මිලිටරි පාලනයක් හරි අරගෙන ගිහින් මේ රට හදන වගකීම බාර ගන්නැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි නාහිමි ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවසුහ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනය නිමිත්තෙන් නුගේගොඩ මිරිහාන නිවසේ පැවැති පිංකමකට සහභාගි වෙමින් නාහිමියෝ එසේ පැවසුහ .
නාහිමියෝ මෙසේද පැවසුහ.
‘ඔබතුමා හිට්ලර් කෙනෙක් විදියටත් හඳුන්වන්න තිබුණා.මහා සංඝ රත්නය විදියට අපි අවසන් වශයෙන් ඉල්ලන්නේ මිල්ටරි පාලනයකින් හරි මේ රට හදන්න කියලා.‘
COMMENTS
හිට්ලර් රට හැදුවේ නැහැ ලෝකයම විනාශ කලා. ඒ වගේම හමුදා පාලකයෝ රටවල් කොල්ලකෑ බවට මිසක රටවල් හැදුව බවට ඉතිහාසයේ නැහැ.
රට හදන්න හිට්ලර් වෙන්න ඕන නෑ. දේශපාලකයෝ ගසා කන එක නවත්වන්න . දේශපාලකයින්ට අමතරව සංවර්දන ක්‍රියාවලින් තීරණය කිරීමට උගතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන්න. හිතමිතුරු සංග්‍රහ නවත්වල සුදුස්සාට තැන දෙන්න පුළුවන් ක්‍රමයක් හදන්න .ගසාකෑමට එරෙහිව උපරිම නීති ක්‍රියාත්මක කරන්න . හරියට කරනවානම් කවුරු උනත් අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔබතුමාට කරන්න පුළුවන් කියල අපි විශ්වාස කරනවා
හිට්ලර්ලා ගෙන්න හරි ලේසියි අපේ හාමුදුරුවනේ. එත් එළවගන්න අමාරුයි. ජිවිත දස දහස් ගානකින් වන්දි ගෙවලා තමා ලෝකේ හැම තැනම හිට්ලර් පන්නයේ ඒකාධිපතියෝ එලවාගෙන තියෙන්නේ. හිට්ලර් නිසා දෙවන ලෝක යුද්ධයෙන් කෝටි 8ක් ඝාතනය වුනා. ඉන්දුනීසියාවේ, පිලිපීනයේ, චිලියේ, කොංගෝවේ, කෝටි ගණනක් ජනතාව ඒකාධිපති පාලකයන විසින් ඝාතනය කලා. ඒ හැම ඒකාධිපතියෙක්ම දේශප්‍රේමී සළුපිලි ඇඳගෙන තමා කරලියට ආවේ. ඒක තමා අමිහිරි යථාර්තය. අපේ රටටනම් එවැනි යුගයක් උදා නොවේවා කියලා තමා බුද්ධිමත් ජනතාව ප්‍රර්ථනා කරන්නේ.
යුරෝපාවාසීන් මෙන්ම ලෝක ඉතිහාසය කියවා ඇති පාසල් දරුවන් පවා හිට්ලර් කියන්නේ මෙතෙක් මෙලොව පහළවුණ අති දරුණුම සමුහ මිනීමරුවා බව දන්නවා. "ගෑස් චේම්බර්" නමින් තවමත් මුළු ලොවම පිළිකුලෙන් හෙළාදකින සමුහ ඝාතන සඳහා හිට්ලර් යොදාගත් උපක්‍රම වෙනුවෙන් අහිංසක දරුවන් ඇතුළුව ජනතාව යැවුවේ සතුන් ප්‍රවාහනය කරන දුම්රිය පෙට්ටි තුල හිරකරගෙනයි, හාමුදුරුවනේ ! සෑම වසරකම මෙසේ හිට්ලර්ගේ ම්ලේච්ච යකඩ සපත්තුව යටතේ පරළොව ගිය ලක්ෂ සංක්යාත අසරණයන් සිහිකිරීමට එරටවල රාජ්‍ය නායකයන් එකතු වෙනවා!
හරියටම් හරි තෙරුවන් සරනයි.
ඔබ වහන්න්සේ. දන්නවද. හිට්ලර්. කරපු. මනුස්ස ගාතන. අසරණ මිනිසා. තමයි මෙවැනි. මිනිසුන්ගේ ග්‍රහණයට. අසුවෙන්නේ ලොකු උදවිය ආරක්ෂාව සලසා ගනියි පසුගිය. අන්ඩුවේදී. හිට්ලර් මල්ලි. කරපු දේ. දැන් අමතකද. . මේ රට. එක්කෙනෙක්ගේ නොවේ. සියලුම ලක් වැසියන්ගේ. සැවොමගේ. කැමැත්ත. තියෙන්න. ඕන හිට්ලර්ගේ මල්ලි ගෙන්න. කලින්. ලැබුන. දීමන. නැති. වෙනකොට හිට්ලර්ට. කියල. හරියනවද
රට හදනවා නං යම පල්ලෙක් හරි වෙලා හෝ කරනව නං අපිට කමක් නැහැ . මුලින්ම හොරකම් නවත්තන්න ඕන .
අපේ හාමුදුරුවනේ ඔබ සීයට සීයක් හරි. අපි විධායක ජනාධිපති ක්‍රමය ඉල්ලන්නේ ඔයනිසයි. විදායක ජනාධිපති ක්‍රමය එපා කියන්නේ භයට.
ඔය කියමනට කලබල වෙන්න දෙයක් නෑ ඒක සිංහල භාෂාවේ තියෙන උපහැරණයක්. හිට්ලර් වගේ වෙන්න කියන්නේ සැර පාලකයෙක් වෙන්න කියන එකයි.
පොඩියට හරි බලය තිබුන කාලේ මේයා පාලනය කලේ එවිදිහට බව මේ හාමුදුරුවෝ දන්නේ නැද්ද? ඔය කියන විදිහට මෝරු තටාක සෑම නගරයකම පිහිටුවන්න වේවි.
I ඔව් හාමුදුරුවනේ අපිට අඩු වෙලා තිබුනේ එඑච්චරයි
මිනිසුන් මිලියන 11 ක් ඍජුවම වධකාගාර තුලදී ඝාතනය කළ, යුරෝපයේ පමණක් යුද්ධයෙන් ඍජුව මිනිසුන් මිලියන 26 හමාරක් ඝාතනය කළ, නූතන ශිෂ්ඨ සමාජයම පිළිකුල් කරන හිට්ලර් වගේ වෙන්නැයි කියා..........
ඔබ වහන්සේ හරියට හරි අනුන්ගේ ඕපාදුප හොයමින් හැමදේම පිනට ලැබෙනකම් බල ඉන්න බහුතරයක් ඉන්න මේ රටේ බලෙන් හරි වැඩ කරවාගෙන මේ රට හදන්න ඕන.
යහ පාලනය කියලා රටේ හොරු බෝවනවානම් හිට්ලර් නොවේ යම රජු හරි කමක් නැ කොන්දක් ඇති නායක යකු තමා රටේ රජු විය යුත්තේ මුන්ට දඩුවම් දෙන්නට පුළුවන් නායක යකු රටේ රාජ්‍ය නායක යා විය යුත්තේ ........හාමුදුරුවනේ ....ඔබේ කතාව හරි .
අපේ රටට අද තිබෙන ප්‍රදාන ප්‍රස්නයක් තමයි අපේ හාමුදුරුවරුන් බහුතරයකට සම්මා දිට්ටිය නැතිවීම.දෙවන මහා යුද්ද කලේ අපේ රටට ජපානය බෝම්බ දැම්නෙත් හිට්ලර් නිසයි.ජපානය එදා සහය දුන්නේ හිට්ලර්ටයි.. සෑම රටකටම ඒකාධිපතියෝ එපාවෙලා තිබෙන්නේ.ගෝඨාබය මහතා ජනාදිපති වුනාට කිසි ප්‍රස්නයක් නැහැ. නමුත් කිසිවෙක් ඒකාධිපති විය යුතු නැහැ.
රටේ විනය පිරිහීම අවුරුදු කීපයක සිට පවතින්නක්. නායක ස්වාමින්වහන්සේ නමක් හැටියට ඔබ වහන්සේ එදා මේගැන කුමන හෝ කටයුත්තක් කර ඇතිදැයි වදාරනු මැනවි.
දේශය දේශපාලකයෝ ද, බුද්ධ ශාසනය බුද්ධ පුත්‍රයෝ ද විනාශ කරති. රටේ දූ දරුවන් හිට්ලර් ගෙන් මැරුම් කන විට ඔබ වහන්සේලා පෝලිමේ වඩින්න පාංශුකූල දෙන්න ..
අපේ සමහර හාමුදුරුවරු කරන කියන දේවල් බලපුවම පුදුම හිතෙනවා. අනේ හාමුදුරුවනේ දේශපාලනය කර තියා ගත්තට ඔය වගේ දේවල් කියන්න එපා. හිට්ලර් ගැන හොඳට කියවල බලන්න. අනික ලංකාවේ දේශපාලකයින්ට ඒකාධිපති බලතල දුන්නොත් හෙම කොහොම තියෙයි කියලද හිතන්නේ?
හිට්ලර් නැවත ඉපදිලාවත්ද?
හාමුදුරුවනේ හිට්ලර් කෙනෙක් වෙලා හදන්න ඕන රට නෙමෙයි රටේ පාලකයෝ
අර ඇමෙරිකන් තානාපති කියුව වට "අයෝමය හස්තයකින් " යුද්දය අවසන් කිරීමත් ප්‍රජා ත්‍රන්ත්‍ර වාදීව රටක් පාලනය කිරීමත් දෙකක් කියල මේ රටට දැන් ප්‍රජාත්‍රන්තවාදය ඕනවට වැඩියි . හැම එකාටම කොන්ද නමන , හැම එකාම වර්ජන තර් ජන දමන නොන්ජල එකක් දැන් තියෙන්නේ . ගෝටා හරි මොකා හරි කොන්ද කෙලින් තියන නායකයෙක් දැන් අපට ඕන .( අර වෙලාවේ ජනරාල් ට නොගිය එක අපරාදේ කියල මට හිතෙනවා )
ඔබ 1දිනක් හෝ මිල්ටෙරි පාලනයක් යටතේ දිවි ගෙවා ඇත්ද .මෙලොව ඇති හොදම මිලිටරි පාලනය .නරකම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයටත් වැඩ බිහිසුනුඉ නරකඉ කියා කියව නැද්ද ( කොබ්බෑ කඩුව යන්ද ) ඔහුගේ ජිවිත කතාවේ අසු පැනයකට මේසේ කියා ඇත .පිටතින් පෙනෙන දෙය ඇත්ත නම් විද්‍යාවක් අවශ්‍ය නොවනු ඇත .
උන්වහන්සේ කියන්නේ නෑ හිට්ලර් කෙනෙක් ඕනේ කියලා, කියන්නේ මිලිටරි පාලනයකින් හරි රට හදන්න ඕනේ කියලා. කවුරුවත් හිතනවාද මේ දේශපාලන පරිසරයෙන් හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යාවි කියලා... අඩුම තරමේ අපේක්ෂක ලැයිස්තුවටවත් හොඳ කෙනෙක්ට යන්න බෑ. ඉතින් අපිට රට ගැන හිතන පාර්ලිමේන්තුවක් කවදාවත් හදාගන්න බෑ. ඉතින් රට දිනෙන් දින විනාශ වෙනවා මිසක් ගොඩ යාමක් නෑ.
ඇයි දැන් බෙන්ස්, බී.එම්.ඩබ්ලිව්. හම්බවෙන්නේ නැද්ද? ඒකද ආයෙත් ගෙන්න ගන්න හදන්නේ?
අපේ ගරුතර නායක ස්වාමින් වහන්සේ මෙලෙස ප්‍රකාශ කරන්නේ ලෝකය පුරා මුළුමහත් ශිෂ්ඨ සමාජයම අපරාධකාරයෙකු ලෙස පිළිකුල් කරන හිට්ලර් ජර්මනියේ පාලන බලය ලබාගත් පසුව සිදුකළ අප්‍රමාණ සාහසික ක්‍රියා පිළිබඳ අවබෝධයක් ඇතුව යැයි සිතිය හැකිනොවේ. වෙනත් අයට දැන් "හිට්ලර් ගැන කීවේ ඔහු යුද්ධය ආරම්භ කරන්නට පෙර සිදුකළ දේ ගැන මෙනෙහි කරලයි" වැනි කතා කියා මේ ප්‍රකාශයේ බරපතලකම දියාරු කල හැකි නොවේ. අයිසෙක් නිව්ටන් වරක් කියූ “සෑම ක්‍රියාවකටම විරුද්ධ වුද, සමානුපාත වූද ප්‍රතික්‍රියාවක් ඇතැ”යි යන්න වසර 2600කට පෙර බුදුන්වහන්සේ දේශනා කළේ කර්මය හා කර්මඵලය ලෙසයි. “යමෙක් යම්බඳු බීජ වපුරයිද, ඔහු එවැනිම ඵල නෙලා ගනියි. තල වපුරා මුං බලාපොරොත්තු වීමෙන් පලක් නැති” ය. මහින්ද පාලන සමයේ තල වෙනුවට වපුරන ලද විෂ කහඹිළියා ඇට දැන් පැළ බවට ලොකු මහත්වී පැලකරන ලද අයගේම අඟ පුරා දැවටෙමින් දරුණු කැසිල්ලක් බෝකර ඇත. වැඩි කලකට මත්තෙන් පැවැති රකුස් සමාජය තුළ කරරෝමලා රුචිරෝමලා මෙන්ම ආලවකයින්ද ජීවත් වූ බවක් සමහරුන්හට වැටහෙන්නේ නැත්තේ මන්ද? නව හිට්ලර් කෙනෙක් හමුදා පාලනයක් සමඟ බලයට පැමිණියදාට සියලුදෙනාටම මේ ප්‍රකාශයේ බරපතල කම වැටහෙනු ඇත.
මම නං අදමයි මහාචාර්යතුමනි, ඒ උපහැරණේ ඇහැව්වේ? ඕං! නිකං කුලියට මොකක්ද කරනවා වගේ නේද?
නායක හාමුදුරුවනේ, දැකලා තියනවා නම් කියන්න හමුදා පාලනයකින් දියුණු කරපු රටක් ලෝකයේ තියෙනවද? නායක හිමි වුණාට උගත් වෙන්න ඕනෑ.. අනුන්ට බණ දෙසන්න.
මේ ප්‍රකාශනය නිවැරදිම නැහැ. එය විය යුත්තේ... සිංහලේ පුරාණ රාජපරම්පරාවේ තවත් දුටුගැමුණු, වීර පරාක්‍රම, වීර විජයබා, අභය වැනි අති ශ්‍රේෂ්ඨ නරයන් වන පාලකයෙකුගේ අවශ්‍යතාවය මිස ලොවට අවැඩක්ම සිදුකළ හිට්ලර් වැනි අධම දුෂ්ඨ පාලකයෙකු උපහරණයට ගැනීම නොවේ අපේ හාමුදුරුවනේ.. සැබවින්ම අද ලංකාවේ අපට පමණක් නොව ආසියාවට පමණක් නොව මුළුමහත් ලෝකයටම පිළිලයක් වුණු මේ පාලන ක්‍රමය තුළින් කිසිකලෙක අපට අනාගතයක් නැති නිසා සුදුසුම ධාර්මික, ජාති හිතෛෂී, අවංක, අතිශූර නායකයෙක්, පාලන ක්‍රමයක්....
දැන් රටට අවශ්‍ය කෙලින් තීරණ ගන්න අවංක ඒකාධිපතියෙක්... නැතුව රටේ සිදුවන දේ පත්තරෙන් දැනගන්න ජනාධිපති කෙනෙක් මේ රටට අවශ්‍ය නැහැ...
හිට්ලර් ලෝකය අල්ලන්න ගිහින් ඇමරිකාව රුසියාව ඇතුළු මිත්‍ර පාක්ෂික හමුදාවට තම රට යටත් කරගන්න ඉඩ දීල දිවි නසාගත්ත. සඝ ගෞරවය ආරක්ෂා කරන්න හාමුදුරුවනේ නැත්නම් බෞද්ධ අපිත් ලෝකය ඉදිරියේ සවුත්තු වෙනවා. තමන් දන්නේ ධර්මය පමණක් නම් ඒ ධර්මය දේශනාකරන්න. නොදන්නා ඉතිහාසය දේසපාලනය කතා නොකර.
බුද්ධ දේශනාව අනුව සාසන කණ්ටක පහළවෙලා.
සභ්‍ය ලෝකයට සුදුසු නැති මෙම ප්‍රකාශය ගැන නීතිපති උපදෙස් අනුව වහාම පරීක්ෂණයක් පවත්වන්න.
දැන් මේ රටේ මොකක්දෝ අව්ලක් වෙලා තියෙනවා. ඒ නිසා නැවතත් ඉන්දියාවෙන් හරි ඇවිල්ලා බුද්ධ ධර්මය ප්‍රචාරය කල යුතුයි. එය සියලු රටවැසියාටත්, රටේ පාලකයන්ටත්, නැවතත් පින්වත් මනුෂ්‍යයන් ලෙස යහපත් දිවි පෙවතක් ගත කිරීමට උපකාර වෙන එක සිකුරුයි.
අනුනායක හිමිපාණන් වහන්සේ ' හිට්ලර් පාලනයක් ' ගැන අනුශාසනා කිරීම සැහැල්ලුවෙන් ගත නො හැකි වනුයේ ජාතියේ මුර දේවතාවුන් ලෙස බහුතර ශ්‍රී ලාංකික බෞද්ධයින් උන්වහන්සේලා පිළිගන්නා බැවිනි. දේශපාලන නායකයෝ බලය අල්ලා ගැනීම, පවත්වා ගැනීම සහ එය ගිලිහීයාම වලක්වා ගැනීම සඳහා යුධ වදිති. නිදහස ලැබීමෙන් පසු ගෙවීගිය හැත්තෑ වසරක කාලය සාමාන්‍ය මිනිසා අගාධයට අද දමමින් , බලය පවත්වා ගැනීම, කහවනු ගොඩගසා ගැනීම වෙනුවෙන් යුධ වැදුනාහ. නාහිමියන්ට අවශ්‍යව ඇත්තේ ශ්‍රී ලංකාව මනුෂ්‍යයින්ගේ දේශයක් බවට පත් කිරීමට ය. දකුණු ඉන්දීය අවර ගනයේ ටෙලි කතාවලින් බණ කතා අමතක වූ ජාතියකට නායකයෙක් පත්කර දීමටය. එහෙත් ශිෂ්ටසම්පන්න ලෝකය පිළිකුලෙන් බැහැර කරන ' හිට්ලර් 'යන වචනය යොදාගැනීම බුද්ධිමත් ප්‍රකාශයක් නොවේ. ගොබෙල්ස් සහ ' ගෙස්ටාපෝ ' රහස් පොලිසිය යොදවා අතිශය බිහිසුණු දුක්ඛදායක සිද්ධි ඉතිහාසයට එක්කල නරුමයෙක් පරමාදර්ශී චරිතයක් සේ ගැනීම වරදකි. ධර්මාශෝක මිස චණ්ඩාශෝක කෙනෙක් අනවශ්‍යය. මහා පරාක්‍රමබාහු රජෙක් මිස යසලාලක රජෙක්ද අවශ්‍ය නැත. .
හිට්ලර් නම දැනගත්තට මිනිහගේ වැඩගැන දන්නේ නෑ වගේ. ටීකා, ටිප්පනි කියවලා බලන්න කියලා වෙඬරුවේ හාමුදුරුවන්ට කිව්වොත් හොඳයි.
සුදුවෑන් ගැන කොහෙවත් ඉන්නන මිනිසුන්ටනේ අමාරු. ලංකාවේ ඉන්න අපිට සුදු වෑන් භීතිකාව නැහැ. හොර වැඩ කරලා රටින් පැන්න මිනිසුන් ලංකා හිට්ලර්ටත් බයයි සුදුවෑන් වලටත් බයයි. මොනවා කරන්නද කුම්බලා මාළු කෑවානම්.
අපි දැක්ක වීඩියෝ එක බොරුවක් එතකොට?
හිට්ලර් වගේ වුණොත් එදා හොරා කාපුවා යටගහන්නත් ආයෙත් හිතේ හැටියට හොරා කන්නත් පුළුවන්.