IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


හම්බන්තොට වාරණය අත් හිටුවයි

(සනත් ගමගේ)
 
හම්බන්තොට වරායේ  සේවකයින්ට වරාය පරිශ්‍රයට ඇතුල්වීම වලක්වාලමින් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වාරණ නියෝගය අත් හිටුවා තිබේ.
 
එම වාරණ නියෝගය අත් හිටුවමින් අතුරු තහනම් නියෝගයක් අද (5) හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නිකුත් කර ඇති බව වරාය සේවක සංගමයේ සභාපති අයි කේ  ඔමේෂ් මහතා පැවසීය.
 
මෙම අතුරු තහනම් නියෝගය මේ මස 9 දක්වා බල පවැත්වෙන ලෙසට නිකුත් කර ඇති බව සේවක සංගමයේ සභාපති වරයා වැඩිදුරටත් කීය.
 
වරාය අධිකාරිය යටතේ මෙම සේවකයින් සිටින හෙයින් වරායට ඇතුල්වීමට පිටවීමට සේවකයින්ට කිසිදු බාධාවක් නොකරන ලෙසට මෙම අතුරු තහනම් නියෝගය පනවා ඇති බව සේවක සංගමයේ සභාපති වරයා වැඩි දුරටත් කියයි.
 
ඒ අනුව පවතින උපවාසය තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන අතර වරායේ කටයුතු වලට හෝ ගමන් ගන්නා කිසිදු වාහනයකට‍ බලපෑම් නොවන ආකාරයට සේවකයින් මෙම ස්ථානයේ රැඳී සිටින බවද පැවසීය.



අදහස් (1)

හම්බන්තොට වාරණය අත් හිටුවයි

Sathyayaa Tuesday, 05 December 2017 09:54 PM

අධිකරණයේ ස්වාධීනත්වයට ජයවේවා!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 884 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site