(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චියේ සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ සිටි කර්නල් වරයා ඉදිරියේ හිටපු කොටි සාමාජිකයින් හඩා වැලපීම ඊලම ඉල්ලූ කොටි සාමාජිකයින්ට සිදු කළ ද්‍රෝහි කමක් බවට උතුරු පළාත්සභා දෙමළ ජතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය මාධ්‍ය සමාජියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීමෙනි.
එහිදී මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසුයේ
‘තමන්ට අණ දුන් පාලකයෙකු වෙන්වන අවස්ථාවේදී අපේ ගම් වල මිනිස්සු හැසිරෙන ආකාරය මේ වගේ තමයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් හිටපු කොටි සාමාජිකයින් මේ විදිහට හැසිරුණු එක වැරදියි . මොකද අවුරුදු ගාණක් මේ රටේ දෙමළ ඊළම ඉල්ලා මිය ගිය කොටි සාමාජිකයින් සිදු කළ ද්‍රෝහිකමක් කියලයි මම හිතන්නේ.
ස්ථාන මාරුවීම ලබා ගිය කර්නල්වරයා හොඳ කෙනෙක් වෙන්න පුළුවන් නමුත් ඒ කර්නල් වරයාට එලෙස සැළකීම තුලින් අනෙක් පැත්තෙන් උතුරේ යුද හමුදාව කඳවුරු තුළ තවදුරටත් රැඳි සිටිය යුතුයි කියන මතය මිනිස්සුන්ගේ ඔලු වලට යනවා මෙම සිදුවීම නිසා. ‘
COMMENTS
කිසියම් දෙයක නරක පැත්ත නොව හොඳ පැත්ත අගය කිරීමට පුරුදු වෙන්න.
මුගේ දත් ගලවන්න කවුරුත් නෙහෙනේ අම්මප
දේශපාලකයෝ තමයි සංහිඳියාව නැති කරන්නේ. අහිංසක ජනතාව කල යුත්තේ රට ගැන නොසිතන අය දේශපාලනයෙන් ඈත්කර තැබීමයි...
සිවාජිලිංගම් මහතාණෙනි, ඔබතුමාගේ බුද්ධිය කොහෙද තියෙන්නේ ?ඒගොල්ලෝ හිටපු කොටි සාමාජිකයෝ වුණාට දැන් පුනරුත්තාපනයවූ පිරිසක්. දැන් සාමාන්‍ය ජනතාවට සාමාන්‍යයි....... තවද එකෙන්ම පේනවා එම කර්නල් වරයා ඔවුන් කොච්චර දුරට පුනරුත්තාපනය කරලා තියෙනවද කියල එහෙම හැගීම් බර වෙන්න. ඔබතුමාලට ඕන ඒ නොමග ගිය අහිංසක පිරිසට තවත් ජාතිවාදය වපුරලා වලපල්ලට දාන්නද? ඔබතුමන්ලවගේ ජාතිවාදය අවුස්සන පිරිසෙන් මේ අහිංසක ජනතාව බේරාගැනීමට තව තවත් හැකිවෙනු දැකීම මගේ ප්‍රාර්ථනයයි.....
අනේ රොහාන් දුටු ගැමුණුල වෙනුවට දැන් ඉන්නේ බස් ගමුණුලානේ.
යහපත් දෙය අගය කිරීමට අකමැති මෙවන් අය රටකට අවාසනාවකි. කවුරු කලත් හොද දේ අපි සියල්ලෝම අගය කිරීම මනුෂ්‍ය ගතියකි. එය "අගයනොකිරිම අමනුස්ස "ගතියක් බව මෙය කදිම නිදසුනකි.
රටක මිනිස්සු සහාජීවනයෙන් සහායෝගයයෙන් ඉන්න එක කොච්චර වටිනවද..........ඒ හමුදාවෙ මහත්මයගෙ නිහතමානීකමට ඒ මිනිස්සු හඩන්න ඇති................
දැන් සතියකට කලින් හෘදයාබාදයක් තිබ්බේ මෙයාට නේද.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත තව දුරටත් බලාත්මක කල යුතු බවට මෙයා හොඳ නිදසුනක්. නැත්නම් මේ වගේ අය නැවතත් මේ රට විනාස කරනවා.
වහාම පුනරුත්තාපනය කරන්න අවශ්‍යයි වගේ.
මේ ගොල්ලන්ගේ ජාතිවාදී හොද්ද බොර වෙන්නේ නැහැනේ මෙහෙම වුනාම. ඒකයි.
මෙයා වගේ පට්ට ජාතිවාදියක් මමනං දැකලම නැහැ . උතුරේ නියෝජන කල කිසිම දේශපාලකයෙක් උතුරේ ජනතාව මෙහෙම සමීප වෙලා නෑ. ඉරිසියාව තමයි මේ ඇති වෙලා තියන්නේ.
මෙයාලා බඩ වඩාගන්න ජාතිවාදය අවුස්සනවා - සිංහල දෙමල දෙපැත්තේම අහිංසක කොල්ලෝ කෙල්ලෝ මැරෙනවා.
කෙලෙහිගුණ සැලකීම පැරණි ආසියාතික සංස්කෘතිවල තිබුණු විශේෂ ලක්ෂණයක්. ආයුධයෙන් කරන්න හදන දේ මේ මහත්මයා කරනුයේ තමන්ගේ හැකියාවෙනුයි, උත්සහයෙනුයි. මහජනයා දේශපාලකයන්ට හරි පාඩම් කියාදෙන කාලය වැඩි ඇතක නොවේ.
සිවාජි මැරුණු කොටි ජීවතුන් අතර සිටියානම් ඒ අයත් අඬනවා. ඒත් ඔබලා මැරුණත් අඬන්නේ නැහැ කියලා මට ෂුවර්.
එවැනි හමුදා නිලධාරීන් යටතේ තව ටික කාලයක් ඒ ජනතාව සිටිය යුතුය.
කොටි සංවිධානය, ත්‍රස්තවාදී සංවිධානයක් කියලා, මෙයාල තවම පිළිගන්නේ නැති එකයි දුක.