(ඉන්දිකා රාමනායක.)
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි හිටපු යුද හමුදා බුද්ධි ප‍්‍රධානි මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා මෙම මස 30 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඞ් බාරයට පත්කරන ලෙසට ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය අද (16) නියෝග කළාය.
කීත් නොයාර් මහතා ඉකුත් 2009 වසරේ මැයි මස 22 දින පැහැරගෙන ගොස් පහරදී වදහිංසා පැමිණ වීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් අපේ‍්‍රල් මස 6 වැනි දින යුද හමුදා රෝහලේ දී මේජර් ජනරාල් අමල් කරුණසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
තමුන්ගේ වුවමනාවකට නොව අනුන්ගේ අතකොළුවක් වෙලා ඔවුන්ගේ ඔනෙකම් එපාකම් ඉෂ්ට කිරීමට යාම මොනතරම් දීන කමක්ද ...මම නීතිවේදියානම් මොහුට මේවා කිරීමට අනුබලදුන් පුද්ගලයාගේ නම මොහුගේ කටින්ම වමාරවනවා..
මෙවැනි උසස් නිලධාරීන් රිමාන්ඩ් බන්ධනාගාරයට දැමීමෙන් මුළුමහත් හමුදා සේවාවලම ගෞරවනීයත්වය කෙලෙසීයාමක් සිදුවෙන බව අප සැවොම අවබෝධ කරගතයුතුයි. එමනිසා මොවුන් පිලිබඳ විනිශ්චයක් ලැබෙනතුරු නිවාස අඩස්සියේ තබාගැනීම සුදුසුයැයි මම සිතමි.