(චමිල් රුපසිංහ)
මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා තම දරුවාගේ හදවත ලබාදුන් දෙමව්පියන්ට ඔවුන් දැනට පදංචිව සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීම සඳහා තීරණය කර ඇත.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් මෙම තීරණය දැනුම් දීම සඳහා අද (12) හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා හදවත ලබාදුන් දරුවාගේ මව සහ පියා මහනුවර මහ රෝහලට කැඳවා රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා මේ බව පැවසීය.
අනතුරින් මියගිය උඩුනුවර හෙක්ටයාර් ජනපදයේ විසූ ප්‍රදීප් කුමාර සම්පත්ට (22) වැඩිමහල් සහෝදරියක් හා බාල සහෝදරියක් සිටින අතර පවුලේ සිටි එකම පිරිමි දරුවා ඔහුය.
මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම මෙය වේ.
මෙවන් අකල් මරණ වලට යම් අයෙක් ලක් වෙනවා නම් දෙසැරයක් නොසිතා එම පුද්ගලයාගේ අවයව තවත් කෙනෙකුට දන්දී ජීවිතයක් බේරාගැනිමට දායක වෙන ලෙස දරුවාගේ පියා වන අයි ජී නන්දසේන මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ වැඩක්, ජනාධිපතිතුමා එහෙනම් පත්තර කියවනවා වගේ....
ඔබ දෙපල මේ කර ගත්තේ ලොකුම කුසලයක්. ඔබ පවුලට ත්‍රිවිධ රත්නයේම පිහිටයි.
මෙවැනි පරිත්‍යාගශීලී මිනිසුන් සහ නිදහස් සෞඛ්‍ය සේවය නිසා ඉදිරියේදීත් තවත් දහස් ගණනකට ජීවිත අපේක්ෂාව ලැබේවි. වෙනත් රටවල මෙවැනි සංකීර්ණ සැත්කම් නොමිලේ සිදුකරන්නේ නැහැ. මෝඩ දේශපාලන ව්‍යාපෘතිවලට යට නොවී නිදහස් සෞඛ්‍ය මෙන්ම නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සැමගේ වගකීමක්...
පසුගිය දවස්වල ජනාධිපතිතුමා හොඳ වැඩ ටිකක් කලා.. පිළියන්දල ළමයාටත් උදව් කලා... අන්න එහෙම කරනවානම් අපිත් කැමතියි.. ඩෙංගු වලටත් බුද්ධමත් දැඩි තීරණ ගන්නකෝ.. රටේ සැමදෙයක්ම ඔබතුමාට වගකීමක් තියෙන බව අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැනේ ජනාධිපතිතුමනි...
උතුම් පින්කමක් කල ඔබ දෙපලට තෙරුවන් සරණයි !!!
අගය කළ යුත්තකි. ඔවුන්ට සැනසීම ප්‍රාර්ථනා කරමි.
ඕකත් ඉතින් පොරොන්දුවක් විතරයි...
මොලේ මැරුණා කියා අනෙක් අවයව ගලවා ගන්නා ව්‍යාපාර බිහිවීමත් මේ කුරුවල් සමාජයේ සිදුවිය හැකි බැවින් සියලු දෙනා අවධානයෙන් සිටිය යුතු වන්නේය.
සොයුර ඔබට උතුම් නිවන් සුවය ලැබේවා ලැබේවා ලැබේවා!!! ජනාධිපතිතුමාගේ මෙම අදහස අගය කරමි ....
ඉතා අගය කල යුතු වැඩක්...
ජනාධිපතිතුමාගේ සංකල්පනාව කිසි වැරද්දක් නැහැ ඉතාමත් හොඳ වැඩක්. නමුත් ජනාධිපති තමන්ගේ තනතුරේ කටයුතු නිර්භයව, නිවැරදි දැක්මකින්, අන් අයට ආදර්ශයක් වන ලෙස සිදුකරනවා නම්, ඉදිරියේ පත්වන ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට මෙහෙම ගෙවල් හදලා දෙන්න ඕන නැති පරිසරයක් ඇතිවේවි. කල යුත්තේ එක අයෙක් තෝරා ගෙවල් සදා දීමට වැඩ එසේ නොකර සිටිය හැකිවන ලෙස ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවන්න කටයුතු කරන එකයි. නැත්නම් කිසිම තේරුමක් නැහැ.
අර්ථයේ පරිසමාප්තාර්ථයෙන් දෙවි -මව-පියා (දෙමව්පියෝ ). ඔබ දෙදෙනාටම බුදුබව ලැබෙනවා නියතයි. තම දරුවන්ගේ කර්මානුරුප අනුවන තීරණ ඔවුන්කෙරෙහි අනුකම්පාවෙන් ඉවසමින් සියලු දුක් මහමෙර සේ ඉවසාගෙන තමන් නොකා නොබී දරුවන් පෝෂණය කර හිතුවක්කාරකම් පවා ඉවසමින් සිටි ඔබට සිටි එකම පුතා ලක්ෂ පහක ණයක්ද ඉතිරිකර සදා නොනිමෙන දුකක්ද ඉතිරිකර දෙමව්පියන්ට සහ පවුලට බරක්ව සිට මියයාම ඉතා අවාසනාවන්තය. එම අවාසනාව ඉතා බුද්ධිමත්ව වාසනාවකට පෙරලාගත් එම දෙමව්පියන්ට එම දරුවාටත් පින අනුමොදන් වියහැකි තමාටත් පින්ලැබෙන ඉතාමත්ම ආදර්ශමත් ක්‍රියාවක් කර තවත් පවුලකට අහිමිවීමට ගිය මවකට ජීවිතය ලබාදීම සහ අනෙක් අවයව පරිත්‍යාගය දහසක් අපරාධ වෙන රටක කලකින් ඇසූ උසස්ම ක්‍රියාවකි.
මෙම දෙමව්පියන් බුදු වේවා!
නමෝ බුද්ධාය ..! මොනතරම් ආදර්ශමත් ක්‍රියාවක්ද..! ඉතාමත්ම ප්‍රසංශනීයයි. ඉතාමත්ම බුද්ධිමත් තීරණයක්. කුමක් හෝ සසරේ කර්ම දෝෂයක් නිසා තම ආදරණීය දරුවා ජීවිතයෙන් අකාලයේ සමුගත්තත් ඒ හදවත තවත් කෙනෙකුට ජීවය දෙන්න පරිත්‍යාග කරන්න තරම් බුද්ධිමත් භාවයක් ලද කර්මය කම ඵලය පිළිබඳව විශ්වාසය, අවබෝධය ඇති ගෞරවණීය දෙමාපියනි ඔබ හරිම පොහොසත්. ඉතාමත් මහත් ඵල මහානිසංශ මේ උතුම් කුශලයේ දිට්ඨ දම්මවේදනීය විපාකයකුයි මේ ලබන්නේ. මේ උතුම් කුශලයෙ ආදරණීය පුතුට පරලොව සුගතියත් උතුම් වූ අමාමහ නිවනින් සැනසීම පිණිසත්. ගෞරවණීය දෙමාපියනට මෙලොව පරලොව සැප පිණිසත්, උතුම් වූ අමාමහ නිවන්සුව පිණිසත් හේතු වාසනා වේවා..! මේ උතුම් බෝසත් ක්‍රියාව බොහෝ දෙනාට පූර්වාදර්ශයක් වේවා ..! මේ උතුම් කටයුත්ත ඇගයීමට කටයුතුකළ සියලුම දෙනාටත් නිවන්සුව පිණිස මේ කුසලය හේතුවේවා..!
ගෙවල් බලාපොරොත්තුවෙන් තවත් අයවලුන් මෙවන් දේ වලට පෙළඹෙන්න එපා
කිසිම ලාභයක් නොපතමින් මේ දෙමවුපියන් කල මහා පිංකම මෙලොවදීම තමන්ට සුබපල උදාකර දීලා. ඔවුන්ගේ චේතනාව යහපත්. සල්ලි යහමින් තියෙන අයගෙන් නොමිලේ අවයව පරිත්‍යාගයක් ලැබුණානම් පුදුමයක් .
මම අද බබෙක් හම්බවෙන මව් කෙනෙක් පරීක්ෂා කළා. ඇයට හර්දය ලැබිල තියෙන්නේ මොලේ පිළිකාවක් තිබුන මැරුණු තරුණ කාන්තාවකගෙන් . මේ මව කියනවා කුසේ ඉන්න දරුවා බිහිවුණාම ඒ දරුවට දාන්නේ එයාට හදවත දානය කරපු මියගිය රෝගියාගේ නමලු. තවමත් ඇය ඒ හදවත දුන් පවුල සමග ඉතා සමීපව අැසුරුකරනවා. මේ විදිහ කෘතගුණ සලකන අය දුලබයි බටහිර ලෝකයේ. මෙය ඉතා දුර්ලබ දෙයක් . එංගලන්තයේත් ඉන්නවා අපේ හැදියාව වගේ අය.දෑසට කදුළු ගැනෙන කතිකාවතක් .
මිනිසුන් පැහැරගෙන ගොස් හදවත් ලබාගන්නට සිතන අයත් මේ සමාජයේ ඉන්නවා දුප්පතුන් නොවේ උන් ඇති හැකි අය පමණි
දෙමව්පියන්ගේ ක්‍රියාව ඉතාමත් උතුම්. එමෙන්ම ජනපතිදුනි , අද ලක් අම්මගේ හදවතත් මියයන බව සතර අතින් ඇහෙනවා.ඉතා ඉක්මන් සැත්කමක් කරලා ලක්මව බේර ගනු ඇති අපි ප්‍රාර්ථනා කරනවා.
මොළය මියගිය දෙමව්පියන්ගේ ශරීර අවයව දන්දීම මගින් දරුවන් ආනන්තරීය පාප කරමයට යටත්වන බව ධර්ම සාකච්ඡාවක දී ඇසුවෙමි (යන්ත්‍රයෙන් ඉවත් කිරීම හේතුවෙන් දෙමාපියන් මියයන නිසා). මේ ගැන දන්නා අයකු වේ නම් අපව දැනුවත් කරන්නේ නම් මැනවි.