IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හම්බන්තොට විරෝධතාකරුවන් ගැනත් පරීක්ෂණයක්

(ඉන්දිකා රාමනායක)

අධිකරණයේ තහනම් නියෝග උල්ලංඝනය කරමින් හම්බන්තොට දී විරෝධතාවයේ නිරත වු පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා  විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මාතර හා තංගල්ල බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ  අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

අධිකරණ නීති උල්ලංඝනය කිරීම, පොදු දේපළවලට හානි කිරීම,පොලිස් නිලධාරීන් සිව්දෙනකුට තුවාල සිදුකිරීම,  පොලිසියේ රාජකාරියට බාධා කිරීම යන කරුණු යටතේ මෙම පරීක්ෂණය  සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

මෙම සිද්ධිය  සම්බන්ධයෙන් මාධ්‍ය වල පළවු වාර්තා සහ පොලිස් නිලධාරීන් ඇසින් දුටු සාක්කි පදනම් කරගෙන  මෙම පරීක්ෂණය සිදු කෙරේ.



අදහස් (4)

හම්බන්තොට විරෝධතාකරුවන් ගැනත් පරීක්ෂණයක්

SHAN SAUDI Sunday, 08 October 2017 11:38 AM

මාතර හා තංගල්ල බාර නියෝජ්‍ය පොලිස්පතිතුමන්ලාගෙන් අසන්න ඇත්තේ මොන කෙහෙල් මලක්ද හොයන්නේ කියලයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලකයෝ තමා මේක සංවිධානය කරලා මේ විනාසේ කලේ... පත්තර වල ටීවී එකේ මේ අය උන්නේ... හොඳින් පැහැදිලිව ගිහින් දැන් අත්අඩංගුවට අරන් දඬුවම් කරන්න. ලෝකෙට පේන්න බොරුවට පත් කරන කමිටු මාස ගනන්, අවුරුදු ගනන් කලේ... කාලා අන්තිමට මහජන මුදල් විනාශ කරලා ජනතාව ගොනාට අන්දලා වැරදි කරපු ... ආයේ අයෙත් පාර්ලිමේන්තුවට පත්කරගන ගේම ගහගන යනවා. දැන්වත් පිස්සු කෙලින්නේ නැතිව ඇහැට පේන වරදට ඇස් ඉදිරිපිට ඉන්න වරදකරු දැන දැනම මග නොහැර දඬුවම් කරන්න.

:       106       252

ravin Sunday, 08 October 2017 12:48 PM

නීතිය පිළිබඳ අවබෝධයක් ඇතැයි කියන උදවියත් ඒ අතර සිටියා නේද? ඉස්සෙල්ලාම ඒ උදවිය උසාවියට ඉදිරිපත් කරන්න තරාතිරම නොබලා. එහෙම වුණොත් පොදු ජනයාට හරි දේ වැරදි ඒ ගොල්ලෝ කියලා දෙයි.

:       0       162

Nandalal DE SILVA - France Sunday, 08 October 2017 01:24 PM

විරුද්ධතාවයන් වලට එකතු වූ අය හොයනවාට වඩා නරකද ඒවා සංවිධාන කරලා, බඩ ගෝස්තරේ පුරවාගන්න අසරණ කම්කරුවන්, සේවකයන් ඉදිරියට දමා, ඇටි කෙහෙල් ගිලපු උගුඩුවන් වගේ පස්සට වෙලා ඉන්න නායකයන් හොයා දඬුවම් දීම... වැඩිය පරීක්ෂණ කරන්න ඕනෑ මේ නඩය හොයා ගන්න. පුවත්පත්වල, රුපවාහිනී නාලිකාවල එහෙම මේ රංචුවල පින්තූර ඇති වෙන්න තිබුණා නේද? නාමල් බේබිගේ "ටූත් පේස්ට්" දැන්වීම් වල තිබෙන පරිදි විරිත්තන් මූණත්තහඩුව සමග "රාජපක්ෂ පවුල් සංස්ථාවේ" අය, ගෝලබාලයන් එහෙම හොඳට තියෙන නිසා පොලිසියට මේ පරීක්ෂණ සතියකින් පමණ අවසන් කර කඩාකප්පල්කාරීන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පුළුවන් වේ යයි හිතන්න පුළුවන්.

:       79       214

dahamSunday, 08 October 2017 02:35 PM

උසාවි නියෝගයෙන් විරෝධතාව තහනම් කරලා තිබුනේ නැහැ. මහජනයාට අවහිර වෙන විදිහට කරන්න එපා කියල නේද තිබුනේ? එක නිසා තමයි ඒ ය පාර හරස් කරන්නේ නැතිව ඉන්දියන් හයි කොමිෂන් එක ලඟට ගියේ. අර අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියාට කනට ගැහුවේ මොකද? මොකක්ද එයා කරපු වැරැද්ද? සම්පූර්ණයෙන්ම නීතියට විරුද්ධව කරපු ඒ අවලම් වැඩේට ඒ පොලිස් කාරයාට විරුද්දව ගත්ත ඇක්ෂන් එක මොකක්ද මේ යහපාලනේ? දැන් යහපාලනේ පීචන් වෙලා ඉවරයි. ඡන්ද තියන්න බය එ්කයි. ප්‍රතිඵලේ දන්නවා.

:       147       171

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site