(කේ බුද්ධික කුමාරසිරි)
මෙවර සාපෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයකු මීගොඩ මහා විද්‍යාලයීය විභාග මධ්‍යස්ථානය අසලදී අද (12) සිදුවූ අනතුරකින් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු විභාග කොමසාරිස් ජනරාල්ගේ උපදෙස් මත රෝහලේ විශේෂ කුටියක් තුළදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දුන් බව හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත දේශපි‍්‍රය වීරසූරිය මහතා පවසයි.
අනතුරට ලක්වූ සිසුවා සිය සහෝදරයා සමඟ වටරැක සිට යතුරුපැදියකින් මීගොඩ මහා විද්‍යාලයීය විභාග මධ්‍යාස්ථානය බලා පැමිණ ඇති අතර එහිදි විභාග මධ්‍යස්ථානය ඉදිරිපිටදී දකුණු දෙසට යතුරු පැදිය හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි බස් රථයක් යතුරු පැදයෙහි පිටුපස ගැටී ඒ අසල නවතා තිබූ තී‍්‍ර රෝද රථයක සහ කුඩා ලොරි රථයක ද ගැටී ඇතැයි මීපේ පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පළාතේ අයට බයික් පදිනකොට වම දකුණ සම්පුර්ණයෙන්ම වෙනස්. කලාප අධ්‍යක්ෂක තුමාට උපහාර වේවා!
ඉක්මනින් සුවය ලැබේවා. සුබ අනාගතයක් වේවා.
අධ්‍යාපන ඇමතිතුමාට ජය වේවා !යහපාලනයට ජය වේවා ! හැබැයි අර කව්ද නීති විභාගයක් ලියලා පාස් වුනා වගේ කරන්න එපා!
ඉක්මන් සුවය ලැබේවා.....
යහපලානේ රග පාරට බැහැල සාමාන්‍ය මිනිස්සුන්ගෙන් අහල බලන්න , ඔයාට යසට කියල දේවි.............