(නිමන්ති රණසිංහ)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියේ විවෘත කිරීමේ උළෙල වෙනුවෙන් රුපියල් ලක්ෂ 112ක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව නිතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලබන බවට දැනුම් දී ඇතැයි අද (31) කොළඹ ප්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත දැනුම් දෙනු ලැබීය.
ඒ අනුව නිතිපතිවරයාගේ උපදෙස් අනුව කි‍්‍රයා කිරීම සදහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනය ලබන මාර්තු මස 22 වැනිදා තෙක් කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කල අයට දඩුවම් දෙන එක ඉතාමත් හොද දෙයක්. එත් මේකට වගකියන්න ඕන ධීවර නියෝජ්‍ය ඇමති සහ පිරිවර විතරද? හිටපු ධිවර ඇමති නිදොස්කොට නිදහස්ද??
කලපුව කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා මොනතරම් සංවර්දනය කලත් සත පහක වටිනාකමක් නැහැ මුහුදෙන් කලපුව තුලට බෝට්ටු ගන්න බැහැ. සුද්ද ඒ කාලේ හදල දුන්න පාලම් දෙකම පහතයි. මුදෙන් ලොකු බෝට්ටුවක් කලපුව තුලට අරගෙන නවත්වන්න බැහැ .රධ
අනේ අප්පා දැන්ද මේක මේක කරන්න යන්නේ,