IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


හිටපු ඇමැතිවරයකුගේ බලපෑමට බස්නාහිර සබේට වාහන 19 ක් කුලියට අරන්

(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)

බස්නාහිර පළාත් සභාවට කුලී පදනම යටතේ වාහන දහනවයක් ගැනීම සඳහා කෝටි දහනවයක් ගෙවන්නට සිදුව ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සුනිල් ජයමිණි මහතා ඊයේ (07) බස්නාහිර පළාත් සභාවේදී පැවැසීය.

ජයමිණි මහතා මෙසේ පැවැසුවේ සුනිල් විජේරත්න සභාපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ලඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි බස්නාහිර පළාත් සභාවේදී පැවැති පළාත් සභා රැුස්වීමේදී මහ ඇමැති ඉසුර දේවප‍්‍රිය මහතා වෙත ප‍්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි.

ඊට පිළිතුරු දුන් මහ ඇමැති ඉසුර දේවප‍්‍රිය මහතා මේ වාහන ලබාගෙන තිබෙන්නේ මහා භාණ්ඩාගාරයේ චක‍්‍රලේඛයකට අනුව වන නමුත් ඒවා ලබාගත් බව තමන් දැනගත්තේ මේ ප‍්‍රශ්නය ඉදිරිපත් වූ පසුව බව කීවේය.

මෙමගින් ඩබල් කැබ් රථ දාහකත්, වෑන් රථයක් හා මෝටර් රථයක් ලෙස වාහන දහනවයක් ලබාගෙන ඇති අතර ඒවායේ මාසික කුලිය කැබ් රථයකට 164,000ක්, මෝටර් රථයකට 126,000ක්ද වෑන් රථයකට 170,000ක්ද වන බවත් විධිමත් ටෙන්ඩර් පටිපාටියට මේවා ලබාගෙන ඇති නමුත් මේ ගනුදෙනුව නිසා සභාවට පාඩුවක් සිදුවන්නේද යන්න ඉදිරියේදී සොයා බැලිය යුතු බවත් ඔහු පැවැසීය.

මේ වාහන වසර පහකට ලබාගෙන තිබෙන අතර වසර පහ අවසානයේ වාහනය මුල් අයිතිකරුට හිමිවන බැවින් සභාවට කෝටි දහයක පාඩුවක් සිදුවන බවත් මෙවැනි තත්ත්වයක් යටතේ වාහන ලබාගෙන තිබෙන්නේ රජයේ හිටපු ප‍්‍රබල ඇමැතිවරයකුගේ බලපෑමට බවත් සුනිල් ජයමිණි මහතා පැවැසීය.



අදහස් (8)

හිටපු ඇමැතිවරයකුගේ බලපෑමට බස්නාහිර සබේට වාහන 19 ක් කුලියට අරන්

ranil Wednesday, 08 November 2017 07:12 AM

මෙම වාහන ලබා ගත් සියලු දෙනාගේ සියලු දේපල රාජසන්තක කර ජීවිතාන්තය දක්වා සිරගෙට යවන්න. ආයෙ කව්රුවත් මහජන මුදල් වලින් වාහන ගන්න එකක් නැහැ.

:       0       848

rohan perera Wednesday, 08 November 2017 08:41 AM

අමූලික බොරුවක් පළාත් සභාවේ ඉන්නේ බබ්බුද ඇමතිගේ බලපෑමට යට වෙන්න....

:       0       0

ලුම්බිණි Wednesday, 08 November 2017 08:52 AM

හිටපු ඇමැතිවරයකුගේ බලපෑම මෙහෙම නම් ඉන්න ඇමතිවරු කොහොම බලපානවා ඇද්ද? බැල මෙහෙවර කම් කරන්න පුරුදු වෙච්ච මිනිසුන් කරන්නෙම කවුරු හරි කියන දෙයක්මයි.

:       0       4

ravin Wednesday, 08 November 2017 09:20 AM

දැන් ඉන්න මහා ඇමැති මීට ඉස්සර හිටපු මහා ඇමතිගෙන් හා ඔය කියන ඇමතිගෙන් ලිඛිතව උත්තරේ අරන් මහජන හිත සුව පිණිස පල කරන්නකෝ. එහෙම නැත්තම් විශේෂ විගණන පරීක්ෂණයක් රාජ්‍ය විගණකාධිපති මගින් පවත්වා පල කරන්න. අපි හිතනවා අවශ්‍ය බලතල මහා ඇමැතිට හෝ පළාත් ආණ්ඩුකාරවරයට ඇතියි කියලා.

:       0       21

dias Wednesday, 08 November 2017 09:36 AM

ඇමැතිගේ නම කියන්න. එයා නීත්‍යානුකුල විදිහට වැඩේ කරලා තිබෙන නිසා කිසිම අග හිඟයක් වෙන්නේ නැහැ.

:       0       8

asuchi Wednesday, 08 November 2017 09:39 AM

රවී කරුණානායක තමා ඔය පිටිපස්සේ ඉන්නේ... චක්‍රලේඛනේ ගැහුවේ කොමිස් කන්න තමයි...

:       2       52

Lapaya Wednesday, 08 November 2017 09:45 AM

හිටපු මුදල් ඇමැතිගේ කොම්පැනිය වහන්න. මහබැංකු මුදල්වලින් ගත්ත ඒවා... මුකුත් කියන්න එපා... තාම දියවන්නාවේ ඉඳන් රට පාලනය කරනවා...

:       1       15

naradha Wednesday, 08 November 2017 10:58 AM

මේ පළාත් සභා සේවය කරන්නේ පළාතේ මහා ජනයාට නොව, පළාත් සභා වල සිටින නියෝජිතයින්ට සහ හිටපු නියෝජිතයින්ටයි. ළඟදීම පැවත්වෙන පළාත් චන්දෙට මේ නියෝජිතයින් ගණන දෙගුණ වෙන ප්‍රවෘතියක් මා දැක්කා. එහෙම වුනොත් සිදුවෙන මහජන බදු මුදල් විනාශය කාටත් සිතා ගත හැකියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 352 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site