IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හදිසි නීතිය ඉවත් කරන්න එපා - ආරක්ෂක අංශ

(අංජුල මහික වීරරත්න)
 
මහනුවර ඇති වු ජාතිවාදී ස්වරූපයේ ගැටුම් වල පරික්ෂණ අවසන් වන තුරු හදිසි නීතිය ඉවත් නොකරන ලෙස ආරක්ෂක අංශ රජයෙන් ඉල්ලා තිබේ

 
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සතිපතා රැස්වෙන ආරක්ෂක සමාලෝචන රැස්වීමේදී ඔවුන් මෙම ඉල්ලීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කර ඇත.
 
ජාතිවාදී ස්වරුපයෙන් මහනුවරදී ඇතිවූ ගැටුම්වල පරීක්ෂණ 70%ක් පමණ අවසන් බවත් ඉතිරි පරීක්ෂණ කඩිනමින් අවසන් කරන බවත් ආරක්ෂක ප්‍රධානීහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.
 
සිද්ධීන්වලට අදාළ පරීක්ෂණ අවසන් අදියරට පැමිණ තිබෙන අවස්ථාවේ ඒ සියල්ල අවසන් වන තෙක් හදිසි නීතිය පවත්වාගෙන යන ලෙස ආරක්ෂක ප්‍රධානින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.
 
ආරක්ෂක අංශ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීම විදේශ සංචාරය නිමවා අනිද්දා (17) ලංකාවට පැමිණෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (4)

හදිසි නීතිය ඉවත් කරන්න එපා - ආරක්ෂක අංශ

සතයපාල Thursday, 15 March 2018 02:13 PM

හදිසි නීතිය පවත්වාගෙන යන්න වුවමනාව තියෙන්නේ ආරක්ෂක අංශ වලටද, ආණ්ඩුවටද කියලා ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුණත් වැඩිකල් හදිසි නීතිය පවත්වාගෙන යන්න ඉඩ දෙන්න බැහැ. ඒක හැකි ඉක්මණින් අහෝසි කළ යුතුමයි.

:       0       16

tamindu dulvan Thursday, 15 March 2018 02:38 PM

ඇදගෙන නාලා ඉන්න යහපාලන ආණ්ඩුව දැන් හමුදාවත් විකුණන ගානට ඇවිත්..!

:       0       21

ලක්සිරි Thursday, 15 March 2018 04:44 PM

හදිසි නීතිය දිගටම පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම හදිසිනීතිය යටතේ අත්අඩංගුවට පත්ව සිටින රට ගිනිතියපු අය තව බොහෝ කලකට සිරගත කල යුතුයි. තවද, මෙතෙක් අත් අඩංගුවට නොගත් පිරිසත් වහාම අත් අඩංගුවට ගෙන දඬුවම් කල යුතුයි.

:       46       1

උපේක්ෂා Saturday, 17 March 2018 09:18 AM

ඔව්, කිලිනොච්චියෙන් ඇවිත් අකුරණ අයගේ සහය ඇතිව කටුගස්තොට පැත්තේ පන්සලට පහර දීලා පැනලා ගිය අය තවම ඇල්ලුවේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site