IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හිටපු ඇමැති රවීට සිතාසි


 
(නිමන්ති රණසිංහ)   

 
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්කි ලබාදීමට  හිටපු ඇමැති රවී කරුණානායක මහතාට අපේ‍්‍රල් 23 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (9) නියෝගයක් නිකුත් කළාය. 

ආනයනික සුදු කැකුලූ සහල් විකිණීමේ කි‍්‍රයාවලියේ දී මිල දර්ශකයකට පටහැනිව සහල් මෙට්ටි‍්‍රක් ටොන් 1000ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 4ක් රජයට පාඩු කළැයි එවකට සතොස වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට එරෙහි අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් මෙම නඩුව විභාග කැරිණි.

ඒ අනුව අද (9) අධිකරණයේ පෙනී සිටින ලෙසට හිටපු අමාත්‍යවරයාට සිතාසි නිකුත් වී තිබූ අතර, පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වීමට ඇති බැවින් අධිකරණයට ඉදිරිපත් වීමට නොහැකි බවට ඔහුගේ නීතීඥවරයා අධිකරණයට සඳහන් කරනු ලැබීය.



අදහස් (4)

හිටපු ඇමැති රවීට සිතාසි

frank Friday, 09 March 2018 02:54 PM

මෙයා පාර්ලිමේන්තු නාවයි කියල පාර්ලිමේන්තුව වහන්නේ නැත.

:       21       86

ජගත් ලියනගේ Friday, 09 March 2018 04:17 PM

දැන් ඉතිං පාර්ලිමේන්තු ගියාද? එක පාරටම පාර්ලිමේන්තු යන්න පුදුම වුවමනාවක් ඇවිල්ලා නේද ?

:       17       76

Rohana Saturday, 10 March 2018 02:18 AM

මේ වගේ අය පාර්ලිමේතුවේ හිටියට හිරේ ඉන්න ඕන අය, එජාපය විනාස කලේ රවී, රනිල්, මලික්, මාර-පන.

:       93       348

Raveendra Saturday, 10 March 2018 04:32 AM

දුටුවිට රූපය නැගුනේ නළු රූපයකි... එලෙසම දක්ෂයකි රැගුමට පාලනයේ... මතකය නැතිවුණා කියලා බේරුනනේ... මම එක් අයෙකි නම නම් රවි නේ....

:       15       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site