(නිමන්ති රණසිංහ)
ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම මගින් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ගණකාධිකාරීවරයා වෙත රුපියල් මිලියන පහක මුදලක් ලබා දුන් බව පර්පචුවෙල් සමාමේ මුල්‍ය ගනුදෙනු කළ තැනැත්තකු සාක්කි ලබාදෙමින් පවසා ඇතැයි සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අද අධිකරණයට සඳහන් කළේය.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ පැවැති පර්පචුවෙල් ටෙෂරීස් සම්බන්ධයෙන් නඩුව කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
2017 වසරේදී ජනාධිපති කොමිසම පැවැතුණු කාල වකවානුවේදී මෙම මුදල් ලබා දුන් බවට පර්පච්‍රෙවල් ටෙෂරීස් සමාගම වෙනුවෙන් මූල්‍ය ගනු සිදු කළ තර්ටීස් ලංකා සිකියුරි ලංකා සමාගමේ නියෝජිත සුසිල් ඇන්ඩ්‍රසන් නැමැති අය මෙම සාක්කි ලබා දී ඇතැයි සොලිසර් ජනරාල්වරයා සඳහන් කළේය.
එසේම ඔහු එම මුදල් රවිකරුණානායක මහතාගේ ගණකාධිකාරීවරයා වන සින්නයියා මහතා වෙත ලබා දී ඇතැයිද සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි රවී මහත්තයට නම් ඕව කිසි දෙයක් මතක නැතුව ඇති!
අනේ මේ " ලෝකේ හිටපු "හොදම මුදල් ඇමතිගේ චග්ගොලයකුට නේද මේ අවලාද නගන්නේ ??? හැමදෙයක්ම රවී අයියට අමතක වෙන එකඉතින් අහන්ඩ දෙයක් තියෙනවාය... පව් අහිංසක රවියත් අදින්නේ ටයි කෝට් නොවැ.පේනවා නේද ටයි, කොට්කාරයෝ කොයිතරම් හොර තක්කඩි නම්බුකාරයෝ ද කියාල.
මේ අසරණයට ගොඩ එන්ඩ දෙන්නෙම නැද්ද?
මේවා විහිලුවට ගන්න එපා. මහා බැංකු හොරකම නිසා සියලු ජනතාව පිඩාවට පත් වෙනවා. කොහොමද ඒක වෙන්නේ ? සෑම භාණ්ඩ හා සේවාවකටම වැඩි කරන බදු වලිනුත් සේවක අර්ථසාධක ආදී අරමුදල් වලට ගෙවන පොලි ප්‍රතිශතය අඩු කිරීමෙනුත් ඒක සිද්ධ වෙනවා. අනේ මෙහෙමත් රටක් හා ජනතාවක්