබුනයි කියන කළුගලේ වැදිලා තියෙන්න ඕනෑ එහෙනම් උන්හිටිතැන් අමතක වෙන්න තරම්....

:       1       269

NanaMonday, 31 July 2017 04:57 AM

අයියෝ, ඕක කවුරුත් දන්නවනේ. හම්බතොට වරයා, මත්තල, CPC, ශ්‍රී ලන්කන් ඔක්කොම ඒගොල්ලන්ට පඩි ගෙවන්නේ අපේ බදු සල්ලි වලින්. මේවා ජාතික සම්පත් නොවේ , ජාතික අපරාද. කවුරුහරි හොඳට කරලා රටට යම් අදායමක් අවහම ඉරිසියවද, බදාගෙන ඉඳල අපෙන් නිකන් කකා ඉන්න හදන්නේ.

:       157       92

samanMonday, 31 July 2017 04:40 AM

හම්බන්තොට වරායේ නැව් වලට තෙල් වතුර දෙන bunkering පටන් ගත්තේ 2014 ජුලි වල. මාස 6 ට නැව් 150 විතර ආව පටන්ගට්ට ගමන්. හොඳටම ලාබ ලබන්න පුළුවන් කම තියෙද්දී යහපාලානේ මේක වහලා දැම්මා ආපු ගමන්. 2015 වේ අගෝස්තු හදල ඉවරවෙච්ච කන්ටනේර් ටෙර්මිනල් එක අවූරුදු 50 හේන් ලංකාවට නිකන්ම ලැබෙනවිදියට බදු දෙන්න චීනේ ජනාදිපති ආපු වෙලාවේ ගිවිසුම අත්සන් කරලා තිබ්බේ. යහපාලානේ මේ වෙනකන් එක නිකන් තිබ්බ. අන්න්තිමට පාඩු ලබනවා කියල පෙන්නලා විකුණලා දැම්ම. රජයේ සේවකයන් ලක්ෂ 15 කට රුපියල් 10,000.00 කින් පඩි වැඩි කරන්න යන ගානෙන් ඔය නය අවූරුදු 20 නෙවෙයි 1 ක අවූරුදෙන් ගෙවන්න තිබ්බා. අන්තිමට ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.

:       13       206

shanthaMonday, 31 July 2017 06:29 AM

ඒකනෙ, මත්තලටත් 2015 ට ඉස්සර පෝලිමේ ප්ලේන් එනව මම දැක්ක, ඒකාලෙ ප්ලේන් නවත්තගෙන හිටිය කොලඹ ඉඳන් තෙල් බවුසර් එනකන් තෙල් ගහන්න. හැබැයි 2015 ජනවාරියේදි එකපාරටම නැවතුන, නේද ?

:       150       80

sumudu Sunday, 30 July 2017 12:15 PM

ඕවා තියාගෙන නඩත්තු කරන්න අමරුයි.. විකිණුවහම සල්ලිත් හම්බවෙනවා. නඩත්තු කරන්න ඕනෙත් නැහැ... ඔය හම්බවෙන සල්ලි වලින් ඇමතිලා 50%ක් හොරකන් කරත් මිනිස්සුන්ටත් කීයක් හරි තියෙනවනේ. කොහොමත් ඔය සල්ලි වලින් තව අවුරුදු 5ක් අදින්න පුළුවන්... ඊට පස්සේ එන විදිහකට බලමු... විකුණන්න මොනවා හරි තියෙයිනේ... අපේ රටේ කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා... ඒ ගොල්ලන්ව මැදපෙරදිග යවමු.

:       454       394

සරත් Sunday, 30 July 2017 12:30 PM

රට සංවර්ධනය කරනවා කියල ආපු යහපාලන ආණ්ඩුව තියෙන රටත් නැත්තටම නැති කරලා.. ගෙදර තියෙන මෝල් ගහත් විකුණගෙන කන තත්වයට පත්වෙලා. මහලොකු ආර්ථික මෝරුන්ට කරන්න පුළුවන් වුණේ මහබැංකුවෙන් තමන්ගේ කොටස වඩාගන්න එකයි.. තියෙන හැම එකක්ම විකුණගෙන කන්නයි විතරයි. ලංකාවේ මේ තාක් පිටරැටියන්ට දුන්නු සමාගම් වලින් තරමක් හරි ලාභයක් ලැබුවේ ශ්‍රී ලංකාවේ ගනුදෙනුවෙන් විතරයි. අනිත් හැම එකක්ම රට තියෙන තැනින් තවත් පල්ලෙහාට ඇදලා දාපු එක පමණයි සිදු වුණේ.

:       846       1052

menna Sunday, 30 July 2017 12:35 PM

වැඩ වර්ජන නොකර වැඩ කරන්න වෙනවා ණයෙන් බේරෙන්න.

:       84       298

CHANDA Sunday, 30 July 2017 12:48 PM

බොහෝ දෙනා ඉල්ලා සිටින අති නවීන අරාජික සුරපුරය රටට සඵල කර දුන් වික්‍රමසිංහ අගමැතිතුමා ඇතුළු ජනපතිතුමාට දීර්ඝායු ලැබේවා !!!

:       556       624

thamani Monday, 31 July 2017 12:37 AM

...නිවන් සැප..

:       14       35

sahan Sunday, 30 July 2017 12:53 PM

මේ වර්ජන රැල්ල පස්සේ රටේ මහජනතාව නැහැ.. මහරජ හා වහල්ලු ටිකත්, දවල් හීන දකින අනුර ප්‍රමුඛ කණ්ඩායමත්, ආතක් පාතක් නැති කුමාර් ප්‍රමුඛ පෙරටුගමියෝ ටිකත් තමා ඉන්නේ... දිනේෂ්, වාසු, ගම්මන්පිල, තුන්මුල්ලේ විමලේ යන අය ගැන කතාකරලා වැඩක් නැහැ. ඒ අයට ඉන්නේ ත්‍රීවිලර් එකක පටවන්න පුළුවන් සමජිකයෝනේ...

:       1398       1107

sahan Sunday, 30 July 2017 12:55 PM

කරන්න අයියා, මතකනේ කොලොන්නාව ආමි එකයි, ගමේ කොල්ලෝ ටිකයි සලකපු සැලකිලි... ඒ වගේ තමා ඉස්සරහට සලකන්නේ.. පවුලට කියලා එන්න වෙනිවැල් ගැට කොත්තමල්ලි තම්බල තියන්න කියලා...

:       1556       2163

ratawassa Sunday, 30 July 2017 01:22 PM

වැඩවර්ජන දිගට ඇදෙන්න නොදී හදිසි නීතිය යටතේ වර්ජකයින් ගෙදර යවා තරුණයින්ට රැකියා දෙන්න. ඔය කඩාකප්පල්කාරීන්ව සේවයෙන් පහ කරන්න ඕනෑ.

:       237       696

dias Sunday, 30 July 2017 01:24 PM

උගත් තරුණයින් සෑම ආයතනයකටම බඳවා ගන්න ඕනෑ.. මහින්ද මහතාගේ ගෝලයින්, වර්ජකයින් ගෙදර යවමු.

:       284       620

dias Sunday, 30 July 2017 01:29 PM

ජනතා විමුක්ති පෙරමුණ කළ දේ බලන්න. අනුර කුමාරගේ වැව් දහස කරාවි.... ජයවේවා!! අනුරට. රවී මහත්තයවත් ගෙදර යවමු. වර්ජකයින් රැකියාවෙන් දොට්ට දැමිය යුතුයි.

:       13       283

රජින්ද Sunday, 30 July 2017 03:21 PM

ප්‍රතිචාර වලින් ගම්‍යවෙනවා ආණ්ඩුව කරන හැම වැඩක්ම හරියි කියලා කියව ගන්න නඩයක් කුලියට අරගෙන බව...

:       426       684

SAHANMonday, 31 July 2017 04:25 AM

ඔයගොල්ල හිතන්නේ රටේ හැමෝම උඹල වගේ අරක්කු ටිකට ,බත් පැකට් එකට, රුපියල් පන්සීයට කඩේ යන එවුන් කියලද , වහල්ලු හිතන්නේ වහල් මානසිකත්වයෙන් ,අනිත් මිනිස්සුත් තමන් වගේ වහල්ලු කියල

:       304       212

dilaniMonday, 31 July 2017 07:13 AM

ශාන්, ඔයාගේ වචනවලින්ම ඔයා කව්ද කියන එක පෙන්නලා දීලා තියෙනවා. ස්තුතියි ඔයා ගැන ඔයාම අපිට කියල දුන්නට. ඔක්කොටම කලින් ඔයා වහල් භාවයෙන් මිදිලා ඉන්න. ඊට පස්සේ පුළුවන් අනිත් කට්ටියට උපදෙස් දෙන්න. ඒ ගොල්ලෝ කොහොමද වහල් භාවයෙන් මිදෙන්නේ කියලා.

:       1       56

JANAKA Sunday, 30 July 2017 04:03 PM

සමහර අයට අම්මා තාත්තා විකුණල හරි කමක් නැහැ එදා වේල කන්න තියෙනවා නම්.... ඔයිට වඩා හොඳයි මේවා විකුණන අය රෙද්දක් එලාගෙන හිඟා කන එක. මෙහෙම අය මේ රටේ ඉපදෙන එක රටට සාපයක් වෙලා..

:       223       523

NanaMonday, 31 July 2017 05:00 AM

බද්දට දෙනවා කියන්නේ විකුනනවා නොවේ. නිකන් නාස්ති වෙමින් තියෙන අයතනයෙකින් වැඩක් ගැනීමක්. බැරි වැඩ පුළුවන් යට දෙන එක හරි.

:       205       36

Asanka Sunday, 30 July 2017 04:03 PM

හමුදාව ලවා හොඳට සලකලා වර්ජකයෝ ගෙදර යවලා ඕකේ වැඩට අලුතින් තරග විභාගයක් තියලා සම්මුඛ පරීක්ෂණ තියලා සුදුසුකම් පළපුරුද්ද ඇති තරුණයෝ රටේ සෑම පළාතකින්ම බඳවාගන්න. මොවුන්ගේ ඒකාධිකාරය බිඳින්න. මේ වගේ ජාතික සම්පත් වල වැඩකරන්න අයට මැති ඇමතිලාගේ හෙන්චයියලාට විතරක් සින්නක්කරේට දුන්න ඇති... දැන්

:       434       421

රොමේෂ් Sunday, 30 July 2017 04:47 PM

අර හම්බන්තොට හාදයෙක් උස අයටයි මිටි අයටයි ජොබ් බෙදුවා වගේද ...?

:       0       55

sanath Sunday, 30 July 2017 04:14 PM

එයාර් ලංකා එකේ දැන් පාඩුව අවුරුද්දකට රුපියල් දස ලක්ෂ තිස්දහසයි. ඒක එමිරේට්ස් එකෙන් කරන කාලේදී අපට ලක්ෂ 20000ක විතර ලාභයක් ලැබුණා. මේකත් ඒ වගේ තමයි දැන් අපට අවුරුද්දකට දස ලක්ෂ 45000ක් පාඩු වුණාට ලබන අවුරුද්දේ ඉඳලා දස ලක්ෂ 10000ක වත් ලාභයක් රටට ලැබෙයි. චීනුන්ට තියෙන නැව් වලින් 5% කට තෙල් ගැහුවත් ඔය ලාභය ලැබෙනවා.

:       107       1

NanaMonday, 31 July 2017 01:20 PM

ඔව් සනත්. මෙතන ලියන අය ගැන හරි පුදුමයි. හැමදාම ලොස්.. එ්ත් කතාකරන්නේ සම්පත් රකින්න. පාඩු ලබනවා කියන්නේ සම්පත් විනාශ වීමක්. මේ ආයතන පුද්ගලික හෝ ක්‍රමයකින් ගොඩ ගත්තොත් අපේ බදු රුපියල් 30000ක් විතර අපට අවුරුද්දකට එක අයෙකුට ඉතුරු වෙනවා. රටේ නාස්තිය දූෂණය අඩු වෙනවා. දේශපාලකයින්ට නිකන් රැකියා දෙන එක අඩු වෙනවා. ඇත්තටම කිසිම ආණ්ඩුවක් මේ ආයතන තමන්ගේ පාලනයෙන් යනවට කැමති නෑ. එ්ත් රනිල් මහතාට ඒ අනාගත අවබෝධය තියෙනවා. ජනප්‍රිය නොවන නමුත් රටට හොඳ තීරණ ගන්න. හැම රජයේ අායතනයක්ම රටට දුන්නේ සාපයක්.... මේවා අවුරුදු 20කට කලින් පුද්ගලීකරණය කරන්න නම් අපි දැන් ගොඩක් දියුනු රටක්. ලෝකේ හැමෝම දියුණු වුනේ එහෙම තමයි. අපි ළිං මැඩියෝ වගේ ජාතියක්....

:       68       0

priyankara Sunday, 30 July 2017 04:34 PM

හම්බන්තොට වරාය ලබන පාඩුව පියවගන්න. අහිංසක ත්‍රිරෝද රථ හිමියන්ටත් ගෙවන්න වෙලා. ඉන්දියාවෙන් ගෙන්වන ත්‍රිරෝද රථ කොළඹ වරායට ගේන්නේ නැතිව හම්බන්තොටට බාල, කොළඹ ගෙන්න ඕනේ. ඒ සඳහා ප්‍රවාහන වියදම් හැටියට රුපියල් 20000 ට කිට්ටු මුදලක් අයකරනවා. එම මුදල් ලීසින් ආයතන හංගලා බිලට එකතු කරනවා ඇහුවොත් විතරක් කියනවා. එහාට නැව් එන්නේ නැති නිසා ඒක අහිංසක මිස්සුන්ට ගෙවන්න වෙලාද දන්නේ නැහැ. අද ඊයේ ඉඳලා නෙමේ වරාය පටන් ගත්ත දවස්වල ඉඳලම වුණා. ඉතින් මේවා පුද්ගලික අංශයකට හරි බදු දීලා ජනතාවට සහනයක් වෙනවා නම් කොච්චර හොඳද? බොක්කෙන් හිතන්නේ නැතිව මොලෙන් හිතන්න පුලුවන්නම් බොරුවට කෑ ගහන අයට .. ඒක තමයි හොඳම දේ...

:       120       1

randiva megamuwa Sunday, 30 July 2017 04:35 PM

පිටරට සමාගම් තව ගෙන ආ යුතුයි. රාජ්‍ය ආයතන, සුදු අලි, නව තරුණ ජවය වර්ජකයින්ට ආදේශ කරමු. අර්ජුන මැතිතුමනි ඔබ රැකියා දෙන තෙක් අපි බලා සිටිනවා. වර්ජකයින්ට රට විනාශ කරන්න ඉඩ දෙන්ඩ එපා.

:       60       0

bala Sunday, 30 July 2017 04:38 PM

වරයා ඇමති තුමනි කළුතර අපිට රැකියා දෙන්ඩ. අපි වරාය අාරක්ෂා කරන්නම්.

:       51       0

wasantha Sunday, 30 July 2017 04:52 PM

වර්ජකයන්ට පහර දෙනු එලවනු

:       39       1

Saman Sunday, 30 July 2017 05:54 PM

අත්‍යාවශ්‍ය සේවා කරල පොලීසියේ උදව්වට හමුදාව ගේන්න එලියට, හැබැයි පරිස්සමෙන් මේගොල්ලන්ට ඕනකරන්නෙ මිනියක්, ඒකට ඉඩතියන්න එපා, තෙල් එකේ වගේ පැය 24න් වැඩට එයි. සයිටම්කාරයන්ටත් අවසාන නිවේදනයක් දෙන්න පන්තිවලට ගිහින් ඉගෙනගන්න කියල, නැත්නම් සියගනනක් සුදුසුකම් ඉන්න ලමයි එලියෙ ඉන්නව ඉගෙනගන්න බලාගෙන, ගන්න ඒ අයව. මේගොල්ලන්ගෙ විප්ලව ලංකාවට පුරුදුයි, පලාත් සභා පටන්ගන්නකොට කිව්වෙ, පිටකොටුවෙ බෝගහ ලඟින් නැගිටින්නෙ නෑ කියල අහෝසි කරනකම්, දැන් යසට ඒවට පත්වෙලා සැප ගන්නෙ.

:       152       127

ලුම්බිණි Monday, 31 July 2017 02:29 AM

අඛණ්ඩව වැඩ නොකර කොහොමද ආයතනයක් රැක ගන්නේ? දොස්තරගේ ඉඳල හැම කෙනාම අද හැම දේකටම උත්තරය ගේන්න හදන්නේ වැඩ නොකර.

:       155       121

sanjayaMonday, 31 July 2017 05:59 AM

යෑමෙන් හොඳ යෑම මේ විදියට ආණ්ඩුවට කඩේ යෑම

:       0       104

wilowsd Monday, 31 July 2017 07:14 AM

පාඩු ලබන ආයතන තියාගෙන රටේ මහ ජනතාවගෙන් බදු වැඩි කරන්නද කියන්නේ? ජනතා විමුක්ති පෙරමුණ රටේ ජනතාව මුලා කරනවා වගේ...

:       21       0

indra Monday, 31 July 2017 08:23 AM

පක්ෂ භේදයකින් තොරව මේ විකිණීම් හෙළා දකින්න ඕනේ. රටේ ප්‍රධාන සම්පත් මේ ආකාරයෙන් අන් රටවලට විකිණීම රටේ මහජනයා අනුමත කරන්නේ නැත. මේ ආකාරයෙන් ගියහොත් අප ඔවුන්ගේ වහලුන් බවට පත් වෙනවා නිසැකයි. යහ පාලනය ගෙන ආවේ රටේ සම්පත් රැකගැනීමටය.

:       0       79

Deepal Nirosh Monday, 31 July 2017 08:39 AM

ලාභ ලැබුවත්, පාඩු ලැබුවත් මොන වැඩ වර්ජන කළත් අගමැතිතුමා තමන්ගේ වැඩ පිළිවල ඉදිරියටම ගෙනියනවා. හැබැයි ආණ්ඩුවත් එක්ක නොවෙයි. ලෝකයත් එක්ක. ආණ්ඩුවේ අයට ලියන්නේ අත ඔසවන්න විතරයි.

:       19       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 276 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site