(මහින්ද නිශ්ශංක)
පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්කවල සියලු මත්පැන්හල් හෙට(05) සිට 11 වැනිදා තෙක් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මේ කාලය තුළ එම දිස්ත්‍රික්කවල විශේෂ වැටලීම් කරන බවද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීය.
COMMENTS
අරක්කු වැඩි මිලට හොරෙන් විකිණීම සහ මිලට ගැනීම, (තැබෑරුම් වැහීමට පෙර දිනය) පැය ගාණනක් හරි පෝලිමේ ඉඳලා බඩු ගබඩා කර තබාගැනීම ආදී අපහසුතාවයන් විනා මේ නීතියෙන් සිදු වෙන වෙනත් යහපතක් තිබේද?
සුරා සල් වහන එක කිසිම තේරුමක් නැති වැඩක්....
මේ නිවුස් එක දැක්ක ගමන් ලබන සතියට බඩු ටික ස්ටොක් කරගනියි...
තව තවත් අසහනය වැඩිවෙනවා. නීති දාලා මිනිසුන්ගේ අධ්‍යාත්මය හදන්න පුළුවන්නම් මොනවා කරන්න බැරිද? ලංකාවේ හැමදෙයක්ම අසහනය වැඩිවෙන විදියට නිර්මාණය වෙලා තියෙන්නේ. මේ නීති දාන්නේ කාට ඕනෑවටද?
මේ නීති පනවන්නේ පොහෝ දිනයට ගෞරව කරන සංකේතයක් ලෙසය. එහෙත් නීති රීති පනවා මිනිසුන්ගෙන් ගෞරවයක් ලබා ගැනීම ගැන මගේ ප්‍රසාදයක් නැත. පෝය දවස කියලා නොබී හිටපු කෙනෙක් ඉන්නවා නම් කරුණාකර දන්වන්න.
රටේ අනෙක් පළාත්වලට පොසොන් පෝයක් නැතිද?
නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය රැකීමට පියවර නොගෙන.... නිකම් විහිළු කරනවා... මොන නීති දැම්මත් බොන මිනිහා බොනවාමය.