(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයකු මාතර මඩිහ ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටියදී අද(14) උදෑසන සොයා ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ මාතර පඹුරණ පදිංචිව සිටි යසසිරු තිසර කුමාර ගලප්පත්ති (24) නැමැති ව්‍යාපාරික තරුණයෙකි.
ඔහූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති මහතාගේ පුත්‍රයෙකු වන අතර දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතාගේ බාල සහෝදරයා ද වේ.
මිය ගිය යසසිරු ඊයේ(13) රාත්‍රි කාලයේ සිට එම හෝටලයේ රැඳී සිට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ගොඩක් හෝටල් වල සිදුවන හදිසි මරණ වලට වගකිය යුතු අය ඕනෑතරම් ඉන්නවා.
හරිහැටි වැඩක් කරගන්න මේ අයට හරිහමන් කොන්දක්වත් නැහැනේ...
දේශපාලනයට සම්බන්ධ පවුලක කෙනෙක් වුණත් මියයන බව මෙයින් පැහැදිලි වෙනවා.
මේක මොනවගේ මරණයක්ද ?
අරයගෙ නෝනා පෙති ටිකකුත් අරගෙන ඒ පැත්තේ ගියාද දන්නේ නැහැ...