(ඩයනා උදයංගනී)
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර දෙකෙහි අලූත්වැඩියා කටයුතු අවසන් වනතුරු හදිසි හදවත් සැත්කම් රජයේ වියදමින් පෞද්ගලික රෝහල් වලදී සිදුකර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ශල්‍යාගාරවල අලූත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් නොකෙරෙන අතර එහි හදවත් සැත්කම් කළ යුතු රෝගීන් ජයවර්ධනපුර රෝහලට මාරුකර යැවූවත් එය ප‍්‍රමාණවත් නොවන නිසා මෙම පියවර ගත් බව සම කැබිනට් ප‍්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරවල අලූත්වැඩියා කඩිනමින් අවසන් කිරීමටත්, එතෙක් හදිසි සැත්කම්වලට භාජනය කළ යුතු රෝගීන් පහසුකම් ඇති පෞද්ගලික රෝහල් වෙත යොමු කිරීමටත් අගමැති රනිල් වික‍්‍රමසිංහ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට මෙසේ කැබිනට් අනුමැතිය ලැබිණි.
ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මවුන්ට් එළිසෙබෙත් යවන්න. ඩීල් එකක් ඇති.
කෝ අර කෑගහන ජී.එම්.ඕ.ඒ. එකේ කට්ටිය මොනවද කියන්නේ මේවට?
ඇයි රාජිතට වගේ සිංගප්පූරු යවන්න බැරි?
කොහොමටත් ඉතින් වැඩිහරියක් කෙරෙන්නේ පුද්ගලික රෝහල්වල තමා, දුප්පත් මිනිස්සුන්ට ඒ අවස්ථාව නැහැනේ...
ගාන ඩබල් වෙලා ඒකත් අසරණ ජනතාවගේ කර පිටටම තමයි. රටේ සෞඛ්‍ය සේවය මුදලට විකුණන, හා ජීවත්වීමේ අයිතිය මුදල මත තීරණය කරන එක මේකට අදාල නැතිව ඇති මගේ හිතේ. අපි කාගේත් සහයෝගයෙන්නේ පෞද්ගලික සෞඛ්‍ය සේවය වැඩි දියුණු කරන්නේ.
Rama, මෝඩ කතා කියන්න එපා.
අදායම් බදු දෙපාර්තමේන්තුවටයි ! දැන් බලන්න ඔය කියන රෝහල්වල සම්පුර්ණ අදායම? හරියට බදු ගෙවනවද?
මුදල් ගෙවලා බැරිනම් ඉඩම් උගස් තියලා හරි කමක් නැහැ ඔයාලගේ ඔපරේෂන් කර ගන්න අපට පව් නොදී. කෝ දැන් අර මහලොකු කොලිටිය තියන ලංකාවේ සෞඛ්‍ය සේවය? ඔතන තියෙන්නෙත් තක්කඩි බිස්නස් එකක් කියල හිතාගන්න බැරි ගොබ්බයෝද මේ රටේ ඉන්නේ? ඔයාලගේ සල්ලි වලින් පිනට ඉගෙන ගෙන පෞද්ගලික රෝහල් වල වෛද්‍ය සේවය විකුණන දොස්තරලාට තව තවත් වැඩිපුර පින් දීපල්ලා එතකොටවැඩි වැඩියෙන් හදවත් රෝග වැළඳෙයි.
ඒ කියන්නේ සමුපකාරෙන් කළුකඩ මුදලාලිට ලෙඩාව බාර දෙනවා. අවසානයේ පොලියත් එක්ක බිල ගෙවනවා ආණ්ඩුවෙන්.. කාටද ආඩම්බර?
රාජිතගේ ගේමක් වගේ
කාලයක් යද්දී එලිවෙයි ආණ්ඩුවේ වගකිවයුතු අදාල තනතුරු දරන අය මේ වැඩෙන් ගසාකාපු හැටි.
ඇති හැකි අය යන්නෙම පෞද්ගලික වෛදයෙ සේවාවලටම තමයි. ති බැරි අයටත් අවස්තාව දියයුතුයි.
හොඳ තීරණයක්!!! ශල්‍යාගාර වහාම අලුත් වැඩියා කරගෙන යනවා. එය කලයුතුය. එතන දේසපාලනයක් නැහැ. හරි දෙයට හරි කියමු. ඔබ වෙනුවෙන්ම උපදෙස් ලැබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධාන වලිනි.