(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
හිමිකරුවෙකු නොමැතිව දමා ගිය සුඛෝපභෝගී මෝටර් රථයක් වැලිගම බටවල ප්‍රදේශයේ සොහොන් පිට්ටනියක තිබී අද (18) උදෑසන සොයා ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
කිසිවකුත් නොමැති එම මෝටර් රථය පිළිබඳව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෝටර් රථයේ ලියාපදිංචි අයිතිකරු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට පොලීසිය තොරතුරු අනාවරණය කර ගෙන ඇත.
ඒ අසල මාර්ගයෙන් ගමන් ගන්නා විට එය අනතුරට ලක්වූයේ ද එසේත් නොමැති නම් වෙනත් කටයුත්තක් සදහා පැමිණි වාහනයක් ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් මේ වන තෙක් හෙළි වී නොමැත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුඩා ටොයෝටා ඇක්වා හැච් බැක් රථය ලංකාවේ සුඛෝපභෝගී රථයක් ලෙසද ගණන් ගැනෙන්නේ?
අනවශ්‍ය වියදම් අඩු කරගන්න කාර් එකෙන්ම ඇවිල්ලා පරලොව යන්න ඇති. ජයරත්න කියලා කෙනෙක්ද පොලිසියට පැමිණිල්ල දාලා තියෙන්නේ?
කාගේවත් කරපිටින් එන්නේ නැතිව මෙහෙම ආපු එක එකඅතකින් හොඳයි