(හර්ෂණ තුෂාර සිල්වා)
වැරැදීම් සිදුවිය හැකි නමුත් සැඟවීමට කිසිවක් නැතැයි ද යහපාලන ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට යන්නේ යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පැවැසීය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේදී පැහැදිලි කිරීම් සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව ප්‍රකාශ කළේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
“වැරදීම් වෙන්න පුළුවන්. අපි වැරැදි හදාගෙන ඉදිරියට යනවා. යහපාලන ආණ්ඩුව තවදුරටත් ඉදිරියට යනවා. මට අද ගොඩක් කරුණු සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. ආර්ථික ප්‍රතිපත්තිය, රටේ ණය බර, රටේ පැවැතුණු ආර්ථික අර්බුදය, ආර්ථිකයට සිදුව තිබූ හානිය ආදී බොහෝ දේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්නට මට අවස්ථාවක් ලැබුණා. මේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් මා කොමිසමේ සභාපතිවරයාට ස්තූතිවන්නත වෙනවා.
අපේ යහපාලන ආණ්ඩුව දිගටම යනවා. අපිට සඟවන්න දෙයක් නැහැ. ඒ අවස්ථාවේදී ගත යුතුව තිබූ නිවැරැදිම හා හොඳම තීන්දුවක් රටේ ආර්ථිකය වෙනුවෙන් ගත්තා. කඩා වැටී තිබූ ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම අපි බාරගත්තා. අපි එම වගකීම නොපිරිහෙළා ඉටු කරනවා” යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
කබීර් හෂීම්, සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම, සාගල රත්නායක, මංගල සමරවීර, ඩී.එම් ස්වාමිනාදන්, අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, තිලක් මාරපන, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක, දයා ගමගේ, ගාමිණි ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, පී හැරිසන්, චන්ද්‍රානී බණ්ඩාර යන අමාත්‍යවරුන්, මනෝ ගනේෂන්, රුවන් විජයවර්ධන, ඉරාන් වික්‍රමරත්න යන රාජ්‍ය අමාත්‍යවරුන්, තාරක හේමකුමාර, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, මුජිබර් රහුමාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් කොමිසමට පැමිණි අතර කොමිසම පිටතත් එක්සත් ජාතික පක්ෂ නියෝජිත විශාල පිරිසක් අග්‍රාමාත්‍යවරයාට සහාය දැක්වීම සඳහා පැමිණ සිටියහ.
COMMENTS
ඔක්කොම එළි වුනාට පස්සෙ හංගන්න දෙයක් නෑ නේන්නං.
දැන් ඉතින් හංගන්න දෙයක් නෑ.............ජනතාව ඔක්කෝම දැනගෙන ඉවරයි....
ගත යුතුව තිබූ හොඳම නිවැරදිම තීරණේ අර්ජුන් මහ බැංකුවේ අධිපති කරල බැඳුම්කරේ සල්ලි වලින් ඡන්දෙ කරන එක නෙමේයි අගමැතිතුමා. අපි හිතුවා ඔබට උදව් කරන ව්‍යාපාරිකයන්ගෙන් උදව් ගනීවි කියල. ඔබේ උගත්කම සහ හැකියාව පාවිච්චි කරේ ඉක්මනින් ගොඩ යන්න. හරිම කණගාටුයි.
ඇත්ත වක්කඩේ යකඩ වුනත් හංගන්න බැහැ. බාලංස පන්තියක දරුවෙකුටත් එය හොදින් තේරෙනවා. අත්දෙකේ ඇගිලි දහයෙන් විලි වහගන්න බැහැ කියලත් කිරි බොන දරුවෙකුත් දන්නවා මේ නොදරුව දන්නේ නැති වුනාට .
ඔබ අවංක නායකයෙක් ඔබට දුෂණ වංචා නැහැ. ඔබට සල්ලාල දරුවන්ද නැහැ, මේක ජනතාව හොදට දන්නා දෙයක්.
හොරාගේ අම්මගෙන් පේන අහළ වගේ..................
සඟවන්න දෙයක් නෑ තමා ,රටේ නීතිය හොදට නමනවා ,මෙය නීති සංගමයටම කල අපහාසයක් ඇයි මෙතුමාට පමණක් වෙන නීති වේදියෙක් ?මේ හොරු රැළ පන්නා දමන්න ඕනෑ...........රටේ නීතිය හරිම අවිනීතයි ............. එන්නෙත් හොරු යන්නෙත් හොරු ජනතාව ඉතාමත් අසරණයි..........
මෙතරම් නිර්ලජ්ජී අයෙක් මා නම් දැක නැත! නුඹලාට හිතෙන්නේ කෙසේද?
හංගන්න දෙයක් නැහැ. සල්ලි බෙදාගත්තේ සිංගප්පූරුවේදී බව රටම දන්නවා. ප්‍රශ්න පත්තරේ හැදුව නීති පති හැර.
ඔක්කොම හෙළිවුනහම තව මොනවා හංගන්නද ?
පුලුවන්නම් කරපන් හරියට බැරිනම් පලයන් එලියට ......හතලිස් වසරක් තිස්සේ වැරදි හදාගන්න බැරි අයවලුන් හෙවත් දේශපාලඥයන් ඉහද පනුවෝ තවමත් රට කා දමින් ඉන්නේය ....
ඒක නම් ඇත්ත අගමැතිතුමා සඟවන්න දෙවක් නම් නෑ තමා.මුලු රටම දන්නවා දැන් බැදුම්කරේ ගැන.තව මොන කතාද?
හංගන්න දෙයක් නෑ.හැංගෙන්න තමයි වෙලා තියෙන්නේ.............
මොයාලා ගංජා ගහලද අපි ගංජා ගහලද?
ඓහෙනම් මොකෝ පුට් නොට් කල්ලිය දැම්මේ ?? දැන් පටි රෝල් උනාම බබා වෙන්න හදනවා ...
හංගන්න දෙයක් නෑ මුලු ලංකාවම දන්නවා අලි බබා සහ හොරු 40 ගැන මහ දවල් බැදුම්කර කොල්ලය.............
හංගන්න දෙයක් නැතිනම් ඇයි සභානායක උඩ පැන පැන කියන්නේ තොරතුරු හෙළි වීම හෝ කිරීම හොරුන්ගේ වරප්‍රසාද කඩ වීමක් කියා?
හංගන්න දෙයක් නැහැල්ලු ඕක අපි දන්නේ බොහොම ඉස්සෙල්ලා. . පළමු වෙනියා හැටියට කොමිසමේ සාක්කි දීල ඕක කීවානම් අපි එකඟයි. නමුත් මේවන විට කගේ කාගේත් රෙදි ගැලවුනා දැන් හංගන්න දෙයක් නැතිබව කවුරුත් දැක්කා. හැදුවේ මුලින්ම අතින් වහන්නයි. මොකක් වහන්නද වැඩේ හබක්. අර කට්ටිය මගුල් ගෙදර යන්න වගේ ඇවිත් ඉන්නේ මොකටද හොරකම් එළිවෙන කොට ජයවේවා කියන්නද? මෙරටේ එහෙමනේ හොරකම් කර අසුවන දේශපාලුවාටත් ජයවේවා කියන්න පට්ට මෝඩ හතිකරයක්නේ ඉන්නේ. මෙයා මෙතැ ඇවිත් සාක්කි දීල යාවි මොන බම්බුවකටද මුන්ට ආරක්ෂාව දෙන්න මහජන මුදල් වියදම් කර මෙතනට මේ දේශපාලුවෝ අවේ? හා හා ශිරන්තී රාජපක්ෂට ජයවේවා කියන්න මිනිස්සු ආවානේ එකයි මේ.
“වැරදීම් වෙන්න පුළුවන්. අපි වැරැදි හදාගෙන ඉදිරියට යනවා. " මේව වැරදීම්ද? අපිත් කොමිසමේ සාක්කි අහගෙන බලාගෙන සිටියා . මේවගේ තව වැරදීම් දෙකක් උනොත් මෙරට ඉතුරුවෙන්නේ නැත. මේවා වැරදීම නොවෙයි හිතා මතා කරපු මංකොල්ල කෑම්. නැතිනම් විදේශිකයෙක් බැංකු අදිපතියා කොරන්නේ මොන මෝඩයාද? හරියටම කිනවානම් අපිටයි වැරදීම උනේ අපි එ්ක හදාගත්ත බව ළඟදීම පෙන්වන්නම්. ඔබලාට වැරදි හදන්නත් බැහැ ඉදිරියට යන්නත් බැහැ. යන්නේ අපිවත් ඇදගෙන ආපස්සට.
අගමැතිතුමනි, අපට ඕන කෙලින් පිළිතුරක්, ජනතාව ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ප්රශ්න වලට පිළිතුරු.., ඔබ මහා බැංකුවේ අධිපති ලෙස සිංගප්පුරුවේ පුරවැසියෙක් තෝරාගත්තේ ලංකාවේ සුදුසුකම් කුසලතා ඇති පුරවැසියන් නොමැති නිසාද? පත් කිරීමෙන් පසු ඔහුගේ රාජකාරි කටයුතු ගැන අධීක්ෂණය කලේද? මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවූ පසු ඔබ ඔහුට රැකවරණය සැලසුවා නේද? ඊළඟට මේ ප්‍රශ්ණය මතුවූ අවස්ථාවේ ඔබ පාර්ලිමේන්තුවේ නැගිටලා අර්ජුන් මහේන්ද්රන් ආරක්ෂා වන පරදි ලොකු ප්‍රකාශයක් කළා නේද? මහ බැංකුවේ බැඳුම්කර වංචාවෙන් සිදුවූ බිලියන 59 පාඩුව අය කරගන්නේ කෙසේද? කොමිසමේ නිර්දේශයන් නීති පති දෙපාර්තුමේන්තුවට යොමු කරනවද? ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවද? ජනතාව හොද අවදියෙන් ඉන්නේ . ජනතාව රවට්ටන්න බැරිබව තේරුම් ගන්න.
වැරදි සහ හොරකම දෙකකි .මහා බැංකුවේ මෙවැනි සිදුවීමක් වැරදි (අත්වැරැද්දක් ) ලෙස මෙතුමාට පෙනෙන්නේ නම් එය භයානක විහිලු වැකි.මිනිස්සුන්ට විඳවන්න බැරි තරමට ආර්ථිකය ,බැංකු පොලි එම හේතුව නිසාම ජනතාවගේ /ව්‍යාපාරිකයින්ගේ කටයුතුවලට ඇති වී ඇති බලපෑම සුළුපටු නොවෙයි.විහිළු සපයන්නේ නැතිව අලාභය හොරුන්ගෙන් ලබාගැනීමට කටයුතු කරන්න
හංගන්න අගමැති තුමාට කොහොමත් දෙයක් නෑ
"...පැමිණි අතර කොමිසම පිටතත් එක්සත් ජාතික පක්ෂ නියෝජිත විශාල පිරිසක් අග්‍රාමාත්‍යවරයාට සහාය දැක්වීම සඳහා පැමිණ සිටියහ." අනේ මෙහරක් එන්නේ මොන සහයක් දෙන්නද. හා හා අපේ නායක තුමාගෙන් ඔය ප්‍රශ්නය අහන්න එපා කියන්නද? හරකුන්නේ මේක අපේ සහ අපේ දරුවන්ගේ රටය මොකා වැරද්දක් කලත් එය අපිට සහ අපේ උපදින්න ඉන්න දරුවන්ටත් බලපානවාය. මිනිසුන් මේ නායකතුමා ගැන හිතුවේ බොහොම හිතා මතා හරි තීන්දු තීරණ ගන්නා කෙනෙක් හැටියටය එය පුස්සක් විය,නමුත් වැඩිදෙනා 2005 සිට දැනගෙන සිටියා මෙයා හරි තීන්දු තීරණ ගන්න පුළුවන් කෙනෙක් නොවන බව. රටට මේසා විනාසයක් කල මේ නායක තුමා පසුපස යන නුඹලා මී හරක් නොවෙයිනම් වෙන මොක්කුද.?
"මට අද ගොඩක් කරුණු සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. ආර්ථික ප්‍රතිපත්තිය, රටේ ණය බර, රටේ පැවැතුණු ආර්ථික අර්බුදය, ආර්ථිකයට සිදුව තිබූ හානිය ආදී බොහෝ දේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්නට මට අවස්ථාවක් ලැබුණා." අපි දන්නා දේ නම් කොමිසමේදී සාක්කි දෙන මොන ජගතාට උනත් අහනදෙට හැරන්නට වෙන අනම් මනම් දොඩවන්න ඉඩ ලැබෙන්නේ නැත. මහා බැංකු කොල්ලය, විදේශිකයකු මහා බැංකු අදිපති හැටියට පත් කිරීම, රටේ ආර්ථික ප්‍රතිපත්තිය, රටේ ණය බර, රටේ පැවැතුණු ආර්ථික අර්බුදය, ආර්ථිකයට සිදුව තිබූ හානියට සම්බන්ද වෙන්නේ කොහොමද? අනික් සාක්කි කරුවන්ගේ සාක්කි සහ අසූ පරස්න පුවත් පත්වල පළවුණා නමුත් මෙයා ගැන කිසිම සටහනක් තවම දුටුවේ නැත. බලමු බලමු එක සිහිනෙන් එළිවෙන්නේ නහල්ලුනේ
ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ටිකෙන් ටික හාස්‍යට පත් වෙමින් යන බවකුයි පෙනෙන්නේ.
මේවා කොහොමද මහත්තයෝ වෙන්න පුළුවන් වැරදි වෙන්නේ . දැන දැන නේද වැරැද්ද වෙලාතියෙන්නේ . ඔන්න අපේ ජනපති නම් දන්නේ නැහැ කියන්න පුළුවන්. එතුමා තොරතුරු දකින්නේ පත්තරෙන් නේ .
වැරැද්ද නම් වෙලා තියෙනවා ආයේ ගොඩ එන්න බැරි විදිහට නේද සර්?
ඔව් ඔව් හංගන්න දෙයක් නැහැ. හත්පොලේම ගාගෙන ඉවරයි.
දැන් ඔහොම බැලුවම මහින්දටත් පුළුවන්නේ ඇවිත් කියන්න වැරදීම් සිද්ධවෙන්න පුළුවන්, ඒත් හංඟන්න දෙයක් නෑ..වැරදි හදාගෙන ආයෙත් ආන්ඩුවක් කරනවා කියලා..
වැරදීම් උනේ මිත්‍ර සමාගම නිසා ශ්‍රිලංකාවේ පුරවැසියකු නොවන කෙනෙකුට මහා බැංකුවේ අදිපති කම දුන්නේ ඔබතුමාගේ බලවත් වුවමනාවට එහි නොමනා බව වැටහීමට තරම් ඔබ තුමාගේ බුද්දිය මද කම නිසා තමයි මේ සියලුම කරදර
"කේ. පාස්‌කරලිංගම් මහතා තමාගේ උපදේශකයකු ලෙස කටයුතු කරන බවත් නමුත් ඔහු එම රැස්‌වීමට සහභාගි වූ බව තමාව දැනුවත් කළේ නැතැයි ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේය." මේ අද පුවත්පතක තියන දෙයක්. රටකට ගිය කල අනේ අපොයි.
හංගන්න දෙයක් නැහැ කියල මුළු රටටම තේරෙනවා. එකනේ ඊයේ අධ්‍යාපන ඇමැතිත් කිඋවේ " අගමැතිතුමාගේ සුඛවිහරණයට මුදල් හොරකම් කලේ නැහැ" කියල. මුළු රටම දන්නවා හතර ගාතෙන් වැටිලා තිබුණු එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණ සල්ලි විසිකරලා හරි දිනන්න හදනවා කියල. මොකද මේ රට අවුරැදු 2 ට කරපු දෙයක් නැහැනේ, බිලියන දහස් ගණන් සල්ලි ණයට ගත්තට. ඇමතිලා, මන්තිරිලා ටිකට නම් වැඩක් උනා. මෙහෙම හොරකමක් මුළු ලෝකෙම වෙලා නැහැ. එත් තවමත් ලොකුකතා නම් තියෙනවා "ආර්ථිකේ හදල ඉවරඊ, දැන් තියෙන්නේ රට සංවර්දනය කරන්න " වගේ.
වැරදි නැති නම් කොමිසමට නෙමෙයි අපායට වුනත් යන්න බයවෙන්න ඕන නැහැ.
අපිටත් වැරැදි නිවැරිදි කරගන්න ඉක්මනින් ජන්දයක් තියන්න ..මොන බොරු කිව්වත් රටේ ආර්ථිකය කඩාගෙන වැටුණේ මහ බැංකු වංචාව නිසා කියලා අපි හැමෝම දන්නවා
හොරු එලවන්න කියල බලයට ඇවිල්ල මාසයක් යන්න කලින් බිලියන ගානක හොරකමක් කරපුඑකම මදිද?
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නොගෙවූ බිල් ගෙවීමටත් , රුපියල් 10,000 පඩි වැඩි වීමටත් හදිසි මුදල් අවශ්‍ය වූ බව නොරහසකි . හදිසි තීරණ ගැනීම හා ක්‍රියාමාර්ග ගැනීම නොවැලක්විය හැකිව තිබුණු බව පැහැදිලියි . එහෙත් ඒවා කිරීමේදී ඇතැමුන් සම්මත ක්‍රියා පටිපාට්යෙන් බැහැරව කටයුතු කිරීම මෙම විවේචන සියල්ලට මුලයි . මින් යුතු ලාබ ගත් අයගෙන් එය නැවත ලබා ගැනීම හා වැරදි කරුවන්ට දඬුවම් දීම කල යුතුයි .
ගරු අගමැති තුමා ජනාධිපති කොමිසමට අාවේ රටේ ප්‍රගතිය කියන්නද..............බදුන්කර වංචාවට අදාළ කරුණකටද .............මටනම් පෙනෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් වැනි දෙයක් මෙතන.........අරමුණ ජනතා රැවටීම ....මට හිතෙනවා රනිල් තරම් අසාර්ථක කපටි ශ්‍රී ලංකිකයෙක් තවත් නැත කියල.............අපරාදේ අපි රැවටුණා.....මෙයා බොරු රගපෑමක් කළේ............කල් මරන්න ජනතාව ගොනාට අන්දන්න හරි දක්ෂය කියල හිතුවට ජනතාව මෝඩ නැහැ...............
හන්ගන්ට බැලුව, හරි ගියේ නැහැ. පොතුත් ගැහුවා, නඩුත් දැම්ම එත් හරි ගියේ නැහැ.
වැරදීම් වලට දඬුවමුත් ලැබිය යුතුයි. ජනතාවට බර පටවන්න බැහැ.
මේකේ අදහස් දාන නඩුකාරහාමුදුරුවරු නඩුව අහල මෙතුමාව වරදිකරුත් කරලා ඉවරයි.
හංගන්න දෙයක් නෑ - අගමැතිතුමනි , ජනතාව දන්නවා ගජ මිතුරා කොහොමද ගැහුවේ කියල. ජනතාව බලාගෙන ඉන්නේ බිලියන 59 ක් රජයට සිදුකල පාඩුව අයකරගන්නා හැටි . .
ඔව් ඉතින් !හංගන්න දෙයක් නැහැ .හොරකම වංචාව යහපාලනයේ තේමාවනේ!
රටේ අර්ටික අර්බුද ගැන රටේ සංවර්ධනය ගැන නෙමෙයි. හොරකම ගැන අහන්න කතා කරලා තියෙන්නේ මෙයා බයිලා ගහනවා...............
වරෙල්ලකෝ ඔය පාර ඡන්දෙ ඉල්ලන්න.