(ගයාන් සූරියආරච්චි)

කැළණිය ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශයේ හිඟ වරිපනම් බදු නොගෙවන පුද්ගලයන්ගේ දේපළ තහනම් කරන බව කැළණිය ප‍්‍රාදේශීය සභාවේ ලේකම් කේ.එච්. කපිල කුමාර මහතා පවසයි.

2017 පළමු කාර්තුව වන විට රුපියල් කෝටි 4 කට ආසන්න හිඟ වරිපනම් කැළණිය ප‍්‍රාදේශීය සභාවට අය විය යුතු බවත් ජූලි මස 15 වැනිදාට ප‍්‍රථම හිඟ වරිපනම් බදු නොගෙවන්නන්ට 1987/15 දරණ ප‍්‍රාදේශීය සභා පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා කියයි.

කාර්තුව අවසන්වීමෙන් පසු ගෙවන හිඟ බදු මුදල් සඳහා 15%ක වරෙන්තු ගාස්තුවක් ගෙවීමට සිදුවන බවත්   කුමාර මහතා පවසයි.