(අමල් වික්‍රමරත්න)

හබරාදූව ග්‍රාමීය බැංකු මුදල් තැන්පත්කරුවන් සිය තැන්පත් මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ගාලු - මාතර මහා මාර්ගය මධ්‍යයේ උද්ඝෝෂණයක් අරඹා ඇත.

මේ හේතුවෙන් ගාලු - මාතර මාර්ගයේ වාහන ගමනාගමනය මුළුමනින්ම ඇණ හිට ඇති අතර එම හබරාදූව ග්‍රාමීය බැංකුවේ මුදල් තැන්පත්කරුවෝ 150ක් පමණ මාර්ගයේ බිම වාඩිවී උද්ඝෝෂණයේ යෙදී සිටිති.