රංජිත් රාජපක්ෂ
හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වෙලි ගම ප්‍රදේශයේදී හැටන් සිට සාමිමලේ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් 29 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කළ බව නොර්වුඩ් පොලිසිය කියයි.
අද (23) පස්වරුවේ මෙම අනතුර සිදු වී ඇති අතර අධික වේගයෙන් ධාවනය වු බස් රථය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයකට පෙරලි ඇති බව නොර්වුඩ් පොලිසිය කියයි.
තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද පොලිසිය සඳහන් කරයි.





COMMENTS
ශ්රී ලංකාවේ බස් රථ කියන්නේ ලොරි චැසි වලට සීට් සවිකර ධාවන කිරීමයි. දියුණු රටවල බස් සේවාව ගැන බලනවිට අද අපි සිටින්නේ ඉතා දුක්කිත තත්වයක. කවුරු කවදා මේවා නියමාකාරයෙන් දියුණු කරාවිද.?